(නිමල කොඩිතුවක්කු)
යුද්ධයෙන් සහ ව්‍යස්ථාවෙන් බෙදා වෙන්කිරීමට නොහැකි වු රට ජාතීන් අතර ගැටුම් ඇතිකර බෙදා වෙන්කිරීමට විජාතික බලවේග කටයුතු කරන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කොළඹදී පැවසීය.
මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර එවැනි ගැටුම් ඇති නොවන තත්වයට කටයුතු කිරිමට රජය වගබලා ගත යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.
රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව අද (27) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේ ද කීය.
‘‘මේ රට අස්ථාවර කිරිමට බෙදා වෙන් කිරිමට විජාතිකයන් විසින් සැලැස්මවල් කීපයක් යොදාගෙන තිබෙනවා. මේ ගැන ජනාධිපතිවරයාත් ප‍්‍රකාශයක් කළා. පහුගිය දිනවල රට තුළ සිදුවු සිදුවිම් එක්ක විජාතික බලවේග විසින් තමයි මේ රට මෙහෙයවන්නේ කියන එක හොදින්ම පැහැදිලි වුණා.
මේ විජාතිකයන්ට රට බෙදීම සදහා සැළසුම් කිහිපයක් තිබුණා. රට බෙදිම සඳහා ඔවුන් මුලින්ම ප‍්‍රභාකරන්ව යොදා ගත්තා. 2009 දී යුද ජයග‍්‍රහණයත් එක්ක ඒක සම්පූර්ණයෙන්ම එය ව්‍යාර්ථ වුණා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘යුද්ධයෙන් වෙන්කරන්න බැරි වූ රට විජාතික බලවේග වලින් වෙන් කරන්න හදනවා’