IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර

(යොහාන් භාසුර)

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අනුර කුමාර දිසානායක මහතා පළමු වරට පසුගිය ජනවාරි මස 9 වැනිදා රූපවාහිනී වැඩසටහනකදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බව පැවසූ බවත් මේ වන විට එම විවාදය පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ජයතිස්ස මහතා කියයි.

රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් බවත් යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් සහ එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම් බවත් ඒ මහතා කියයි.

විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත් සත්‍ය තත්වය නිවැරදිව තේරුම් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (10)

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර

Senaka Wednesday, 10 April 2024 10:22 PM

හිතුවේ නෑ නේද සජී අභියෝගය භාර ගනීවි කියලා. ලැජ්ජයි... මහ ලොකු ඩිග්‍රි කාරයෝ නේද ලොක්කො ටික? නොදකින් විතරක්. මහා ලොකුවට ජනාධිපති වෙලත් ඉවරයි සමාජ මාධ්‍යයේ නම්...

:       2       3

නිමල් Wednesday, 10 April 2024 10:37 PM

කවුරු මුලින්ම අභියෝගය කළත් ඔයාලා බයයි නේද විවාදෙට...? කයිවාරු ගැහුවාට ඔයාලාගේ හැමදේම ඔහොම තමයි කියලා අපි දන්නවා නලින්...!

:       2       3

ඉන්දික Wednesday, 10 April 2024 10:56 PM

සජිත් ඕනෑම වෙලේක විවාදයට එන්න සූදානම් කියලා ප්‍රසිද්ධියේ කියලා තියෙන නිසා. දැන් තියෙන්නේ අනුර මුලින් කිව්වා නම් ඒ විවාදේට දිනයක් දීලා එන එකනේ... ඕක කියව කියවා ඉඳලා කාලේ නාස්ති නොකර...

:       2       2

Prabha Wednesday, 10 April 2024 11:59 PM

අවසාන තීරණය ගන්නේ විධායක ජනාධිපති නම් විවාදය තියෙන්න ඕනේ ජනාධිපති අපේක්ෂකයන් අතර නේද?

:       0       3

මහසෙන් Thursday, 11 April 2024 08:23 AM

දැන් නම් මේ කයියනායක ජනපති සහ වෙන්න ජනපති පුතාණෝ සහ ඒ දෙන්නාගේම ගෝලයෝ අතරත් ලොකු වෙනසක් නෑ වගේ. දැන් මේ විවාදේ තමා දැවෙන ප්‍රශ්නය රටේ. ඕක කෙරෙන විවාදයකුත් නොවේ. දෙගොල්ලෝ පම්පෝරි ඔස්තාර්ලා කියලා රට්ටු දන්නවා. ඒ නිසා තාම බහුතරයක් මිනිස්සු තමන්ගේ ඡන්දය දෙන කෙනා තීරණය කර නැත්තේ.

:       1       2

සිල්වා Thursday, 11 April 2024 10:19 AM

විවාදයක් ගැන විවාද කිරිමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔබතුමා ජනතාවගේ බදු මුදලින් වෛද්‍යවරයකු වෙච්ච කෙනෙක්. කාලය නාස්ති නොකර වෛද්‍ය වෘත්තීය කිරීම රටට ඉතා වැදගත්ය.

:       1       2

Tharindu Thursday, 11 April 2024 11:36 AM

මේ නාට්‍යයත් අපේ රටේ රියලිටි,ප්‍රවෘත්ති වැඩසටහන් වගේ.අපි තමයි එක.හොඳම අපි...අපි මුලින් කරා වගේ...ඔක්කෝම තරු අපි හොරු... කතන්දර වැඩක් නෑ...හැමෝගෙම අදහස් වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා අපි ඉදිරි වසර 3 ඇතුළත මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි උනොත් ඉල්ලා අස්වෙනවා දෙයක් අනිවාර්ය කරන්න ඕනේ....වසර 77 එක සෙට් එකක් කාපු එකේ මේ අයටත් කන්න දෙමු වගේ හිත නිවන කතා දැන් වත් අපි නැවැත්විය යුතු ය

:       1       1

kotiya Friday, 12 April 2024 02:01 AM

ඔව් මට පේනවා ඉස්සෙල්ලාම විවාදයක් තියන්න වෙනවා කවුද මුලින්ම අභියෝග කලේ කියලා හොයාගන්න.

:       1       1

Don Friday, 12 April 2024 11:19 AM

කියුබාව දෙස බලන්න … සහෝදරයා කියුබාව දෙස බලන්න … නෑ නෑ කේරලය දෙස බලන්න මේ ගොල්ලන්ට ලෝක ආර්ථිකය ගැනවත් කියුබාව ගැනවත් කිසිම අදහසක් නැහැ … ජෝකර්ලා කියුබාව 1990 ගණන්වල සිට දරුණුතම ආර්ථික තත්වයන්ට මුහුණ දී ඇති අතර, මාස 12 ක් තුළ 224000 දෙනෙකුට පිටව යාමට … කියුබාව දෙස බලන්න … සහෝදරයා කියුබාව දෙස බලන්න … අපිට කියුබාව එපා යකෝ !!!

:       1       2

ලක්මින්ත ද සිල්වා Sunday, 14 April 2024 09:54 AM

අපට අවශ්‍ය විවාදය, අනවශ්‍ය දෑ අපි බලාගන්නම්...! පිළිගත හැකි වැඩ පිළිවෙළක්...!

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site