IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘වසර 11කට පසුවත් එජාපයට අපේක්ෂකයකු ඉදිරිපත් කරගන්න බැරිවෙලා’

(නිමල කොඩිතුවක්කු)
 
වසර  එකොළහකට පසුවත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය ලතවනබව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

රටට නායකයන් බිහිකළ එක්සත් ජාතික පක්ෂය පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් කනගාටුවෙන බවත්  මන්ත්‍රීවරයා  සඳහන් කළේය.
 
විපක්ෂනායක කාර්යාලයේ අද(21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද කීය.
                
“පළාත් සභා මැතිවරණය නෙමෙයි අද අවශ්‍යතාවය.  ඒ පිළිබඳ මත විමසන්න තිබුණේ  මීට බොහෝ කලින්. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් එවලා තියෙනවා. එතුමා කියනවා මන්ත්‍රීවරුන්ට  ව්‍යවස්ථාදායකයේ  කාර්යභාර්ය ඉටුකරන්නයි තියෙන්නේ කියලා.
                
දැන් එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැරිවෙලා තියෙනවා. 2018 ෆොන්සේකා මහතා ඉදිරිපත් කළා. 2015 දී අපේ මහලේකම්තුමන්ව  පොදු අපේක්ෂකයා විදියට හංසයා ලකුණින් ඉදිරිපත් කළා.  ජනාතා විමුක්ති  පෙරමුණ  අවුරුදු 20 කට පස්සේ මෙවර අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා.  එක්සත් ජාතික පක්ෂයත් අවුරුදු 11 කට පස්සෙ තමයි මේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න හදන්නේ. ඒකෙත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරුව දඟලනවා” යැයිද ඔහු එහිදි පැවැසීය.



අදහස් (0)

‘වසර 11කට පසුවත් එජාපයට අපේක්ෂකයකු ඉදිරිපත් කරගන්න බැරිවෙලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site