IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


මහ බැංකු නිලධාරින්ට එරෙහිව මා කළ සටනට ජනපතිත් එක්වුණා

(*** අංජුල මහික වීරරත්න )

ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන මහ බැංකුවේ සීතල කුටිවල සිටින නිලධාරීන්ට එරෙහිව වසර පහක් තිස්සේ තමා කළ සටනට ජනාධිපතිවරයා ද එක්වීම ගැන සතුටට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවක දී ඊයේ (18) පැවසීය.

 මහපොළොවේ ප්‍රායෝගික දැක්මක් නැති නිලධරයන් කරන එකම දෙය වසරකට වරක් බැංකු වාර්තාව හැදීම පමණකැයි ද රවි කරුණානායක මහතා එහිදී කීවේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති  මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ රවි කරුණානායක මහතා මෙසේ ද පැවසීය.

 රටේ ආර්ථිකයට ද්‍රෝහී උනේ කවුදැයි දැන් හෙළිදරව් වී තිබෙනවා. මා ආර්ථිකය රැකගැනීම සඳහා වසර පහක් තිස්සේ සටන් කළා. අපේ මතයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් දැන් එකඟයි.

මා හැමදාම සටන් කළේ ජනතාව වෙනුවෙන්. රටේ ආර්ථික යුද්ධය පැරදුනොත් අනික් සියලු‍ යුද්ධ පරාජයට පත්වෙනවා.
රටක මහ බැංකුව තිබෙන්නේ මූල්‍ය ස්ථාවර බව ඇති කිරීමටයි. මහ බැංකුව විසින් අනුගමනය කළ යුතු මූලික කරුණු හතරක් තිබෙනවා. දේශීය මූල්‍ය සම්පත රැක ගැනීම, රුපියල ශක්තිමත් කිරීම, නිෂ්පාදනය සඳහා සැබෑ සංවර්ධනයක් ඇති කිරීම, සම්පූර්ණ අගයක් බිහි කළ හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම එම කරුණු හතරයි.

රටේ බදු ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ ආණ්ඩුවයි. මහ බැංකුව ඒ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි. එක් දහස් නවසිය හතළිස් නවයේ සිට 2000 වසර දක්වා මේ කටයුතු නිසි ආකාරව මහ බැංකුව විසින් කළ බව පෙනෙන්නට තිබෙනවා. එම කාල වකවානුවේ දී මහ බැංකුවේ යම් වර්ධනයක් ඇති වුණා. 2000 වසරේ දී දේශපාලන පත්වීම් නිසා පළමු කඩා වැටීම වුණා.

මේ ආණ්ඩුව දැන් මාස අටක් රට පාලනය කර තිබෙනවා.මේ අය එකල පැවසූයේ කුමක්ද? දැන් කියන්නේ කුමක්ද? අප එදා රට බාර ගන්නා විට ජීවන වියදම අහස උසට නැඟ තිබුණා. අද ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වන විට ශ්‍රී ලංකාවේ තෙල් මිල වැඩි වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා.

ශ්‍රී ලංකාව වැනි රටකට මූල්‍ය ආයතන 20ක් හෝ 25 ක් හෝ ප්‍රමාණවත් වුවත් අද මූල්‍ය ආයතන හැටක් 65ක් පමණ තිබෙනවා.  මූල්‍ය ආයතනවලට බලය දුන්නේ කවුද? මූල්‍ය ආයතන රාශියක් මේ වන විට කඩා වැටීලා.

ජනාධිපතිවරයා මීට දින දෙකකට පමණ පෙර මහ බැංකුවේ සැබෑ තත්ත්වය පැවසුවා. ඒ ප්‍රකාශය අනුව දැන් පොලී අනුපාතය අඩු කර තිබෙනවා. මෙවැනි දේ කරන්න කියන තුරු සිටිය යුතුද? සීතල කාමරවල  සිටින අයට ප්‍රායෝගික දැනුමක් නැතැයි කියන්නේ ඒකයි.

අප රජය ජනතාවට දැනෙන වෙනස කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැනෙන වෙනස කළා. අධ්‍යාපනය දියුණු කළා. ඖෂධ මිල අඩු කළා. සිසු රක්ෂණය හඳුන්වා දුන්නා.

රුපියලේ අගය අඩු වන විට එහි වගකීම ඇත්තේ මහ බැංකුවටයි. පොලී අනුපාතිකය වසර පහකට පෙර අඩු කළේ නැත්තේ ඇයි? සීතල කාමරවල සිටින අය  ජනතාව මෙන්ම ආර්ථිකයත් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කළා. මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ගැත්තන් බවට පත් වී සිටිනවා. එලෙස වී ඇත්තේ මහ බැංකුවේ රැකියාවෙන් පසු ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රැකියා අවස්ථා ගැනීමටයි.

සුද්දන්ට ලංකාවේ ආර්ථිකය ගැන ඇති  දැනුම කුමක්ද?
අපට බැංකු වර්ග සියයක් අවශ්‍ය නැහැ. තිබෙන බැංකු ප්‍රමාණය හරියට පවත්වා ගෙන යන්න. අප ටයි කෝට් ඇන්දත් ගමේ මිනිහගේ දාඩිය සුවඳ දන්නවා.

මෙරට මූල්‍ය ආයතන රැසක් කඩා වැටුණා. මහ බැංකුවේ එක් නිලධාරියකුවත් එහි වගකීම භාර ගත්තාද? දේශපාලකයන් නම් වසර පහෙන් පහට ගෙදර යනවා. සියලු‍ පින් නිලධාරීන් විසින් ලබා ගන්නා අතර සියලු‍ පව් දේශපාලකයන් මත පැටවීම මේ අයගේ සිරිතයි.



අදහස් (4)

මහ බැංකු නිලධාරින්ට එරෙහිව මා කළ සටනට ජනපතිත් එක්වුණා

Bamunuarachchi Friday, 19 June 2020 01:50 PM

හලෝ ඔබ දෙදෙනාම ආර්ථික නීතිරීති දන්නා අය නොවෙයිනේ. ඔබලා ගෙනෙන හැම යෝජනාවටම මහ බැංකුවට එකඟ වීමට බැරිය. දැන් එකඟ වුණා.., හැබැයි ආර්ථිකය කඩා වැටුණොත් ඔවුන්ට ඇඟිල්ල දික්කරන්න එපා. අඩු පොලියට ණය දෙනවිට ඉල්ලුම වැඩිවෙනවා. එවිට නැවත ඉබේම පොලි අනුපාතය ඉහළ යනවා. තැන්පත් කරුවන්ට දෙන පොලිය අඩුවුණාම ඔවුන් තැන්පතු ආපසු ගන්නවා.

:       0       0

Ratna P Saturday, 20 June 2020 07:04 AM

ඔබගේත්, ජනාධිපතිතුමාත් වෙනස, ඔබ බැංකු නිලධාරින් එක්ක සටන් කළේ බැංකුවෙන් හොරකම් කරන්නයි, ජනාධිපතිතුමා සටන් කරන්නයි, එය කාර්යක්ෂම කරන්නයි.

:       0       46

Bamunuarachchi Saturday, 20 June 2020 12:05 PM

හලෝ ඔහෙලා තමයි තමන්ගේ දොස්තර තමන් වෙලා දොස්තරලාට කියලා බලෙන් බෙහෙත් නියම කර ගන්නේ...

:       0       68

ranjith Sunday, 21 June 2020 11:29 PM

එයාව ගාව ගන්න එපා. හොරුන්ට එකතු වෙන්නේ නැහැ. තමුන්ගේ දේවල් වහගන්න දැන් අමුතු පාට් එකක් දාගෙන එනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site