IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලෝක බැංකුවෙන් දුන් ආධාරවලට මොකද වුණේ?

(*** අංජුල මහික වීරරත්න)

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා රජය අනුගමනය කරන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (7) පැවැසීය.

කොරෝනා මර්දනයට ලෝක බැංකුවෙන් ලබාදුන් ආධාර කුමක් සඳහා වියදම් කළේද යන්න රජය වහා හෙළි කළ යුතු බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා සංඛ්‍යා ලේඛන සහ තොරතුරු වසන් කරමින් රජය තම දුර්වල බව වසා ගැනීමට සැරසෙන බවද සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් සහ නියෝජිත පිරිසක් අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මෙම හමුවේදී  අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

තමා ඇතුළු විපක්ෂය අවස්ථා ගණනාවකදී ම කොරෝනා අසාධිතයින් හඳුනා ගැනීම සඳහා  සිදු කෙරෙන PCR පරීක්ෂණ ප්‍රමාණය දිනකට පන්දහසේ සීමාව දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියා. රජය පසුගිය පෙබරවාරි 18 වෙනිදා සිට අද දක්වා සිදුකර ඇත්තේ දිනකට PCR පරීක්ෂණ 690 කට ආසන්න සංඛ්‍යාවක් පමණයි.

ලෝකයේ බොහෝ දියුණු දේශපාලන සංස්කෘතියක් හිමි රටවල සියලු‍ම විපක්ෂ කණ්ඩායම් තම රාජ්‍යයන් හි ආණ්ඩුවල කටයුතුවලට සහාය ලබා දෙමින් කටයුතු කළා සේම එක්සත් ජාතික පක්ෂය ද කොරොනා වසංගතය ට මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තිය ආණ්ඩුවට ලබාදුන්නා. එමෙන්ම පසුගිය මාර්තු 28 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ද  එක්සත් ජාතික පක්ෂයේ  ස්ථාවරය පැහැදිලි කළා.

එදින ලංකාවෙන් වාර්තා වී තිබුණේ කොරෝනා ආසාදිතයින් 102 ක් පමණයි. ඒ වන විට කිසිදු මරණයක් වාර්තා වී තිබුණේ නෑ. නමුත් මේ වන විට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1814 සීමාව ද ඉක්මවා තිබෙනවා.

රජය, විපක්ෂයේ අදහස් පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් පවා බැහැර කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියා.

මෙරට ජනගහනය මෙන් තුන්ගුණයක ජනගහනයක් ජීවත් වන චීනයට අසල්වැසි රටක් වන වියට්නාමයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවමත් 350 සීමාවේ පවත්වා ගැනීමටත් කිසිදු මරණයක් වාර්තා නොවීමටත් හේතු වී ඇත්තේ නිවැරදි සෞඛ්‍ය පරීක්ෂාවයි. චීනය අසල්වැසි කාම්බෝජයේ ද මේ දක්වා කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ.

මෙරට රජය නිවරැදි  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් බොහෝ කාලයක් රට අගුලු‍ දමා තැබීමට සිදු වූවා. ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකීම ද රජය විසින් දැරිය යුතුයි.

මේ තත්ත්වය තුළ බොහෝ පිරිසකට තම ආදායම් මාර්ග අහිමිවෙලා. ආණ්ඩුව මෙම ගැටලු කිසිවක් තැකීමට ලක් නොකොට කොරෝනා වසංගතයෙන් දේශපාලන වාසි ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ දරනවා. ඒ තම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් යොදා ගනිමින් සිදුකළ සහනාධාර බෙදා දීමේ වැඩ පිළිවෙළ දේශපාලනීකරණය කිරීම හරහා බව සඳහන් කළ යුතුයි.

මේ චෝදනා වල සම්පූර්ණ වගකීම කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුව භාර ගත යුතුයි. මුහුණු ආවරණ,සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ආදිය නිසි කලට වේලාවට ගෙන්වා නො ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරියද වග කිව යුතුයි.
ආණ්ඩුව නිසි ක්‍රමවේද බැහැර කරමින් ඕනෑම දෙයක් බාර ගන්නා යාචක ප්‍රතිපත්තියක් අනුව යමින්  චීනය ඉන්දියාව සහ පාකිස්තානය විසින් ලබා දුන් ඇතැම් ද්‍රව්‍ය භාරගත් අයුරු අප දුටුවා.

කොරෝනා මර්දනය කිරීම සඳහා ලෝක බැංකු මෙරටට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 230ක මුදල වැය කළේ කුමකට ද යන්න පිළිබඳව රජය හෙළි කළ යුතුයි.

රජය නිසි පරිදි කටයුතු කළා නම් නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් හරහා කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම සිදු නොවන්නට ඉඩ තිබුණා.

කෙරෝනා මර්දනය සඳහා කැපවී සිටින නිලධාරීන් සඳහා අවශ්‍ය උපකරණ නිසි අයුරින් ලබා දීමට තවමත් රජය අපොහොසත් වී තිබෙනවා. මෙහි පීඩනය සමාජයේ සියලු‍ දෙනාටම විඳීමට සිදුව ඇති බව කිව යුතුයි.

අනික් බරපතළ කරුණ වන්නේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ පිළිබඳ රජය විසින් විපක්ෂයට  කිසිදු තොරතුරක් ලබා නොදීමයි. සාකච්ඡා කරමින් අත්දැකීම් බෙදා හදා ගනිමින් රට වෙනුවෙන් කටයුතු කිරීමට තිබූ අවස්ථාව රජය විසින් අහිමි කර තිබෙනවා. රජයේ දුර්වල බව වසාගැනීම සඳහා මෙලෙස තොරතුරු වසන් කරන බව අපගේ හැඟීමයි යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.



අදහස් (0)

ලෝක බැංකුවෙන් දුන් ආධාරවලට මොකද වුණේ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site