IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘විධායක ජනපති ධූරය නිසා රට ආරක්ෂා වුණේ නෑ‘

(විනීතා එම්  ගමගේ)

විධායක ජනාධිපති ධුරය නිසා රට ආරක්‍ෂා වුණා යැයි ඇතැම් අය කියතත් එය පිළිගත නොහැකි තර්කයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  විජිත හේරත් මහතා පැවැසීය.

විධායක ජනාධිපතිධුරය ඉවත් කළත් අවශ්‍ය නීති ව්‍යවස්ථාවට ඇතුළත් කර එම බලතල පාර්ලිමේන්තුව හරහා හෝ අගමැතිවරයා හරහා කි‍්‍රයාත්මක කළ හැකි  යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ එම පක්ෂයේ මුලස්ථානයේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකදීය.

‘‘වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බවට ප‍්‍රකාශයට පත්කරපු වෙලාවේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක‍්‍රමය පාවිච්චි කරලා රට ආරක්‍ෂා කරගත්තා කියලයි කියන්නේ. නමුත් 78 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධුරයට එවැනි බලතල ලැබිලා නැහැ. හදිසි පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තමයි වර්ධරාජා පෙරුමාල්ගේ ප‍්‍රකාශය නීත්‍යානුකූල වශයෙන් පරාජයට පත්කළේ. එනිසා විධායක ජනාධිපති බලතල පාවිච්චි කරලා රට බේරාගත් බවට කරපු එම ප‍්‍රකාශය අසත්‍ය එකක්. ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් ඉවත් වන්නෙත් නැහැ. විධායක බලතල තමයි අඩුවෙන්නේ‘‘ යැයි ද ඔහු කීය.



අදහස් (1)

‘විධායක ජනපති ධූරය නිසා රට ආරක්ෂා වුණේ නෑ‘

sathyayaa Wednesday, 25 October 2017 12:18 AM

ඔය හදාගෙන ඉන්නේ රටට ආදරය කරන විධායක අගමැති කෙනෙක්. මහා බැංකු කොල්ලයේදී විධායක ජනාධිපති නොසිටින්න රනිල් ජනාධිපති. අර්ජුන් මහේන්ද්‍රන් අගමැති. අර්ජුන් ඇලෝෂියස් මුදල් ඇමති. නාම මාත්‍රයට හෝ අර්බූද කාරී අවස්ථාවක විධායක ජනාධිපති කෙනෙක් ඉඳීමේ වැදගත් කම මුදලාලිලාගේ කුඹුරුවල මේ දවස්වල ගොයම් කැපීමේ යෙදී ඉන්න දෑකැති මිටිවල ට වැටහෙන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site