(මුදිතා දයානන්ද )
මහ මැතිවරණයේදී එකට තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මැතිවරණයට ඉදිරිපත් වන ‘ලකුණ‘ ගැන සාකච්ඡා කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (11) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ විපක්ෂ නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
අපේක්ෂකයාට එකඟව තිබියදී ලකුණක් ගැන කතා කරමින් පක්ෂය කැඩී යාමට ඉඩ සලස්වා දයාසිරි ජයසේකර මහතා උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරිමට දැයි ප‍්‍රශ්නයක් මතුවන බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ අපේක්ෂකයාටත් ඔහුගේ ප‍්‍රතිපත්තිවලටත් එකඟ නම් මේ මැතිවරණයේදි වැදගත් නොවන ලකුණ ගැන විවාදයක් ඇති කරගැනීම තේරුමක් නැති ක‍්‍රියාවක් බවද පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.
පොහොට්ටුව යනු මේ වන විට පවතින ජනප‍්‍රියම ලකුණ බවද ඒ නිසා එය වෙනස් කිරිමේ අවශ්‍යතාවයක් තමන් නොදකින බවද ඔහු පැවසීය. මෙලෙස ලකුණක් ගැන කතා කරමින් දිගින් දිගට සාකච්ඡා ඇදගෙන යාමෙන් දැනට මන්ත‍්‍රීවරු 14කට අඩුවී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයිනුත් අඩක් වන තත්ත්වයට පත්වීම යැයිද පේ‍්‍රමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘මහ මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් තියෙනවා‘