IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘විමල්ගේ බෝම්බ කථාව වැරදියි‘

(තිලකරත්න දිසානායක)   

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ප්‍රකාශය බරපතල තත්ත්වයක් බවත් මෙය පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට පෙළැඹවීමක් බවත් එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පියසිරි විජේනායක මහතා අද(25) ගම්පහදී පැවසීය. 

පාර්ලිමේන්තුවට බෝම්බ පහාරයක් එල්ලකළ යුතු බවට විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පියසිරි විජේනායක මහතාගේ ගම්පහ නිවසේදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසීය.

‘‘ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය දිනෙක ප්‍රකාශයක් කර තිබුණා පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බ දැමිය යුතු බව. මේ ප්‍රකාශයෙන් පක්ෂයේ ජාතික සංවිධායක විදියට මම තැති ගැන්වීමකට ලක්වුණා. මොකද මේ ප්‍රකාශය බොහොම බලවත් බරපතල  ප්‍රකාශයක් නිසා. මේ පිළිබදව පක්ෂයේ ක්‍රියාකාරීන් විවිධ ප්‍රදේශ වලින් විමසා සිටිනවා.  ඒ නිසා මම ජාතික සංවිධායක ලෙස පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් විමසා සිටියා මධ්‍යම කාරක සභාව මගින්වත් නොගත් තීරණයක් ප්‍රකාශයට පත්කරල තිබෙනවා. මෙය කුමක්ද කියලා. මහ ලේකම් වරයා කියා සිටියා එවන් තීරණයක් ගෙන නැති බව. ඒ නිසා විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කර ඇති බෝම්බ ගැසීමේ ප්‍රකාශය ඇත්තටම වැරදි ප්‍රකාශයක්. මෙය ජාතික නිදහස් පෙරමුණේ මතයක් නොවෙයි. ජාතික නිදහස් පෙරමුණේ තීන්දුවකුත් නොවෙයි. එය එතුමාගේ පෞද්ගලික මතයක් වෙන්න පුළුවන්‘‘ යැයි ද ඔහු කීවේය.

එමෙන්ම සාමකාමී රටක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදි දායාද කර  දුන් බවත් එබැවින් සාමකාමි රටක පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අවුලක් බවත් කී විජයනායක මහතා එම ප්‍රකාශය ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා එය වැරදි ප්‍රකාශයක් ලෙස සලකන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (6)

‘විමල්ගේ බෝම්බ කථාව වැරදියි‘

sathyayaa Wednesday, 25 October 2017 03:16 PM

එයා එයාගේ ජීවිතේ පටන් ගත්තෙත් මුළු ධනේශ්වර ක්‍රමයටම බෝම්බ ගහන්න ඕනේ කියලයි. පස්සේ කාලෙක ධනවාදී පාර්ලිමේන්තු කාරයින්ට එකතු වී ඒකේ රහ බලන ගමන් තමයි අතීත පුරුද්ද වැරදීමකින් වගේ ඔළුවට ඇවිත් තියෙන්නේ. ඒ අතින් විජේනායක හොඳයි.

:       49       20

Shanthimala Thursday, 26 October 2017 04:45 AM

උපවාස කරන උදවිය බෝම්බත් ගහනවද ? දන්නේ නැති නිසයි ඇහුවේ .

:       38       13

වින්සන්ට් Thursday, 26 October 2017 11:58 AM

නිතරම තමන්ගේ වලිගය තමන්ම පාගා ගෙන දඟලන දේශපාලකයන්ද ශ්‍රී ලංකාවේ නැතුවාම නොවේ. බොහෝ වෙලාවට කටින් පැවැත්ම ගෙන යන අය ඒ අතර වැඩියෙන්ම දකින්නට ඇත.

:       7       88

සෙනෙවි Thursday, 26 October 2017 12:21 PM

පියසිරි විජේනායක මහතා ජරාවක් කාලා වගෙයි පේන්නේ...

:       15       139

Sathyayaa Friday, 27 October 2017 10:38 PM

සත්‍යය ප්‍රකාශ කිරීම ජරාවක් කෑමක් නිසා සිදුවුණු බව කියන ඔබ ඇත්තෙන්ම ජරාව කා පාරම්බාන අයට කියන්නේ "බෝසත්වරු" කියලද?

:       32       2

Bamunuarachchi Saturday, 11 November 2017 11:51 AM

කිසිම වැරැද්දක් නැහැ... කරගන්න බැරුව මිසක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site