IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රාජපක්ෂ ආණ්ඩුව අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙනවා

(නිමල කොඩිතුවක්කු )

ආණ්ඩුව පත්ව වසරක් ගත වුණත් රට වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කර නොමැති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව යහපාලන කාලයේ ව්‍යාපෘති විවෘත කරමින් අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි  විපක්ෂ නායක කාර්යාලයේ  අද(08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීවේය.

"මන්නාරමේ ඉදිකරන ලද සුළං විදුලි බලාගාරය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව විදුලිබල ඇමතිවරයා ප්‍රකාශ කරත් එය ආරම්භ කරේ කුමන රජයෙන්ද මොන කාලයේදී ද යන්න කිසිම සදහනක් නැහැ. වැඩ බැරි මේ රජය අද අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලබා දෙමින් සිටිනවා

මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරීම් ආරම්භ කරේ යහපාලන ආණ්ඩුවේ එදා විදුලි බල ඇමැති ලෙස කටයුතු කර අජිත් පී පෙරේරා මැතිතුමාඑය අද දින විවෘත කරන බව රජය දැනුවත් එය ආරම්භ කරේ මොන රජයෙන්ද, මොන  වර්ෂයේ ද කිසිම සදහනක් නැහැ. මෙම ව්‍යපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ  රුපියල් මිලියන 175ක සහන ණයක් හරහා ඉදිකළා. නමුත් මේ රජය පවසන්නේ ඔවුන් පත්වී මාස 3කින් බලාගාරය  ඉදිකර එකක් වගෙයි.

බලාගාරයේ ඉදිකිරීම් අවසන් අදියරේ තිබුනත් දින 52ක නීතිවිරෝධී අගමැති කෙනෙක් පත් කිරීමෙන් මෙය විවෘත කිරීමට  නොහැකි වූණා. මෙ⁣ම බලාගාරය තුලින් මෙගා වෝට් 100ක විදුලි ධාරිතාවක් සැපයිය හැකියි.

මෙය ආරම්භ කරේ යහපාලන රජයෙන් බව විදුලිබල ඇමැති ඇතුළු ආණ්ඩුවට අපි මතක් කර දෙනවා.

පෑලියගොඩ මැනිං වෙළෙඳ පොල ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ යහපාලන රජයේ චම්පික රණවක ඇමැතිතුමා විසින්. එය විවෘත කලේ මේ ආණ්ඩුව ඉදිකරන ලද එකක් ආකාරයෙන්. ඒ සදහා රුපියල් මිලියන 6.9ක් අපි වෙන් කළා. එය විවෘත කිරීමට නොහැකි වුනේත් දින 52 නීති විරොධි ආණ්ඩුව පත්වු නිසයි.

එදා රජය කඩයට කඩයක් දෙන එකගත්වය කින් ආරම්භ කරත් මේ රජය එම එකගත්වය නීති විරෝධි ආකාරයෙන් කඩ කරලා. අද වෙලෙන්දන් උද්ඝෝෂණ කරනවා.

දැන් මේ කඩ දෙන්න වෙලෙන්දන්ගෙන් කඩයක් සදහා ලක්ෂ 5ක් හා ලක්ෂ 2ක වශ⁣යෙන් මුදල් අය කරනවා. අනිත් කඩ තමන්ගේ ගජමිතුරුන්ට හා හෙන්චයියන්ට නොමිලයේ ලබා දෙන්න මේ රජය කටයුතු කරනවා" යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (5)

රාජපක්ෂ ආණ්ඩුව අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙනවා

විජේ Wednesday, 09 December 2020 02:19 PM

ඔබ වැනි අය තමයි මැරුනයින් පස්සෙ පැය 24කට කලින් පුච්චන්න ඕනෙ....

:       5       11

chandana Wednesday, 09 December 2020 06:33 PM

ආණ්ඩුව පත්ව වසරක් ගත වුණත් රට වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදුකර නොමැති බවට විපක්ෂ දේශපාලකයො පාරම්බානකොට ඒක කියවන ජනතාව අමතක කරන්න එපා... මුළු ලෝකයම කොවිඩ් වසංගතයට නතුවෙලා ලෝක ආර්ථිකය කඩාවැටිලා තියෙන කාලයක් අපි ගත කරන්නෙ කියලා.

:       2       51

anura Sunday, 13 December 2020 05:58 PM

අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න වෙන්නේ, එම දරුවන්ට හරිහමන් උප්පැන්නැයක් නැති නිසයි. එක අතකට එසේ කරනවානම් ඒකත් ලොකු පිනක්.

:       0       0

chinthaka Monday, 14 December 2020 07:29 AM

මෙයාලා අවුරුදු පහක් ඉදලාත් මොනවාද කළේ?

:       0       0

asela Saturday, 19 December 2020 10:03 AM

ඔහෙලා ඡන්දයට කළින් ඉවර කරපු නැති අධිවෙගී මාර්ගය... නෙලුම් කුළුණ එහෙම විවෘත කළේ... පරදින බව දැනගෙන නම දාගන්න නේද? එහෙම කීයක් ඔපන් කළාද කියලා මතක නැද්ද?

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 671 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site