IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මාෆියා කල්ලිවලට මාව අල්ලන්න බෑ

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය

 වෛද්‍ය රමේෂ් පතිරණ

 

එකක් පසුපස එකක් වශයෙන් ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට සෞඛ්‍ය අමාත්‍යංශය පත්වී තිබේ. අධ්‍යාපනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාට ද වෙනත් අමාත්‍යාංශයකට මාරු වී යාමට සිදුවිය. අභිනව සෞඛ්‍ය අමාත්‍යවරයා වන්නේ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාය.


‘‘මොකක් වෙයි ද?’’ මේ ඒ ගැන විමසමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


ප්‍ර:කොහොමද අලුතෙන් ලැබුණු සෞඛ්‍ය ඇමැති ධුරය?


අපේ රටේ විශිෂ්ට සෞඛ්‍ය පද්ධතියක් දීර්ඝ කාලයක් තිස්සේ තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් එය පිළිගන්නවා. අඩු පිරිවැයකින් ගුණාත්මක සේවාවක් ලබා දෙනවා කියලා.
නමුත් මේ කාලය වන විට සෞඛ්‍ය සේවය යම් යම් අර්බුදවලට මුහුණ දීලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම කොවිඩ් වසංගතය හේතු වුණා. ඒ එක්කම ඇති වෙච්ච ආර්ථික අර්බුදයක් සමග යම් ගැටලු කිහිපයක් මතු වෙලා තියෙනවා.


එම ගැටලු හා නිර්මාණය වෙච්ච සමාජ මතයන් එකකි. මේක බාරගන්න කියලා මට ආරාධනා කළා. ඒ අනුව තමයි සෞඛ්‍ය ඇමැතිධුරය බාර ගත්තේ.


ප්‍ර:සෞඛ්‍ය ආමාත්‍යංශය ‘‘හොර ගුහාවක්’’ කියලයි හඳුන්වන්නේ. ඒවා ඇත්තක් කියලා මේ දින කිහිපයට ඔබට හිතුණේ නැද්ද?


ක්‍රමවේදයන්හි ගැටලු තිබෙන බව පැහැදිලියි. යම් යම් පුද්ගලයන්ට චෝදනා එල්ල වෙනවා. මෑතක දී වෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකුත් සිදු වෙනවා. ඉතින් අපි හිතවා යම් සාධනීය ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා. 


ඒ වගේම ක්‍රමවේද සරල කිරීමේ වගකීමක් අපට තියෙනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව කිරීමටත් සිදුවෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය දිරිගැන්වීම් සහ ආරම්භයක් ලබාගෙන තියෙනවා.


ප්‍ර:ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නවත්වන්න කියලා ඔබ නියෝග කළා. ඇයි එහෙම නියෝග කළේ ?


පසුගිය කාලයේ ඇති වූ තත්ත්වයන් නිසා හදිසි මිලදී ගැනීම් කළ යුතු තත්ත්වයක් තිබුණා. එහිදී මූලිකම කාරණය තමයි අපේ රටේ ඖෂධ සැපයීම් කරන ප්‍රධාන සැපයුම්කරුවන්ට ගෙවීම් කල්ගත වෙලා තිබුණා. ඒ නිසා ලියාපදිංචි සැපයුම්කරුවන් සැපයීම් ජාලයෙන් ඉවත්වීමක් සමග හදිසි අවශ්‍යතාව වෙනුවෙන් ඒ කියන්නේ අදාළ තොග  නොමැතිවීම හේතුවෙන්, ලියාපදිංචි සැපයුම්කරුවන් නොමැතිවීම නිසා පිටස්තරින් මිලදී ගන්න සිදුවෙලා තිබුණා. ඒක තමයි හදිසි මිලදී ගැනීම් කියලා සඳහන් වෙන්නේ.


එහිදී ක්‍රමවේදයක් තියෙනවා හදිසි මිලදී ගැනුම් වෙනුවෙනුත් ඖෂධ නියාමන අධිකාරිය හරහා ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීමටත් එම ක්‍රමවේදය නිසි ලෙස ප්‍රයෝජනයට අරගෙන නැහැ කියන එක තමයි සමහර කරුණු කාරණාවල දී පැහැදිලි වෙන්නේ. ඒ අනුව ලියාපදිංචි නොවුණු ඖෂධ ගෙන්වීමට සිදුවෙලා තියෙනවා. අනාගතයේදීත් ඒක සිදු වෙයි. එහෙත් එහිදී ආවරණ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවත් ආකාරයක් තියෙනවා. ඒකට අනුව වැඩ කරන්න ඉදිරියේ දී අපි කටයුතු කරනවා.


ප්‍ර:ඖෂධ හදිසි මිලදී ගැනීම් කරන්නෙම සාක්කු පුරවා ගන්න කියලා තමයි කියන්නේ?


ඉතිහාසය පුරා ඖෂධ සම්බන්ධ ප්‍රසම්පාදනය ක්‍රියාවලියේ ගැටලුවක් තියෙනවා. අපිටත් තියෙන ගැටලුව තමයි 21 වැනි සියවසේ තුන්වැනි දශකයේ දී වාර්ෂිකව පරිභෝජනය කරන ඖෂධ ප්‍රමාණයන් පිළිබඳ පැහැදිලි සටහනක් නැත්තේ ඇති කියන එක.


පසුගිය කාලයේ ඇති වූ සංකූලතාවන් තමයි සමහර වෙලාවට ටෙන්ඩර් කැඳවලා තිබුණ ටෙන්ඩර්කරුවන්. ඒ ටෙන්ඩර්වලින් බැහැර වෙලා තිබුණා. ඒ නිසා හිඟයත් ඇති වුණා.
ඒ එක්කම සමහර ඖෂධ කාණ්ඩ ප්‍රදානයන් ලෙස රටට ලැබී තියෙනවා. ඒ නිසා සමහර ටෙන්ඩර් අඩංගු කරන්න වෙලා තියෙනවා. මේ හරහා යම් පමණකට ක්‍රියාත්මක වෙච්ච සාධනීය ප්‍රසම්පාදන ක්‍රියාවලියත් අවුල් වෙලා තියෙනවා. හැබැයි මේක නිවැරදි කරන්න පුළුවන් තත්ත්වයක් එය ඉක්මනින්ම කළ හැකිය කියන විශ්වාසය මට තියෙනවා.


ප්‍ර:මෙරට ලියාපදිංචි ඖෂධ පමණක් ආනයනය කරන්න කියලත් ඔබ නියෝග කළා. ඒකට විශේෂ හේතුවක් තියෙනව ද?


විශේෂයෙන්ම අවස්ථා කිහිපයක දී එකම ඖෂධයක් වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කිරීම පැහැදිලි නැති නිසයි.


මම කලින් කිව්වා වගේම මෙතෙක් සැපයුම් අංශය මගින් ඔවුන්ගේ ඇසුරුම් සකස් කිරීමෙන් පසුව ගොඩක් වෙලාවට ප්‍රසම්පාදන අංශයෙන් කොටසක් කෙරෙනවා වගේම ඉතිරි කොටස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් කෙරෙනවා. ඉතිහාසය පුරාම ගොඩක් වෙලාවල්වල දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තමන්ට තියෙන ප්‍රතිපාදන ඉක්මවා ඖෂධ ලබාගෙන තියෙනවා ඇතිවෙලා තියෙන තත්ත්වයන් ඇතුළේ ඒක අඛණ්ඩ සැපයීම් වෙනුවෙන් ඔවුන් ගත් තීරණයක්. ඒ වගේම ඒ හරහා ඇතිවෙච්ච මූල්‍ය අර්බුදයකුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තියෙනවා.


ඉතින් අපි යෝජනා කරන්නේ, මේකට තියෙන ක්‍රමවේදය වසරකින් බැරිවුණත් දෙකකින් හරි අනාගතවාදීව වාර්ෂික ටෙන්ඩරයක් මගින් එක්වර මිලදී ගන්න කටයුතු සූදානම් කරන්න කියන එකයි. අපට හඳුනාගන්න ඖෂධ කාණ්ඩ 890ක් විතර තියෙනවා. රෝහල්වල තිබිය යුතු සියල්ලටම බැරි වුණත් බහුතරයක් වෙනුවෙන් අපට මේ ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.


බාල බෙහෙත් ගෙන්වපු හාල් මැස්සන් උසාවි අරන් යනවා. නමුත් තෝරු මෝරු එළියේ මේක උසාවියේදීත් කියැවුණා.


මේ හා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ ක්‍රමවේදයක් අනුව මේ තොරතුරු සියල්ලම එකතු කරගෙන පුළුල් ලෙස පරීක්ෂණ කරනවා. අපිත් පසුවිපරම් කරනවා. අපි විශ්වාස කරනවා ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිද්ධ වෙලා සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගනී කියලා.


ප්‍ර:ඒ තෝරු මෝරු ඉන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ද?


මට නිශ්චිතව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න අමාරුයි. අදාළ පරීක්ෂණ අවසන් වනතුරු ඒ ගැන කියන්න බෑ.


ප්‍ර:ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයාට හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂවරයාට රටින් පිටවීම තහනම් කරමින් උසාවියෙන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඔබ ඒ ගැන දැනුවත්ද?


ඔව්, ඒ උසාවි නියෝගය ගැන මම දැනුවත්.


ප්‍ර:ඇයි එහෙම උසාවි නියෝගයක් එන්නේ ?


මම හිතන්නේ අදාළ පැමිණිලිවල ප්‍රස්තුත කාරණාව හැටියට සඳහන් වෙන්නේ ලියාපදිංචි නොකළ ඖෂධයක් රටට ගෙන ඒම. ඒ සඳහා ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කර තිබෙන බවත් පෙන්නුම් කරනවා. සහතික නිකුත් කිරීමේ ප්‍රධාන බලධරයා හැටියට ඉන්නේ වෛද්‍ය නියාමන අධිකාරිය. වෛද්‍ය සැපයීම් අංශය තමයි ඖෂධ බාර ගැනීම් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට. ඒ අනුව අදාළ තොරතුරු ලබාගැනීමට පැමිණිල්ලෙන් කළ ඉල්ලීමකට අනුව තමයි මේ උසාවි නියෝගය නිකුත් කරලා තියෙන්නේ.


ප්‍ර:බාල බෙහෙත් ගෙන්වීමේ ජාවාරමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාත් වගකිව යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද?


ඒ සම්බන්ධයෙන් මට දැනට කිසිවක් ප්‍රකාශ කරන්න බෑ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් අප සතුව නෑ.


ප්‍ර:හොර ජාවාරම් කිරීමට පහසුවන ආකාරයට තාක්ෂණික ක්‍රමවේද සෞඛ්‍ය අමාත්‍යංශය තුළ තියෙනවා. ඔබට එහෙම අවබෝධයක් තියෙනවද?


තාක්ෂණික ඇගයීම් කමිටු මේ සෑම ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධව කටයුතු කරලා තියෙනවා. සමහර වට්ටම්වලින් කෙරෙන ප්‍රසම්පාදන ක්‍රියාවලි තියෙනවා. තාක්ෂණික ඇගැයීම් කමිටුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඔවුන් වෙනුවෙන් පත් කරනවා. අමාත්‍යංශය මගින් කරන ලෝක මට්ටමේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සඳහා අමාත්‍යංශයෙන් තාක්ෂණ කමිටුවක් පත් කරනවා. විවිධ මට්ටම්වලදී ප්‍රසම්පාදන කමිටු පත් කිරීම සම්ප්‍රදායක් හැටියට කරනවා.


ප්‍ර:සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව බරපතළ චෝදනා තියෙනවා. නමුත් ඔහුට යම් ආරක්ෂාවක් තිබෙන බවට වෘත්තිය සමිති චෝදනා කරනවා. කවුද මේ ආරක්ෂකයා ?


මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී ඔවුන් සොයා ගන්නා තොරතුරු අනුව තමයි මේ පරීක්ෂණ කරන්නේ. ස්වාධීනව හා විධිමත් ලෙස මෙම පරීක්ෂණ කරන බවට ඔවුන් අපට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සඳහා බලපෑම් කරන්න අපට පුළුවන් කමක් නෑ.


ප්‍ර:චෝදනාලාභි ඇතැම් නිලධාරීන්ට සේවා දිගු ලබා දෙනවා මේවා ඔබ නොදැන ඉන්න විදියක් නෑ.?


වර්තමානයේනම් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ එවැනි සේවා දිගු ලබා දීලා නෑ.


ප්‍ර:රටේ ජනජීවිතයට තීරණාත්මකව අමාත්‍යංශයක් මේ වගේ ප්‍රශ්නකාරි තත්ත්වයට ඇද වැටෙන්න හේතුව ?


මේකට මම කලින් කිව්වා වගේම ප්‍රධානතම ගැටලුව තමයි ඖෂධ අර්බුදය. ඖෂධ සම්බන්ධයෙන් සැබෑ ලෙසම අර්බුදයක් ඇතිවෙලා තිබුණා. ඒ කොවිඩ් වසංගතය හමුවේ සහ අමාත්‍යංශය සතුව තිබූ සියලුම සම්පත් මානව හා ඖෂධ ඇතුළු අනෙකුත් සම්පත් සියල්ල භාවිත කරලා තියෙන්නේ කොවිඩ් වසංගතය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන්. 19, 20 සහ 21 අවුරුද්දේ මැද වෙනකම් ඒ තත්ත්වය තිබුණා. එයින් මරණ අවම කරගෙන විශිෂ්ට ප්‍රගතියක් ලබා ගන්න සෞඛ්‍ය අංශ සමත් වෙලා තියෙනවා. නමුත් පසුව ඇතිවුණ ආර්ථික අර්බුද හමුවේ තමයි මේ ඖෂධ ගැටලුව හා ප්‍රමාණවත් තරමේ සැපයීම් ජාලයක් නොමැතිවීමේ කාරණය මතු වෙන්නේ.


ප්‍ර:වෛද්‍යවරුන් හෙද හෙදියන් රට හැර යාම හරහා දවැන්ත අර්බුදයක් මතු වෙලා තියෙනවා. මේකට ඔබ සතුව තිබෙන පිළිතුර මොකක්ද?


ඇත්තටම සෞඛ්‍ය අංශය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් මේක.  මෙවැනි ආර්ථික අර්බුදයකදී ප්‍රශ්න මතුවෙන ප්‍රධානම අංශය තමයි සෞඛ්‍ය අංශය කියන්නේ. 


ඔවුන්ගේ වෘත්තීයමය ගැටලු ගැන මම දැනටමත් අවධානය යොමු කරලා තියෙනවා. එයින් ප්‍රධාන වෙලා තියෙන්නේ මූල්‍ය හා සම්බන්ධ ගැටලු. අධික බදු බර හා වේතනය පිළිබඳව තමයි ගැටලු තියෙන්නේ. රජයක් හැටියටත් අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.


රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී දිගටම සාකච්ඡා වුණා. යම්කිසි සහනයක් දිය හැකි නම් ඒ සහනය අනිවාර්යයෙන්ම රජය ලබා දෙනවා.


ප්‍ර:සෞඛ්‍ය සේවයට අදාළ දැවැන්ත මාෆියාවක් තියෙනවා. ඒ ගැන ඉඟියක් හෝ ඔබට දැනුණ ද?


ඒ සම්බන්ධයෙන් කතා කළොත් මට නම් එවැනි බලපෑමක් ඇතිවෙලා නැහැ. එතැන දී සාකච්ඡා කළ යුතු ප්‍රධානම කාරණය තමයි සමහර ඖෂධ සපයන්නේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක්. එවැනි කෙනෙකුට හැකියාවක් තියෙනවා. නමුත් නිෂ්පාදනය කරන සැපයීම් කරන ඖෂධයට අධික මිලක් ලබා ගැනීමට. මොකද තවත් තරගකරුවන් නැති නිසා. ඒ ගැන අවධානය යොමු කරලා තවත් සැපයුම්කරුවන් සොයාගන්න පුළුවන්ද කියලා අපි විමසලා බලනවා.


ප්‍ර:එන එන සෞඛ්‍ය ඇමැතිවරයා මේ මාෆියාවේ අතකොළු බවට පත්වෙනවා. ඔබට එසේ නොවී සිටිය හැකියැයි සහතිකයක් දෙන්න පුළුවන්ද?


ඉතාම පැහැදිලිව,  මගෙ දේශපාලන ජීවිතයේ පසුගිය වසර 13ක කාලය තුළ මේ රටේ ජනතාවගේ මුදල් එක ශත පහක් අපහරණය නොකළ, ඉතා විනිවිදභාවයෙන් කටයුතු කළ මහජන නියෝජිතයකු හැටියට මට ඔබ ඉල්ලන සහතිකය දෙන්න පුළුවන්.


මේ මාෆියාවට විතරක් නොවෙයි. අයුතු ලෙස කෙරෙන කිසිදු කටයුත්තකට වචනයෙන් හෝ සහය දීමක් මගේ දේශපාලන ජීවිතය තුළ සිදුවෙලත් නෑ සිදුවෙන්නෙත් නෑ.

 

 

     සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මාෆියා කල්ලිවලට මාව අල්ලන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3487 27

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1004 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2139 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 979 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1218 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 25 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site