IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජය අයි නාලිකාව විකුණන්න හඳනවා

(නිමල කොඩිතුවක්කු)

ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය  විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් බවත් එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජයට මූල්‍ය ගැටලු තිබුණත් නව ආයෝජකයන් රාජ්‍ය මාධ්‍යයකට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත් එම ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මේ යන ආකාරයට අවසානයේ රජයේ පාසල් හා රෝහල් වුවද පෞද්ගලීකරණය කිරිමට රජය කටයුතු කළ හැකි බවත් සක්වල වැඩසටහන යටතේ අම්පාර සමන්තුරේ මුස්ලිම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු පැවසීය.

රටේ වටිනා සම්පත් විකුණා දැමීමේ සුදුවට එරෙහිව නැගී සිටින බවත් මෙවැනි අනිතික වෙන්දේසි නැවත රජයට පවරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරිමට කෙලෙසකින්වත් ඉඩ නොදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ලක්ෂ 39කට සාමාන්‍ය ආහාර සුරක්ෂිතභාවයත් නොමැති හා දරුවන් ලක්ෂ 29කට හරියාකාර ශක්තියක් නොමැති බවට යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් විපක්ෂනායකවරයා කීවේය.

 



අදහස් (5)

රජය අයි නාලිකාව විකුණන්න හඳනවා

AJITH Monday, 14 August 2023 08:31 PM

විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ ලබාදීම ගැටළුවක් නොවේ. එසේ උවත් මෙම ලබාදීම සියල්ල සජිත්ගේ පුද්ගලික මුදලින් ලබදෙනාවූ පරිත්‍යාග නොවේ. එමනිසා සජිත්ට මෙම පරිත්‍යාග කිරීමට මුදල් ලබදෙනාවූ මිතුරන් හෝ වියපරිකයන් කවුරුන්ද කියා පුරවැසියන් දැනුවත් කරන්න.සජිත් කියනදේ කරන කරනදේ කියන දේශපාලකයෙක් නම් මුදල් ලබාදෙන්නේ කවුරුන් විසින්ද යනබව හෙළිකරන්න

:       0       0

Chandra Monday, 14 August 2023 10:23 PM

හාරලාවත් මේක බේරගන්න ක්‍රමයක් හොයාගන්න බැරි වෙයිද?

:       0       0

krishna Tuesday, 15 August 2023 10:00 AM

ඒකේ පාඩුවත් මෙයා පියවන්න යනවා වගේ..

:       0       0

prasanna Tuesday, 15 August 2023 02:08 PM

ඔයාට කසනවද ?ලංකාවේ පාඩු ලබන ආයතන විකුනන්න ඕන.පාර්ලිමේන්තුවත් ඒකට ඇතුලත්

:       0       0

Sampath Wednesday, 30 August 2023 07:11 PM

ඕවා ඔක්කොම විකුනලා දාන්න ඔය එක එක්කෙනාගේ කතා වලින් වැඩක් නෑ .මේවා ගෙලරි ටෝක්ස්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site