IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විනාශ වී යන හාල් ගබඩා පිළිසකර කරනවා

(***ක.ග කරුණාරත්න)

රටට බත සපයන ගොවි ජනතාව ආරක්‍ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් රජය විසින් සැලසුම්කර තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) පැවැසීය.

විනාශවෙමින් පවතින සහල් ගබඩා ප්‍රතිසංස්කරණය කොට වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවද ඔහු කීය.
පොලොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය ප්‍රදේශවල පෙරේදා (5) පැවැති ජනහමු කිහිපයකට සහභාගි වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයාගෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව ඉල්ලා සිටියේ පසුගිය කන්නවලදී ඉහළ වී අස්වැන්නක් ලැබී ඇති බැවින් සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොතබන ලෙසය.

එයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ වී කිලෝවක් සඳහා ඉහළ මිලක් ලබාදීමටත්, විධිමත් ක්‍රමයකට වී මිලදී ගැනීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවය.

තමන් මුහුණදෙන වල්අලි තර්ජනය මෙන්ම පානීය ජල ගැටලු පිළිබඳව මෙන්ම ගොවිතැන් කටයුතු සඳහා කලට වේලාවට ජලය, බීජ වර්ග හා පොහොර නොලැබීමේ ගැටලු පිළිබඳව ද ජනතාව එහිදී ජනාධිපතිවරයා දැනුවත් කළහ.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසද ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ සංවිධානය කර තිබූ ජනහමුව සඳහා සහභාගී වූ ජනාධිපතිවරයාට ප්‍රදේශයේ මහා සංඝරත්නය යෝජනාවලියක් බාර දුන්හ. එම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලොන්නරුව දීප උයන ඉදිරිපිට සංවිධානය කර තිබූ ජනහමුවට සහභාගීවූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණ සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත විය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ද මහ මැතිවරණයට ඉදිරිපත්වන අනෙකුත් අපේක්‍ෂකයන් ඇතුළු විශාල පිරිසක්ද එම ජනහමුවලට සහභාගී වූහ.



අදහස් (0)

විනාශ වී යන හාල් ගබඩා පිළිසකර කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site