IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විධායක ජනපතික්‍රමය අහෝසිකරන්න අගමැති කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒම හෙළාදකිනවා

(නාලක සංජීව දහනායක)
 
අගමැතිවරයා තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (20) පැවැසීය.
 
එමෙන්ම එම කුමන්ත‍්‍රණය පරාජය කළ සියලූම කැබිනට් ඇමතිවරුන්ට ස්තූතිය පළකරන බවද ඔහු කීය.
 
මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.
 
“19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙනාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට පොරොන්දු වෙලයි. එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර මහතා හැරුණුවිට අනෙකුත් සියලු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන්නා. නමුත් ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් රට අනවශ්‍ය දේශපාලන ප‍්‍රශ්නයකට තල්ලුකරලා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒම මඟ හැරියා. ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා ජාතියෙන් සමාව ගතයුතුයි.
 
පාස්කු ප‍්‍රහාරය එල්ලවු අවස්ථාවේදිත් හදිසියේ රැස්නොවුණු කැබිනට් මණ්ඩලය 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය ගෙනඒම සඳහා රැස්කළා. අගමැතිවරයාගේ උවමනාව මත රැස්වූ එම කැබිනට් රැස්වීමේදී ඔහු විසින් 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළා. නමුත් ඔහුගේ උත්සාහය සාර්ථක වුනේ නැහැ. තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අගමැතිවරයා මෙවැන්නක් ගෙනඒම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. එමෙන්ම ඒ කුමන්ත‍්‍රණය පරාජය කළ සියලූම කැබිනට් අමාත්‍යවරුන්ට අපි ස්තූතිය පළ කරනවා.”
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

විධායක ජනපතික්‍රමය අහෝසිකරන්න අගමැති කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒම හෙළාදකිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site