IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


වික්‍රමසිංහ-රාජපක්ෂ කල්ලිය සමගිජන බලවේගයට එරෙහි කුමන්ත්‍රණයක


(නිමල කොඩිතුවක්කු)
 
මහ මැතිවරණයට ආසන්න දින කිහිපයේදී වික්‍රමසිංහ-රාජපක්ෂ කල්ලිය එකට එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජනබලවේගයට එරෙහිව  කුමන්ත්‍රණ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද(29) කොළඹදී පැවසීය.
 
මධ්‍යම සංස්කාතික  අරමුදලේ මුදල් වංචා කළ  බවට රාජපක්ෂ කල්ලිය චෝදනා නගන විට වික්‍රමසිංහ කල්ලිය සමගි ජනබලවේගයෙන් තරග කරන  පිරිස් දොට්ට දමා ඇති බවට ප්‍රචාර සිදුකරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
 
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුලු සියලුම පිරිස ආරක්ෂා කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජනබලවේගය කටයුතු කරන බවද මදුදුමබණ්ඩාර මහතා කීවේය. එළැඹෙන අගෝස්තු පස් වෙනිදා රාජපක්ෂ සහ වික්‍රමසිංහ කල්ලිය එකට තබා පරාජය කිරීමට ජනතාව කටයුතු කරනු ඇතැයිද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද කීවේය.
  
 “මැතිවරණයේ අන්තිම සතිය වනවිට  රට පුරා විශාල පිරිසක්  සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත්  සමගි  ජනබලවේගයේ දුරකතනය වටා එක්රැස් වී තිබෙනවා.  අවසාන සතිය  වනවිට රාජපක්ෂ වික්‍රමසිංහ කුමණ්ත්‍රණය දැන් කරලියට ඇවිත් තියෙනවා.සජිත් ප්‍රේමදාස මහතාටත් අපේ පක්ෂයටත් එක පැත්තකින්  රාජපක්ෂවරු බොරු චෝදනා එල්ල කරනවිට අනික් පැත්තෙන් මිනිස්සු බයකරලා  හරි යමක් කරන්න ඕන කියලා රනිල්  වික්‍රමසිංහ  මහතාගේ කල්ලිය අද කටයුතු කරනවා. මේක දෙගොල්ලො එකතුවෙලා කරන වැඩක්.
දැන්  වික්‍රමසිංහ කල්ලිය මහමැතිවරණයට දින කිහිපයක් තිබියදී අපේ අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම්  කරලා ඉවත් කරන්න යනවලු. මේ රටේ  මහජන ඡන්දයෙන් පත්වෙච්ච  මන්ත්‍රීවරුන් ඉවත් කළයුත්තේ කරුණු විමසලා විභාගයක් තියලයි. සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පිරිසත් ඉවත් කරලද කියලා එක්සත්  ජාතික පක්ෂයේ සුලු පක්ෂයේ ලේකම්වරයාගෙන්  අපි අහනවා. අපේ පලාත්  පාලන මන්ත්‍රීවරුන් ඇතුලු සියලු දෙනාගෙම මන්ත්‍රීකම් ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. දැනටමත් අපි ජනාධිපති නීතීඥවරුන් මාර්ගයෙන් අවශ්‍ය නිතිමය පියවර ගෙන තිබෙනවා. 
බෝගොල්ලාගමගෙ ඉදලා මන්ත්‍රීවරු  තිහ  හතලිහක් ඉවත් වෙලා ගියා. එක්කෙනෙක්වත්  ඉවත් කරන්න බැරිවුනා.  අද අනිතිම  සතියේ දේශපාලන වාසි ගන්න  මන්ත්‍රීවරු බය කරන්න තමයි මේ හදන්නේ. මහමැතිවරණයේ අන්තිම සතියේ දේශපාලන වාසි ගන්න  මන්ත්‍රීවරු බියගන්වන්න  තමයි මේ හදන්නේ.  ඡන්ද නැතිවනවිට රනිල් වික්‍රමසිංහ ඇතුලු මේ කණ්ඩායම කරන බාල වැඩවලට අපේ මන්ත්‍රීවරු රැවටෙන්නෙත් නෑ, බයවෙන්නෙත් නැහැ කියලා අපි කියනවා.අපි සිරිකොත අල්ලනවා කියලා දැන් කියාගෙන  යනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ  සියල්ල අපි අල්ලලා තියෙන්නේ. පස්වෙනිදා ඡන්දයෙන් මේ අයට තේරෙයි.  පාලුවට ගිය  සිරිකොත මන්දිරය  අල්ලන්න අපිට අවශ්‍ය නැහැ. දුම්මල ගහලවත් එලවන්න බැරි  මලපොර්තයෝ කුම්බාන්ඩයො විතරයි එතන දැන් අරක් ගෙන ඉන්නේ.
ලබන  පස් වෙනිදාට ඔය කියන කණ්ඩායමට  මන්ත්‍රීකමුයි තනතුරුයි ඔක්කොම නැතිවෙනවා කියලා  ආණ්ඩුවත්  එක්ක ඩීල් දාන එක්සත් ජාතික පක්ෂයේ සුලුතර කණ්ඩායමට අපි කියනවා.ලෝකයේ හොඳටම  කොරෝනා පාලනය කළේ මේ ආණ්ඩුව කියලා මේ අය කියනවා. මේ රටට ආදායම උපයන රටවිරුවන් ගෙන්වගන්න ඇයි කටයුතු කරන්නේ නැත්තේ කියලා අපි අහනවා. ලබන පස්වෙනිදා අපි  බලය ගත්තම කන්න නැතුව, අසරණව කඳවුරුවල සිටින සියලුම විදේශගත ශ්‍රමිකයන් ගෙන්වගන්න අපි කටයුතු කරනවා” යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (1)

වික්‍රමසිංහ-රාජපක්ෂ කල්ලිය සමගිජන බලවේගයට එරෙහි කුමන්ත්‍රණයක

vinivida Wednesday, 29 July 2020 01:32 PM

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවූ දා සිට පක්ෂයට ශක්තියක් නොවූ සෑම අවස්ථාවකම පක්ෂය විනාශකිරීමට උත්සාහ කළ පක්ෂය තුළ කල්ලි කල්ලි කණ්ඩායම් සෑදු දේශපාලනය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති අවස්ථාවේදී කණ්ඩායම වෙනත් පක්ෂයක් සාදාගෙන ඇත. මොවුන් අධිකරණයට පවා රැවටීමට උත්සාහ දරා ඇතිබව කියනු ලැබේ. එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය සඳහා මේවනවිට අපහසු වුවත් පක්ෂයේ අනාගතය උදෙසා නිවැරදි තීන්දුවක් ගෙන පක්ෂයෙන් වෙන්ව ගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කොට ඇත. එය කළයුතුම දෙයකි. එසේ නොකරන්නේ නම් පක්ෂයට ඉදිරි ගමනක් නැත. එම තීන්දුව සඳහා එකසත් ජාතික පක්ෂයට මේ ලැබී ඇත්තේ සුදුසුම අවස්ථාව වේ. මොවුන් පක්ෂයේ සිටියේ නම් කිසිදිනෙක පක්ෂය ශක්තිමත් වන්නේ නැත. රටේ බහුතර පිරිසකගේ සහ විශේෂයෙන්ම තරුණයින්ගේ මතය වනුයේ සජිත්ට රටක නායකත්වයට සුදුසු පුද්ගලයකු නොවන බවකි. පොරොන්දු දුසින් ගණනක් ඉදිරිපත් කළද එම පොරොන්දු ඉටුකිරීමට මුදල් ලබා ගන්නේ කෙසේද කියාවත් ප්‍රකාශ කරන්නට හැකියාවක් ඔහුට නොමැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site