IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘‘මේ රට අවුරුදු 76 පාලනය කළේ පවුල් පාලනයෙන්‘‘

(හේමන්ත රණසූරිය)

"අවුරුදු හැත්තෑ හයක් තිස්සේ මේ රට පාලනය කරලා තියෙන්නේ පවුල් දේශපාලනයයි. ජේ ආර් ගේ පවුල, "බෑනා රනිල් වික්‍රමසිංහ". ප්‍රේමදාසගේ පවුල," පුතා සජිත් ප්‍රේමදාස." මහින්දගේ පවුල, "පුතා නාමල් රාජපක්ෂ". මම විතරයි "තඹුත්තේගම".අපේ රටේ මේ ගඳ ගහන කිලිටි උණු දේශපාලන පොර පිටිය අපි සුද්ද කළ යුතුයි. පවුල් වලින් පවුල් වලට යන දේශපාලනය නතර කළ යුතුයි."

ජාතික ජන බල වේගයේ නායක , ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා (09)දින කැබිතිගොල්ලෑවේදී එසේ පැවසීය.

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කිරීමේ ජනතා රැළිය ආමන්ත්‍රණය කරමින් එලෙස පැවසූ ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

"අද ඓතිහාසික තීන්දුවක් හම්බ වුණා. සජබෙන් පැනපු මන්ත්‍රීන් දෙදෙනෙකුට මන්ත්‍රී ධූර අහෝසි වුණා. හොඳයිද නැද්ද. හොඳයි. හැබැයි ඒක අහෝසි වුනේ අවුරුදු දෙකහමාරකට පස්සේ. දැන් බලන්න සජිත් ප්‍රේමදාසගේ සභාපති පොන්සේකා, එළියේ. පොහොට්ටුවේ සභාපති ජී එල්, එයා ඇතුලේ, සජිත් ළඟ. රනිල් හිරේ යනකම් නින්ද යන්නෙ නෑ කියාපු මහින්දානන්ද දැන් රනිල්ගේ ඔඩොක්කුවේ නිදි. මේ මජර දේශපාලනය අපි අවසන් කරනවා. දැන් පොහොට්ටුවේ පෙති හැලිලා. පොහොට්ටුවේ එක කෑල්ලක් නාමල් රාජ පස්ස එක්ක. තව කෑල්ලක් රනිල් එක්ක. තවත් කෑල්ලක් සජිත් එක්කත් ඉන්නවා. දැන් පොහොට්ටුව තුනට කැඩිලා.

සජිත් ලඟට පැනපු ගොඩක් අය අපේ දොරටත් ඇවිල්ල තට්ටු කලා. අපිත් දොර ඇරියා . ආයුබෝවනුත් කිව්වා. ඇරලා බලපුවාම "බඩු ඇවිල්ලා". අපි කිව්වා ඕගොල්ලන්ගේ පැටිකිරිය අපි හොඳටම දන්නවා. ඇතුලට නම් ගන්න බෑ කිව්වා. ඊට පස්සේ ඒ අය සජිත් ළඟට පැන්නා. ඒගොල්ලෝ වැඳලා බදාගෙන ඉඹලා සජිත් පිළිගත්තා.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවියන්ට හරියට ගොවිතැනක් කරගන්න බෑ. නගර වලට පවා අලි කඩා වදිනවා. පරිසරය විනාශ කළා. කැලෑ කැපුවා. තමන්ගේ ගෝල බාලයින්ට අලි මංකඩවල් වල ඉඩම් දුන්නා.

හොඳට මතක තියාගන්න. දැන් ඇවිල්ලා තියෙන්නේ ජනතාවට වඳින කාලේ.

සැප්තැම්බර් 21න් පස්සේ එන්නේ ඒගොල්ලන්ට වඳින කාලේ. අපි ඒ ක්‍රමය නතර කළ යුතුයි.



අදහස් (10)

‘‘මේ රට අවුරුදු 76 පාලනය කළේ පවුල් පාලනයෙන්‘‘

Lalla Monday, 12 August 2024 12:51 PM

පවුල් පාලනයට පසු පිස්සන්ගේ පාලනයට දෙන්නද කියන්නේ...?

:       31       74

සිල්වා Monday, 12 August 2024 01:00 PM

බන්ඩාරනායක, රාජපක්ෂ, සහ යහපාලන බලයට ගෙනාවේ ජවිපෙ මාලිමාව කට්ටිය තමයි කියන එක අමතක කරන්න බැහැ.

:       22       75

Lalitha Monday, 12 August 2024 01:10 PM

දූශිත දේශපාලුවන් විසින් වනසා දැමූ අපේ මව්බිම නැවත නගාසිටුවීමට ශක්තිය ලැබේවා...!

:       45       34

sunil Monday, 12 August 2024 02:09 PM

පවුල් පාලනයට තිත තබමු.

:       16       22

rakshitha ramasinghe Monday, 12 August 2024 02:16 PM

පවුල් පාලන කාලේ ජවිපය නිකන් හිටියද? මේ අය නේද ඔවුන් ගේන්න කඩේ ගියේ? දැන් අමතකද? චන්ද්‍රිකා ගේන්න කඩේ ගිහින් වැව් හෑරුවා. මහින්ද ගේන්න කඩේ ගිහින් අනාගත්තු මොකුත් නැතිව...? මේ කතා කරන්නේ නින්දෙන්ද? ඔබලා ජනාධිපතිකම් කරන්නෙත් ඔහොම තමයි. ඔබලාගේ කෙරුවාව අපි නොදන්නවායෑ...

:       16       57

fairoos Monday, 12 August 2024 03:15 PM

ජයවේවා..! 

:       52       10

පිටරැටියා Monday, 12 August 2024 04:20 PM

මාළිමාව වටා එක්වී සිටින විවිධ වෘත්තිකයින් දිහා බැලුවාම රටට යහපතක් කරයි කියා විශ්වාස කරන්න පුළුවන්. අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන හොඳින් සිතා අනාගතයේ බුද්ධිමත් තීරණයක් ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...!

:       50       9

Nilantha Monday, 12 August 2024 05:58 PM

අනුරයියාත් ඔහෙත් හරියටම වාසි තකා කටයුතු කළ වාසිදේව වගේමයි... දැන් අවුරුදු ගණනාවක් ඔහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියා.. ඒ අතරේ චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලිලා කෘෂිකර්ම ඇමැතිවරයා හැටියට කටයුතු කළා මොනවද කළේ? අමාත්‍යාංශයේ වාහන විකුණා දැම්මා පමණයි කියලා අමතකද ඇමැතිවරයා හැටියට හිටපු කාලයේ ඔය ගැටලු දැක්කේ නැද්ද? දැනුත් මන්ත්‍රී හැටියට වාර්ෂිකව ලැබෙන මුදලින් මොනවද කලේ කියන්න අපේ පවුලෙත් කෙනෙක් ඉන්නවා... මාලිමාව කර තියාගෙන කිසිදාක පත්තරයක් කියවන්නේ නැහැ.. ප්‍රවෘත්ති බලන්නේ නැහැ. ඔහේගේ රැස්වීම් වලට එනවා... කයිවාරු ගැසීම අහගෙන ඉඳලා ඇවිල්ලා වෙලාවකට හාමුදුරුවන්ට බනිනවා... වෙලාවකට ආණ්ඩුව විවේචනය කරමින් මාලිමාව ජයග්‍රහණය කරවන්න කියලා තර්ජනය කරනවා. රැස්වීම් වල කරපු කතාවක් තමයි හැමදාම කියන්නේ..!

:       5       47

Nilantha Tuesday, 13 August 2024 06:07 AM

මට වෙලා තියෙන දේවල් කිව්වාම ඒකට විරුද්ධව අන්ලයික් දානවා කියන්නේ අනුරයියා පාලනය ගත්තාම උතුරු කොරියාවේ ජනාධිපති වගේම පාලනයක් ලංකාවේ ඇතිවෙනවා කියලා නොකියා කීමත් තමයි. අන්ලයික් කාරයිනේ අනුන්ගේ අදහස් ඉවසීමට පුරුදු වෙන්න...

:       0       0

Nishan Tuesday, 13 August 2024 07:29 AM

ඔය කතාව වලංගු වෙන්නේ අපේක්ෂකයෝ 33 දෙනෙක් අතරින් දෙන්නෙක්ට පමණයි. ඉතුරු 31 ක් දෙනාටම ඔය පවුල් පාලන කතාව වලංගු නෑ. වලංගු වෙන දෙන්නාගෙන් එක පවුලක් බලේට ගේන්න ඔබ සහ ඔබේ පක්ෂය පුදුම විදියට දර දිය ඇද්දා. ගිවිසුම් ගහලයි එයාලා වෙනුවෙන් කඩේ ගියේ. 2004 දී සුනාමි හොරා කියලා ඔයාලාම හංවඩු ගහපු අයව ඔයාලාම බලේට ගෙනාවා 2005 දී. එයාලගේ පිහිටෙන් කෝටි ප්‍රකෝටි ගාණකට හිමිකම් කියන පක්ෂ අරමුදලකුත් ගොඩ නගා ගත්තා. දැන් මොකද්ද මේ කියන දෙපිටකාට්ටු කතාව? මේකත් ඉතින් අනිත් හැම කතාවක් වගේම ඇත්ත හංගලා වාසියට ගහන කෙබරයක්. ඔයාලාගේ කෙරුවාව දන්නෝ දනිති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site