(ශාන්ත චන්ද්‍රසිරි)
මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනයාගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙකුට ලබාදෙන බව විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා අද(23) පැවැසීය.
තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.
“අපි දැන් ඊළග ජනාධිපතිවරණය ගැන සිතන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී ආයේ ඉල්ලන්නේ නැහැ කියලා අපිට දැනගන්න ලැබුණා. කඳුකරයේ ජනතාවට වැඩ කරන්න පුළුවන් ජනාධිපතිකෙනෙක් පත්කර ගන්න ඕනෑ. 1980 ගණන්වලදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වතුකරයේ ජනතාව ගැන හිතලා යම් කිසි වැඩක් කළා. ඒක අපි අගය කළ යුතුයි. එතුමා 1989 වතුකරයේ ජනතාවට පුරවැසිභාවය දුන්නා. අද අපි ඡන්දය දෙන්නේ ඒ නිසයි”
“වතුකරයේ ජනතාව එතුමා කළ ලද වැඩ අමතක කරන්න හොඳ නැහැ. එතුමාගේ උරුමකරුවෙකු ඉල්ලනවා නම් වතුකරයේ ජනතාව එතුමාට සහයෝගය දෙන්න ඉදිරි මැතිවරණයේදී බලාපොරොත්තු වෙනවා. එතුමා වගේ ජනාධිපති කෙනෙක් ආයේ මේ රටේ පත්වෙනවානම් ඒ වගේ අයෙකුට සහයෝගය දෙන්න වතුකරයේ ජනතාව සුදානම්” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

2025 දෙසැම්බර් මස 18
308
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වතුකරේ දෙමළ ජනයාගේ සහය රණසිංහ ප්‍රේමදාසගේ උරුමකරුවාටයි’