IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැටුණු ආර්ථිකය නංවන්න අයවැයෙන් යොජනාවක් නැහැ

(හර්ෂණ තුෂාර සිල්වා)


‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් කඩා වැටුණු මෙරට ආර්ථිකය නැංවීම සඳහා මෙවර අයවැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම් යටතේ බොහෝ පිරිසක් මෙවර අයවැය කෙරෙහි බලාපොරොත්තු රැසක් තබා සිටි බවත් ඒ කිසිවක් ඉටු කෙරෙන පොරොන්දු හෝ යෝජනා මෙවර අයවැයේ නැති බවත් සිල්වා මහතා කීය.


‘අයවැය කතාව 2021: විද්වත් පසුවිපරමක්’’ යන මාතෘකාව යටතේ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (17) පස්වරුවේ එම කරුණු සඳහන් කළේය.


ඉතිහාසයේ සිදුවීම් යනාදිය පසෙක තබා බැලීමේදී වුවද ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය යළි නැංවීමට මෙවර අයවැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත්ව නැතැයි ද මන්ත්‍රීවරයා කීවේය.


මෙවර අයවැයෙන් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයි ද මෙවර අයවැය දෙස බැලීමේදී එය වෙනත් විශ්වයක ලෙස ලියන ලද්දක් බව පෙනී යන්නේ යැයි ද ඔහු කීය.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් රට මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි තමා අපේක්ෂා කළ බවත් ණය අර්බුදය පමණක් නොවන ප්‍රධාන අභියෝග හා ප්‍රශ්න සම්බන්ධයෙන් ද මෙවර අයවැයෙන් කිසිදු අවධානයක් යොමු කර නැතැයි ද හෙතෙම කීය.


මෙම අයවැයේ සංඛ්‍යා විශේෂයෙන්ම ආදායම් සංඛ්‍යා කිසිවක් යථාර්ථවාදී නැතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය. 
 



අදහස් (1)

වැටුණු ආර්ථිකය නංවන්න අයවැයෙන් යොජනාවක් නැහැ

kapila Wednesday, 18 November 2020 11:25 AM

ඉතින් තමුන්ගේ කාලේ කොවිඩ්-19 නොතිබිලත් ආර්ථිකයේ නැංවීමක් තිබුනේ නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site