සිරාජ් හසීම්
පසුගිය රජයට සාපේක්ෂව වත්මන් රජයේ චින්තනය හා ක්‍රියාකලාපය යහපත්ව පැවතියද ජනතා පොරොන්දු ඉටුකරීම ඉතාමත් මන්දගාමීව පැවතීම කණාගාටුවට කරුණක් යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්පන්දන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා හමුවී අද (5) සාකච්ඡාවක නිරත විය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කළ විපක්ෂ නායකවරයා වත්මන් රජය ජාතීන් අතර අවබෝධයක් ඇතිකරමින් ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැංවීමට කටයුතු කර සිටින බවද කියා සිටියේය.
එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් ,ගෞරවය සහ ස්වෛරීභාවය හිමිකර දීම වෙනුවෙන් නොබෙදුනු එක්සත් ලංකාවක් තුළ බෙදිය නොහැකි දේශපාලන විසඳුමක් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වැඩපිළිවෙල කඩිනම් කළයුතු බවත් සම්පන්දන් මහතා අවධාරණය කළේය.
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රජය පොරොන්දු ඉටුකිරීම ඉබි ගමනේ - සම්පන්දන්