IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මේ ආණඩුව පෙරලන්නට ජනතා බලවේගයක් මහපාරට බැස්ස විය යුතුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර

(විනීතා එම් ගමගේ)

‘‘ඇඟට පතට නොදැනී, පහසු ලෙස කොළ කෑලි අරන් ගිහින් දීල මේ ආණ්ඩුව පෙරලන්න  බැරි බව වටහා ගෙන ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළා නම් විශ්වාසභංගය දිනාගන්නට  ඕනැ තරම් ඉඩ තිබුණා.’’ යයි ජාතික සංවිධාන එකමුතුවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවැසීය. 

ජනතාව ඡන්දයේ දී දුන් බලය ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය බව ඒකාබද්ධ විපක්ෂය කල්පනා කළේ නැතැයි ද හෙතෙම කියා සිටියේය. 

මේ ආණඩුව පෙරලන්නට නම් අති විශාල ජනතා බලවේගයක් මහපාරට බැස්ස විය යුතුයැයි ද ඔහු සඳහන් කළේය. 

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන එකමුතුවේ ප‍්‍රධාන කාර්යාලයේ අද (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ බණ්ඩාර මහතා මෙසේ ද කීය.

‘‘පක්ෂය තුළ ඇති වූ පිඩනය නිසාම මතු වූ විශ්වාස භංගය කොහොමද රනිල් ජයගන්න තැනට ගෙන ගියේ කියල බැලූවම පේනවා වුණ දේ. 2013 දි බෙදුම්වාදි පක්ෂ රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ එකඟ වී තිබුණේ ඒ ඒ අය ඉදිරිපත් කරන කරුණු වලට එකඟ වන්නේ නම් ඔහු බලයට ගෙන එන්නට උදව් කරන බවයි. 

රවුෆ් හකීම් මහතා සමඟ කරුණු 67 කට එකඟ වුනා. එයින් ඉතුරු වෙලා තියෙන්නේ ව්‍යවස්ථාව ගෙන ඒම පමණයි. 

මේ වනවිට අතුරුදන් වූවන්ගේ කාර්යාලය විවෘත කරන්න අතුරුදන් කරවීම් වැළැක්වීමේ පනත ගෙන එන්න සුදානම්. මේ දෙක එකට ආවාම සර්වලෝක අධිකරණ බලය තරම් බලයක් තියෙනවා. මේ රටේ මුල්‍ය පද්ධතිය වෙනස් කරන්න, නීති පද්ධතිය වෙනස් කරන්න, කොටින්ගේ  ගැහිල්ල නීති ගත කරන්න අවස්ථාව ලබා දුන්නා.                                                                                                          
මෙහෙම කුමන්ත‍්‍රණ වලින්  බලය තියා ගත්තට මේ ආණ්ඩුවට ඡන්දයකින් නම් දිනා බලයට එන්නට ලැබෙන්නේ නැහැ. ’’ යැයි ද වසන්ත බණ්ඩාර මහතා කීය. 



අදහස් (4)

මේ ආණඩුව පෙරලන්නට ජනතා බලවේගයක් මහපාරට බැස්ස විය යුතුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර

පෙරුමාල් Friday, 06 April 2018 09:59 AM

දොස්තරලා ඔක්කෝටම පිස්සු. පිස්සන්ගෙන් බෙහෙත් බීලා අපේ සමහරක් ජීවත් වෙනවා. සමහරක් මැරෙනවා. ජීවත් වෙන අය ගැන පත්තරවලත් දානවා. මැරෙන අය ගැන සද්දයක් නෑ.

:       59       172

SHAN SAUDI Saturday, 07 April 2018 01:03 PM

අනේ මේ ලොක්කෝ කොහෙවත් ඉන්න ගම් කබරයින්ට කඩේ යන්නේ නැතිව තියන දෙයක් කරගෙන ලැබෙන දෙයක් කාලා වැඩක් බලාගන ඉන්න. එනවා මෙතන පාරට බස්සවන්න. දැන් මහා එකා බැස්සුවේ... එ්ත් පාර්ලිමේන්තුවට වැඩ වුණාද? ඔයාත් මිනිස්සුන්ගේ කාලේ කන්න නැතිව තියන දෙයක් කාල වෙන දෙයක් බලා ඉන්න..

:       1       111

rocky Sunday, 08 April 2018 02:18 AM

මේ වගේ ගවරු හිතාගන ඇති විරුද්ධ පක්ෂයක ප්‍රධාන වගකීම කුමන්ත්‍රණය කිරීම සහ ආණ්ඩු පෙරලීම කියල! ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද, පටන්ගත්ත දවසේ ඉඳලම මේ යක්කු බාල්දි පෙරලනවනේ!

:       0       0

maheshikaSunday, 08 April 2018 12:34 PM

විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවට විරුද්ධව උගුල් ඇටවීම සහ පාරට බැසීම බව එජාප රජය ඔප්පුකරලා පෙන්නුවා. තව කවර කතාද? මහින්දගේ හැම සංවර්දන වැඩක්ම රට ගිලගන්න එන බිල්ලෝ විදියට තමයි පෙන්නුවේ. පොර්ට් සිටි එක වහාම නතර කරනවා කිව්වා. මේ ටික ඇවිත් අපූරුවට කරගෙන ගිය සංවර්ධනයට කරපු හදියක්. මහින්ද එක්ක ඉන්නකොට කොන්ද කෙලින් තියාගෙන හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? එයාව ජනධිපති කරන්න යටිකූට්ටු වැඩ කරපු හැමෝටම ඔළුව නවනවා. කොන්ද හොඳටම කාලා තියෙන්නේ. ජනාධිපති බලතල භාවිතා කරන්නේ රනිල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site