IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ශ්‍රීලනිපයේ එකමුතුව අවශ්‍යයි‘

(විනීතා එම්. ගමගේ)

ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලූ දෙනාගෙන් ද ශ්‍රීලනිපයේ ඉන්න ගෞරවනීය නායකයින්ගෙන් ද පක්ෂයේ එකමුතුකම තබා ගන්නැයි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

පිරිසක් සුබවාදීව දෑත් දිගු කරද්දි සම්මුතිවාදි ආණ්ඩුව එක්ක බැහැ කියා  තවත් පිරිසක් පවසන බවත් එජාපයේ ඇමති ධූර දැරු අය ද මේ අතර සිටින බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය. 

කොළේ ඉරාගෙන ඇඟේ හළාගෙන පස්සෙ පසුතැවිලි වෙන්නේ නැතිව රටේ දැවැන්තම පක්ෂය ලෙස රට හදමු යැයි සියලූ දෙනාගෙන් ඉල්ලන බවද ඔහු කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(28) පැවති එහි තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවක් ඇමතූ බණ්ඩාර මහතා මෙසේ ද පැවැසිය.

‘‘මේ ඡන්දෙදි ඉදිරිපත් වෙන්නේ මෛත‍්‍රි මහත්තයාවත් මහින්ද මහත්තයාවත් අනෙක් නායකයන්වත් නොවෙයි, ගමේ නායකයිනුයි. ග‍්‍රාමිය නායකයන් පරදවලා ගෙවල්වලට කොටු කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ශ්‍රීලනිපය කියන්නේ අන්ත අසරණ දේශපාලන පක්ෂ්‍යක් නොවෙයි. මම ඉවත්වෙද්දි එතනට වෙන එන්න කෙනෙක් ඉන්නවා. සභාපති අයින්වෙද්දි එතනට එන්න කෙනෙක් ඉන්නවා. කවුරු කෑ ගැහුවත් වැඩක් නැහැ.’’ 



අදහස් (4)

‘ශ්‍රීලනිපයේ එකමුතුව අවශ්‍යයි‘

Senarath Wednesday, 29 November 2017 03:26 AM

දැනටම ආණ්ඩු පක්ෂය කොලේ ඉරාගෙන ඉවරයි. ඒකාබද්ධ විපක්ෂය එකතු උනොත් වෙන්නේ , ඔවූනුත් මේ මහා බැංකු කොල්ලයේ කොටස් කරුවෝ වෙනවා. මේ අවුරුදු 2 ට කරපු විනාසේ කොටස් කාරයෝ වෙනවා.

:       1       12

සුමතිපාල Wednesday, 29 November 2017 04:15 AM

ඡන්දෙ ලං වෙනකොට ඔබතුමාට ඇත්ත තේරෙන්න පටන් ගත්තට ඒකත් භාගෙටනේ තේරිලා තියෙන්නේ. එක්කෙනෙක් යනකොට තව කෙනෙක් ආවට මහින්ද මහත්තයට තියෙන ජනතා ආකර්ෂණය ශ්‍රී.ල.නි.ප.යේ වෙන කාටවත්ම මේ අවස්ථාවේ නැති බවත් තේරුම් ගන්න.

:       0       21

Bamunuarachchi Thursday, 30 November 2017 05:58 AM

‘ශ්‍රීලනිපයේ එකමුතුව අවශ්‍යයි‘ නැතිනම් ඕගොල්ලන්ට පැවැත්මක් නැහැ නේද?

:       0       1

Bamunuarachchi Friday, 01 December 2017 02:17 AM

"ශ්‍රීලනිපය කියන්නේ අන්ත අසරණ දේශපාලන පක්ෂ්‍යක් නොවෙයි. මම ඉවත්වෙද්දි එතනට වෙන එන්න කෙනෙක් ඉන්නවා. සභාපති අයින්වෙද්දි එතනට එන්න කෙනෙක් ඉන්නවා. කවුරු කෑ ගැහුවත් වැඩක් නැහැ.’’ කෙනෙක් ඉවත්වෙද්දි එතනට වෙන එන්න කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ එන පුද්ගලයා තනතුර කොරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. අර කොළඹ නගර සභාවට ත්‍රී වීලර් කාරයෙක් දාපු UNP ක්‍රමය හරියන්නේ නැත. දැන් රටට වෙලා තිබෙන දේ ඇස් ඇර බලා කතා කරන්න. රටක් කරන්න පුළුවන් පෞර්ෂත්වයක් ඇති කෙලින් තීරණ ගත හැකි කෙනෙක් රටේ නායකයා විය යුතුයි නේද. රට වෙනුවෙන් කෙලින් තීරණ ගන්න විට ඊට විරුද්ද වෙන්නන් රටේ පැවැත්මට විරුද්ද වන අය අතුරුදහන් වෙනවාය..... එය දේශපාලනයයි. ඉතිහාසය පුරාම තිබෙන්නේ ඔය කතාවයි. 2009 දී රට වෙනුවෙ තීරණ ගන්න වැනි වැනි සිටියානම් හෝ පාර්ලිමේන්තු තීරණ බලාගෙන හිටියානම් එක්කෝ අපි තාමත් යුද්ද කොරනවා නැතිනම් ප්‍රභාකරන් රට පාලනය කොරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site