IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රටක් ස්ථාවර කිරීමේදී සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ශ්ව එකතු කළ යුතුයි

(අංජුල මහික වීරරත්න)

රටක් දියුණු වීමට නම් ස්ථාවර බව සමග ජාතික සමගිය අත්‍යඅවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.

රටක් ස්ථාවර කිරීමේදී සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ශ්ව එකතු කරගතයුතු බව කී අග්‍රාමාත්‍යවරයා ජාතික සමගිය ආරක්ෂා කර නොගෙන ශ්‍රී ලංකාවට ඉදිරි ගමනක් නැතැයිද කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය සංවිධාන කළ ‘ඇමැතිවරයා සමඟ  වැඩසටහනේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිණි. 

කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගම් කාර්යාලයේදී වැඩසටහන පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

කිසිම රටකට ස්ථාවරත්වය නැතිව දියුණු විය නොහැකියි. රටක් දියුණු වීමට ස්ථාවරත්වය සමගිය අවශ්‍යයි. අපේ රටේ සිදුවන ඇතැම් දේ තුළින් එකමුතු බව පෙනෙනවා. මේ දිනවල වන සිද්ධි එයට හොඳම උදාහරණයයි.

අපට එකමුතුකම ඇතිකර ගන්න කිසිම වට්ටෝරුවක් නැහැ. විවිධ රටවල් එක්සත් කර ඇති කර ගැනීමට විවිධ විධික්‍රම, වට්ටෝරු භාවිතා කරනවා. එක්සත් ජනපදයේ හෝ වෙනත් රටවල හෝ ඒ සඳහා උදාහරණ තිබෙනවා. ඉන්දියාවේත් ඒ සඳහා උදාහරණ පවතිනවා. රටේ කුමන ප්‍රශ්න පැවැතියත් ඔවුන් එකට කටයුතු කරනවා.

අපේ රටට තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයයි. එය වසර දෙදහස් ගණනකට එහාට ගමන් කරනවා. රටේ විශාලම ජනගහනය හිමි වන්නේ සිංහල ජනතාවටයි. සිංහල ජනතාවට විශේෂ වූ සංස්කෘතියක්ද තිබෙනවා. ඒ වගේම දමිල ජනතාවටත් හොඳ සංස්කෘතියක් පවතින අතර මොවුන් දකුණු ඉන්දියාවේ දමිල ජනතාවට වඩා වෙනස් ථෙරවාදී සහ මහායාන දර්ශනය අතර අතීතයේ විවිධ ප්‍රශ්න රටේ ඇති වුණා. වටිනා ඉතිහාසයක් අප සතුව පවතිනවා.

අපට ස්ථාවරත්වය අවශ්‍ය වන්නෙ රටේ එක්සත් කම ඇතිකර ගන්නයි. යුද්ධය තිබූ පසුගිය කාල පරිච්ඡදයේදීත් ක්‍රිකට් තරඟ පැවැත්වූවා. රටක එක්සත්කම නොතිබුණහොත් එතන තිබෙනුයේ අස්ථාවරත්වයයි. රටක ස්ථාවරත්වය ඇති කර ගැනීමේදී සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ශව සියලු කාර්ය සඳහා එක්කර ගැනීම වැදගත් වෙනවා. පාර්ලිමේන්තුවේදී අප ඒ බව ඔප්පු කළා. 

මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙලා. එය ජනතාව භුක්ති විඳිනවා. මා පිළිබඳව විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය වන දේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති බවට හොඳම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. රටේ මානව සම්පත මෙන්ම රටේ පිහිටීමද ඉතා වැදගත්.

අධ්‍යාප ක්ෂේත්‍රයේ වෙනස්කම් ඇති වෙමින් තිබෙනවා. හැබැයි, ඒවායේ ප්‍රතිඵල ලැබීමට යම් කාලයක් ගත වෙනවා. දීර්ඝ කාලීන ප්‍රතිඵල පිළිබඳව සිතා බලමින් අප සමහර තීරණ ගන්නවා.

අපේ රටේ ක්‍රියාත්මක වන ඇතැම් ඉංජිනේරු පාඨමාලා අන්තර් ජාතික මට්ටමේ පවතිනවා. එවැනි දේ පිළිබඳව අප සතුටු විය යුතුයි.

ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ක්‍රම දියුණු කිරීම පිළිබඳව වැඩි අවධානය යොමු කිරීමද ඉතා වැදගත් වෙනවා. 
විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රම වේද පිළිබඳව දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතුයි. එහිදී ලෝ පතළ විශ්ව විද්‍යාලයන්හී ක්‍රියාකාරීත්වය අපට සොයා බැලිය හැකියි.

මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමේ කාලය වර්තමානයේ උදාවෙලා. රටේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිසා ජනතාවට බොහෝ පහසුකම් ලැබී තිබෙන අතර ජනතාවගේ ජීවන අපේක්ෂා ඉහළ මට්ටමක පවතිනවා. අප ජනතාවට අවශ්‍ය රැකියා වෙළඳපොළ නිර්මාණය කරනවා.

විවිධ රටවල් සමග පවතින නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව විවේචන සහ මතවාද පවතිනවා. මෙවැනි ගිවිසුම් වලින් ප්‍රතිඵල එක පාරට එන්නේ නැහැ.

ඉන්දියාව අපගේ අසල්වැසි මිත්‍රයයි. ජපානය සහ චීනයද අප රට සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. සියලු දෙනා සමඟ අප මිත්‍රත්වයෙන් කටයුතු කළ යුතුයි. ජනාධිපතිතුමා ඉදිරි දිනවලදී ජපානයට යනවා.

දේශගුණික විපර්යාස කෘෂිකර්මයට දැඩිව බලපෑවා. කෘෂිකර්මාන්තයේදී ඇතිවන ගැටලු පිළිබඳව සොයා බැලිය යුතුයි. නවීන තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් කෘෂිකර්මය දියුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳව සොයා බැලිය යුතුයි.
කෘෂිකර්මය වේගයෙන් දියුණු කිරීමට අප කටයුතු කරනවා. පසුගිය කාලයේ වූ විශාල ලෙස ණය ගැනීම් නිසා අපට ඒවා ගෙවීමට සිදුවෙලා. මෙවැනි ගැටලුවලට මුහුණ දීමට සෘජු විදේශ ආයෝජන අවශ්‍යයි.

මධ්‍යම අධිවේගී මාර්ගය නිසා ඒ අවට විශාල ලෙස යටිතල පහසුකම් දියුණු වෙනවා. නුවර සිට හම්බන්තොට දක්වා ශීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා. ගොවියාත් කම්කරුවන් ඇතුළු ජනතාවගේ අතේ මුදල් තිබෙන අනාගතය මා නිර්මාණය කරනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

මෙහිදී පැමිණ සිටි විද්වතුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ රැකියා වෙළඳ පොළට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක කළයුතු බවය.

ලොව පවතින පිළිගත් විශ්ව විද්‍යාල බොහොමයක් රජයට අයිති නොවන බවද මෙහිදී ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා, එවැනි ක්‍රමවේද ශ්‍රී ලංකාවටද හොඳ උදාහරණ බවත් මුදලම පදනම් කර නොගෙන විශ්ව විද්‍යාල අපටද ආරම්භ කළ හැකි බවත් කීය.

විදේශ විනිමය දෙන ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ක්‍රමවත්ව ඉදිරියට ගෙන යන බවද කී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එය චීනයේ මෙන් දියුණු මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවද කීය.

රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය විනයක් ඇති කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (0)

රටක් ස්ථාවර කිරීමේදී සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ශ්ව එකතු කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site