IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘‘රනිල් සජිත්ට නායකත්වය දුන්නේ මහමැතිවරණය පරාජය වනබව දන්න නිසයි‘‘

(ශාන්ත චන්ද්‍රසිරි)

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නේ ජනාධිපතිවරණය සේම මහ මැතිවරණයත් පරාජය වන බව දන්න නිසා යැයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.

තලවකැලේ, ලිඳුල, මටේකැලේ වත්තේ අද (22) පැවැති වතු කම්කරු හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

              ‘‘මහ මැතිවරණය මෙහෙයවන්න රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දී තිබෙනවා. ඒ ජනාධිපතිවරණය සේම ඉදිරි මහ මැතිවරණයත් පරාජයවන බව දන්න නිසයි.

ජනාධිපතිවරණය මෙහෙවන්න සජිත්ට දුන්නා. මොකද උණේ ඒක පරාදයි. එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයේදී සිදුවන්නෙත් ජනාධිපතිවරණයේදී සිදුවු දෙයමයි. ඒ දේ පිළිබඳව අපි අප්‍රේල් 27 කතා කරමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් එක්ව තරග කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැහැ. එදා ගැටළුවක් තිබුණ නිසයි අපි වෙනම පක්ෂයක් හදා ගත්තේ. ඒ පක්ෂය ලඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඇවිත් ඉන්නවා.දැන් ඔවුන්  අපිත් එක්ක එකතු උනාණේ. ඒ නිසා ඒ පිළිබඳව අපි ගැටළු හදා ගතයුතු නැහැ.

මැතිවරණයේදී අපේක්ෂකත්වයන් සම්බන්ධයෙන් අපි එක කතිකාවකට එනවා. පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පක්ෂ නායක රැස්වීමක් තිබෙනවා. එම රැස්වීමේදී තීන්දු කර ගන්නවා ඉදිරි මැතිවරණයේ අපේක්ෂකයන් බෙදීයාම සම්බන්ධයෙන් අපි හැමදාම මැතිවරණයන්ට තරග කරන ලද්දේ සමගි පෙරමුණක් විදිහටයි.

අපි හැමදාම  මැතිවරණයන්ට මුහුණ දෙන විට ඒ සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතු සිදු කළා. ඒ ඒ පක්ෂවලට දෙන්න පුළුවන් නියෝජිත ප්‍රමාණයන් අපි ඔවුන්ට ලබා දෙනවා. ඒක ගැටළුවක් කර ගන්න අවශ්‍ය නැහැ‘‘ යැයි ඇමැතිවරයා කීය.

 



අදහස් (3)

‘‘රනිල් සජිත්ට නායකත්වය දුන්නේ මහමැතිවරණය පරාජය වනබව දන්න නිසයි‘‘

Chathuri Monday, 24 February 2020 01:47 PM

දැන් රනිල් සුමනදාසගේ රැකියාවද කරන්නේ පේන කියන එක, මෙහෙමත් ගොන්නු ජනාධිපති වරණයෙන් පැරදුණු කියන්නේ කොහොමද? දෙන්නෙක්ට ජනාධිපති වෙන්න බැහැ.. ගෝඨා දිනුම් කියන්නත් බැහැ. සජිත්ට ජාතිභේද නැතිව රට වැසියා ඡන්දෙ දුන්නු ගෝඨාට වැඩිය ටිකයි අඩු... නමුත් ජනාධිපති වුණාට මුස්ලිම්, දෙමළ ජාතිකයින් අකමැත්ත පෙන්නුවා. ඒක ජනාධිපති කෙනෙකුට හොඳ නැති දෙයක් ඔහුව ලෝකේ දියුණු රටවලින් පිළිගන්නේ නැහැ රැජිනගේ ඇරයුම් ලැබුනෙත් නැහැ. මහින්දටත් නැහැ. එය කණගාටුවට කරුණක් ඒ නිසා තමයි දෙන්නා එකතුවෙලා. සයින්ද මාරුවල ආණ්ඩුවක් හදන්න යන්නේ දෙන්නට රජ වුනොත් ඇති රටට වෙන විනාසෙට වැඩිය අයියගේ පාලනයේදී සුනාමි මල්ලිට කොරෝනා පින් බලය වැඩි කමට වෙන්න ඇති... චීනය වැටෙන්න කළින් අපි වැටෙනවා.

:       0       2

Bamunuarachchi Monday, 09 March 2020 01:51 AM

‘‘රනිල් සජිත්ට නායකත්වය දුන්නේ මහමැතිවරණය පරාජය වනබව දන්න නිසයි‘‘ ඔව් ඒක අපි දන්නවා.. ඒ විතරක් නොවෙයි, රනිල් පොහොට්ටුවට ඡන්දයත් දෙනවා. ඒ ගොල්ලන් කැමති නැහැ... සජිත් වගේ කෙනෙකුට දෙවැනි වෙන්න.

:       0       1

ranjith Saturday, 21 March 2020 12:36 AM

වෙදගත් දෙයක් කියන්න බැරිද ඔහොම ගම්වලත් ඉන්නවා මිනිස්සු අල්ලපු ගෙදර කුණු අවුස්සන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 213 1

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1464 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 950 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7425 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 448 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 115 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1140 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site