(මනෝජ් හර්ෂික)
නිදහසින් පසුව මෙරට රාජ්‍ය නායකයින් සිදු කළ සේවයට වඩා විශිෂ්ට සේවාවක් රටේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට තමන් සුදානම් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(22) පැවසීය.
ජනදුක හඳුනාගෙන ඔවුන්ගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දෙන රාජ්‍ය නායකත්වයක් ඉදිරියේදී රටට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන්ට ශක්තිය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා මෙහිදී කීය.
රාජ්‍ය බලයේ සිටියදී පසුගිය පාලකයින් කෝටි ගණනින් ජනතාමුදල් වැයකර වෙඩි නොවදින නිලරථ ගෙන්වා ගත් බවත්, ඔවුන්ට ජනතාවගේ ජීවිත වලට වඩා තමන්ගේ ජීවිත වැදගත් වූ බව කී අමාත්‍යවරයා,තමන්ට වැදගත් වන්නේ පොදු ජනතාවගේත්,රටේ දරු පරපුරේත් ජිවිත බවද එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“සැමට සහන” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ,වලස්මුල්ල, බටගස්ස, කිරම ඔය හරහා ඉදිකළ “මහරජ වලගම්බා” පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ලංකාවේ නායකයන් නිදහසින් පසු කළ සේවයට වඩා විශිෂ්ට සේවයක් මම කරනවා’