IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීලනිපය අද වැඩ කරන්නේ එජාපයේ පදයට

(රවීන්ද්‍ර විරාජ් අබයසිරි)

‘‘අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ප‍්‍රතිපත්තියක් නෑ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය තියෙන්නේ අපේ ළඟ‘‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාතලේ දී පෙරේදා පැවසීය.

රාජපක්ෂ මහතා එසේ පැවසුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මාතලේ නිවසට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මාධ්‍යට අදහස් දක්වමින්  මෙසේද කීවේය.

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදියි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ. එදත් අදත් හෙටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කරන ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ වැනි පිරිස් අයින්කිරීම මම දකින්නෙ මෝඩ වැරැදි වැඩක් විදිහටයි. මොවුන්ට ඡන්දය දුන්නු පිරිසට කළ අපහාසයක් විදිහටයි මම දකින්නෙ.

අද උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ෆීල්ඞ් මාර්ෂල් කෙනෙක්ට භාරදීලා රටේ අද යුද්ධයක්ද තියෙන්නේ. මේ එන්න යන්නේ මොකාටද? අද ජනතාවගෙන් කම්කරුවන්ගෙන් පළිගන්නවා මේ ආණ්ඩුව. වෛරී දේශපාලනය තියාගෙන රටක් දියුණු කරන්න බෑ. මේ වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න  ඕන. අපි හිටියා අපි මේ විදිහට පළි ගත්තද? මේ වගේ දැන් අවුරුදු 2 යි මාස හතරක්ම කළේ පළිගැනීම විතරයි. මේ පහුවුණේ වැඩ කරන්න තිබුණ කාලයයි  දැන් ආණ්ඩුවේ බහින කාලය ඇවිත් තියෙන්නේ.

දැන් රටෙන් කොටසක් ඉන්දියාවට දෙන්න ගිවිසුමක් අත්සන් කරනවා. ත‍්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි ටික මේවා ගැන මේ ගොල්ලන්ට ගාණක්වත් නෑ. ඒත් මේ වැඬේ වැරදියි කියලා කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු පිරිසක් විරුද්ධ වුණා කියලත් මට ආරංචි වුණා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්න සිරිකොතෙන් දෙන ආසන සංවිධායකයින් පත් කරන අස් කරන වැඩපිළිවෙල අපි පිළිගන්නෙ නෑ. ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමතිකමින් අස් වුණේ මේ ප‍්‍රතිපත්ති සමග වැඩ කරන්න බැරි නිසයි. එවැනි එඩිතර පිටකොන්දක් ඔහුට තිබීම පිළිබඳ අපි සතුටු වනවා. අපි ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පවත්වන්න සියල්ල සූදානම් කරලයි තියෙන්නේ. ඒ සඳහා සහභාගී වන ලෙස සියලූ ජනතාවට ආරාධනා කරනවා යැයි රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පළාත් සභා මන්ත‍්‍රී පරාක‍්‍රම දිසානායක යන මහත්වරුද එක්ව සිටියහ.



අදහස් (2)

ශ්‍රීලනිපය අද වැඩ කරන්නේ එජාපයේ පදයට

Chanak Los Angeles Friday, 28 April 2017 05:28 PM

මොහු කතාකරන විදිහට මොහුට අතීතය අමතක වෙන රෝගයක් තිබෙනවා කියලයි අපිට හිතෙන්නේ?

:       310       149

athula Friday, 28 April 2017 07:12 PM

ඔයාල කරපු අපරාද ඇල්ලුවද ? නැහැ.... එයාල කරපු අපරාද ඔයාල ඇල්ලුවද ? නැහැ .... දෙගොල්ලම බොරුවට අපට පෙන්වනවා .

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site