IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව මනෝ රාජ්‍ය සංකල්පයක් පමණයි

(ජයන්ත සමරකෝන්)

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජාතික විමුක්ති පෙරමුණු යෝජනාව මුළුමනින්ම ඔවුන්ගේ මනෝ රාජ්‍ය සංකල්පයක් පමණක් යැයි ද ඉහළම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට යාමෙන් රටක් අස්ථාවර වීමට හෝ අරාජික වීමට ඉඩ දිය නොහැකි යැයි ද මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (28) පැවැසීය.

මෙය එක වර්ගයක ගෙයක් ඉදිකිරීමට දැමූ අත්තිවාරමක් මත ඊට සහමුලින්ම වෙනස් ගෙයක් ඉදිකිරීමට සමාන දෙයක් බව ද බත්තරමුල්ල ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කීය.

විසි වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය බලරහිත කිරීම පිළිබඳව ජාතික හෙළ උරුමයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු විධායකයේ ස්වභාවය පිළිබඳ ප්‍රතිපාදන පදනම් කරගෙන ගොඩනඟා ක්‍රියාත්මක කරනු ලබන ඓන්ද්‍රීය පද්ධතියක්.

දැනට මෙරට ක්‍රියාත්මක වන්නේ අර්ධ ජනාධිපති නැත්නම් මිශ්‍ර ක්‍රමයක්. ලංකාවේ සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසා ඇත්තේ ඊට ගැළපෙන අයුරින්ම. එසේ යම් නිශ්චිත ආකෘතියකට අවශ්‍ය පරිදි ගොඩනඟා ඇති ආණ්ඩුක්‍රම පද්ධතියකට ඊට සහමුලින්ම වෙනස් කැබිනට් ක්‍රමය කෘත්‍රිම ලෙස පූට්ටු කිරීමට උත්සාහ ගැනීම අවදානම් සහගත කටයුත්තක්.

මෙහි ප්‍රතිඵලය ව්‍යසනකාරී එකක්වීමේ ඉඩකඩ වැඩියි.

ඒ අනුව ජවිපෙ යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය අතිශයින්ම වැරැදි සහගත එකක්.
රටක ස්ථාවරභාවය පිළිබඳ කරුණු නොසලකා මූලධර්මවාදී ආකාරයෙන් ලෝකයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ජවිපෙ ගන්නා උත්සාහයෙන් සිදුවන්නේ රට අස්ථාවර හා අරාජික තත්ත්වයට පත්වීම පමණයි.
නේපාලය හා මාලදිවයිනට අද ඇති වී තිබෙන්නේ එවැනි ආකාරයේ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයි.
එම රටවල අද වනවිට ප්‍රජාතන්ත්‍රවාදයත්, ස්ථාවර භාවයත් දෙකම නැතිවෙලා.

1978 ව්‍යවස්ථාවෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති ක්‍රමය සමඟ එම මැතිවරණ ක්‍රමය තිබෙන්නට ඉඩ හැරියා නම් එමඟින් අසීමාන්තික ඒකාධිපති ක්‍රමයක් ඇති වෙනවා.

නව ක්‍රමයෙන් සිදුවූයේ ජනාධිපති ධුරයේ බලය නංවන අතර, විධායකයේ නායකත්වය යටතේ පවතින ආණ්ඩු පක්‍ෂයට විශාල බලයක් නොලැබෙන මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීමයි. එනම් සමානුපාතික ක්‍රමයයි.

කැබිනට් ක්‍රමය හා සරල බහුතර මැතිවරණ ක්‍රමයත්, ජනාධිපතිවරණ ක්‍රමය හා සමානුපාතික මැතිවරණ ක්‍රමයත් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය අනුපූරකයන්ය. වෙනස් කරනවා නම් මේ දෙකම වෙනස් විය යුතුයි.

විසිවන සංශෝධනය මඟින් යෝජනා කරන්නේ සමානුපාතික ක්‍රමය තිබියදී ජනාධිපති ධුරය අහෝසි කිරීමටයි. එහි ප්‍රතිඵල භයානකයි.

ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධීය යන අදහස පදනමක් නැති එකක්.
අප කළ යුත්තේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොව එය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමයි.
19 වන සංශෝධනය මගින් එහි යා හැකි උපරිම දුරට එම අරමුණු ඉටුකර අවසන්.
ජනතාවට අවශ්‍ය ව්‍යවස්ථා වෙනසක් නොව මේ රට රටක් ලෙස සංවර්ධනය වනු දැකීමයි.
ඡන්ද ක්‍රමය වෙනස් නොකර ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමෙන් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකියි.
මේ දෙකම එකට තිබිය යුතුය යන ස්ථාවරයේ අපි එදත් සිටියා, අදත් සිටිනවා. මෙය වෙනස් වුණොත් රට අස්ථාවර වේවි.

මෙබඳු අතිශයින්ම තීරණාත්මක කරුණක් සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ රටේ යහපතට ප්‍රමුඛතාව ලැබෙන පරිද්දෙන්.

නව ව්‍යවස්ථාව සංශෝධනයකට අපි සූදානම්. නමුත් ජවිපෙ ඉදිරිපත් කර ඇති විසිවන සංශෝධනයට අපි එකහෙළාම විරුද්ධයි.”

වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

 



අදහස් (5)

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව මනෝ රාජ්‍ය සංකල්පයක් පමණයි

ravi Tuesday, 29 May 2018 12:44 PM

විධායක ජනාධිපති ධුරය තිබීම හෝ නොතිබීම ජනතාවගේ පැත්තෙන් එතරම් වැදගත් නැත. නමුත් එය දරන්නා ජනතාව වෙනුවෙන් ගන්නාවු තීරන තමයි වැදගත් වන්නේ. අනෙක් අතරට රටක ජනතාව⁣ වෙනුවෙන් ගනු ලබන තීරන හරි හෝ වැරදි වේවා එය අනුමත කරන නූගත් ආත්මාර්තකාමී තමාගේ වත්කම් වැඩිකර ගැනීමට හැම විටම තීරන ක්‍රියාත්මක කරනබහුතර පාලකයින් සිටින රටක පාර්ලිමේන්තූවට බලය ලැබීම කොතරම් උචිතද යන්න ජනතාවිමුක්ති පෙරමුන වුවද සිතනවා නම් යෙහෙකි. ප්‍රශ්නය ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ නොව තමා බලයට ගෙන ආ ජනතාව වෙනුවෙන් එය භාවිතා කරන ආකාරයයි.

:       0       9

Saththaya Wednesday, 30 May 2018 04:27 AM

ඔව් ඉතින් දුෂිතයෝ දේශය පාලනය කරන මේ රටේ ඕක අහෝසි කරන්න අමාරුයි . ඒ අයට හොර මැරකම් කරලා බේරෙන්න ජනාධිපති ධුරය තියෙන්න ඕනා. ඔබලා ගිය ජනාධිපතිවරණයේදී , ප්‍රධාන මාර්තෘකාව කරගත්තේ මොනවාද ? ඡන්දදායකයාව විහිළුවක් ඔබලාට.

:       151       72

de silva Wednesday, 30 May 2018 12:09 PM

ඕක අහෝසි කරලා අර 77 ඉස්සර තිබුන කොට්ටාශ ක්‍රමය නැවත ගෙන එන්න එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණනත් අඩුවෙනවා , අපේ බදු සල්ලිත් ඉතුරු වෙනවා

:       0       22

Bamunuarachchi Wednesday, 30 May 2018 07:06 PM

සිල්වා විධායක ජනාධිපති ක්‍රමයි කොට්ටාස ක්‍රමයෙයි සම්බන්දය මොකක්ද?

:       0       1

kalani Sunday, 03 June 2018 10:27 AM

2025 ඔබේ ජනාධිපති සිහිනය. නිසා එය මනෝරාජිකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 209 1

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1462 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 949 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7425 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 447 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 115 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1140 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site