(චමිල් රුපසිංහ)
අයවැයේ ඇති භයානක බව වහන්නට රජය විසින් බියර් ප්‍රශ්නය මතුකරන ලද බවත් එහි ඇති දේශය විදේශීයකරණය කිරිම සම්බන්ධව කතා නොකරන බවත් එය යට ගැසිමට බියර් ප්‍රශ්නය මතුකරන ලද බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(19) ගැටඹේදි පැවසිය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් ගේ සුවදුක් බැලිම සඳහා ගිය අවස්ථාවේදී හිටපු ජනපතිවරයා එසේ කීවේය.
‘‘පක්ෂ කිහිපයක් එකතුව එක පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වීමට කැමැතිනම් ආණ්ඩුවේ අයටද මේ සඳහා එකතු විය හැකියි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩල නෑ. කැඩුවෙ ඒගොල්ලන්මයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු ආණ්ඩුව කඩලා එක්සත් ජාතික පක්ෂයට දුන්නෙ මම නෙවෙයි. අගමැතිකමත් දුන්නා‘‘ යැයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී කිය.
‘‘දැන් ආණ්ඩුවෙන් බැසිල් රාජපක්ෂ මහත්තයට නඩු දාන්න යන්නෙ රුපියල් 2500 ක් මිනිස්සුන්ට බෙදුවා කියලා. ආණ්ඩුවෙ සල්ලි අරන් ලිතක් ගහල දුන්න කියලා එක ලිතකට රුපියල් 1 ශත 50 ක් යන්න ඇති. නමුත් කැලැන්ඩර් ගහලා බෙදපු අයට මොනවත් නෑ.‘‘ යැයිද හිටපු ජනපති වැඩිදුරටත් කියා සිටියේය.
ආන්ඩුවේ සැම කතාවකම අවසානය මහින්ද රාජපක්ෂ ගෙ හොරකම බවත් ආණ්ඩුව අරගෙන හොරු අල්ලනවා කියල කියද්දි යමක් කරයි යැයි තමන් සිතූ බවත් නමුත් ඊට වඩා බැඳුම්කරය වැනි විශාල හොරකමක් කළ ලෝක හොරු ආණ්ඩුව ඇතුළේම සිටින බවත් සිරිවිමල හිමියෝ එහිදී කීහ.
‘‘මේ වනකොට ගාල්ලෙ විශාල ප්‍රශ්නයක්. බැඳුම්කරේ තව හොරකමක්. රටේ මෙහෙම ප්‍රශ්න ඇතිවෙච්ච කාලයක් නම් කවදාවත් දැක්කෙ නෑ.‘‘ යැයි ද ඒ හිමියෝ කීහ.


2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘රජය අයවැය වහන්න බියර් ප්‍රශ්නයක් මතු කළා‘
Rajah Tuesday, 21 November 2017 04:45 AM
ඇ ආයුබෝවන්, හොරකමට හොඳම ආවරණය තමයි චීවරය වගේ!
rehan Tuesday, 21 November 2017 05:04 AM
මේ වනකොට ගාල්ලෙ විශාල ප්‍රශ්නයක්. බැඳුම්කරේ තව හොරකමක්. රටේ මෙහෙම ප්‍රශ්න ඇතිවෙච්ච කාලයක් නම් කවදාවත් දැක්කෙ නෑ.‘‘ යැයි ද ඒ හිමියෝ කීහ. අපේ හැමදුරුවනේ, දර්ගා නගරයේ ප්‍රශ්නේ ඇතිඋනේ එතකොට මොන කාලේද දන්නේ නැහැනේද?
Bamunuarachchi Friday, 24 November 2017 01:38 AM
"දර්ගා නගරයේ ප්‍රශ්නේ ඇතිවූනේ එතකොට මොන කාලේද දන්නේ නැහැනේද?" මම හිතන්න 2014 දී පමණ ඉතින් මොකක්ද ප්‍රරශ්නය ? දර්ගා නගරයේ ප්‍රශ්නේ රටේ ආර්ථිකයට බිලියන ගණනින් පාඩු උනේ නැහැනේද?