IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මහින්ද ෆෝනසේකාට කළ දේ මෛත්‍රිටත් කරනවා

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට කළ දේම නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතාටද සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා  අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය. 

අද මහින්ද මහත්තයා පොහොට්ටුවට කතිරය ගහන්න කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයිය - බර අඩු කරන්නයි මේ යන්නේ.අපි තේරුම් ගන්න ඕන 2009 මැයි මාසේ 20 වැනි දා යුද්ධය අවසන් කරනවා, ඒ යුද්ධය දිනුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති, ගෝඨාභය ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සරත් ෆොන්සේකා නිසා. 
යුද්ධය අවසන් වෙලා සරත් ෆොන්සේකා හොඳම හමුදාපති කියලා රට වටේම අරන් ගියා, කටවුට් ගැහුවා, උත්සව තිබ්බා, බොහොම වර්ණාවෙන් කතා කලා.හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා 2010 ජනාධිපතිවරණයේදී එතුමත් එක්ක සරත් ෆොන්සේකා මහත්තයා තරග කළා කියලා ජම්පරේ ඇන්දුවා.

මෙන්න මහින්ද මහත්තයාගේ හැටි. යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න ෆොන්සේකා මහත්තයා තමන් එක්ක ජන්දය ඉල්ලපු තරහට, වෛරයට , පළිගන්න ජම්පරය ඇන්දුවා.අද මහින්ද මහත්තයා නිකං හරි රණවිරුවෙක් හිරේට ගියොත් රණවිරු දඩයම කියලා බොහොම දුකින් කථා කරනවා.හැබැයි රට බේරා ගත්ත, යුද්ධය වෙලාවේ යුද්ධය කරපු සරත් ෆොන්සේකා මහත්තයා එයත් එක්ක තරග කරපු තරහට ජම්පරය ඇන්දුවා.

අද කරන්නෙත් එදා කරපු වැඩේමයි.ඒ වගේම දෙයක් මෛත්‍රී මහත්තයයි  එයයි ඡන්දය ඉල්ලුවා, මෛත්‍රී මහත්තයා දිනුවා. සභාපති පැරදුණා දැන් මෙයා අලුත් පක්ෂයක් හැදුවේ ශ්‍රී ලංකාකාරයින්ගෙන් සහ මෛත්‍රීගෙන් පළිගන්නයි.දිනපු මෛත්‍රීට බාධා කරන්නයි යැයි ශ්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.



අදහස් (12)

මහින්ද ෆෝනසේකාට කළ දේ මෛත්‍රිටත් කරනවා

Bamunuarachchi Monday, 29 January 2018 10:16 AM

ෆොන්සේකාට කළේ කුමක්ද? ෆොන්සේකාට ජනතාව කරපුදේ බලලා කතාකරන්න. ෆොන්සේකා කව්ද කියා ඔබ තවමත් ඉගෙනගෙන නැද්ද? අනේ පව්...

:       3112       3617

sudseh Monday, 29 January 2018 10:29 AM

මෛත්‍රි ඡන්දේ ඉල්ලුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවේ. ඒක දුමින්ද දිසානායකට අමතක වුණාට ජනතාවට අමතක නැහැ. ලක්ෂ 58 අපි ඡන්දේ දුන්නේ මහින්ද මැතිඳුන්ට මිසක් හංසයාට නොවේ. අපේ ඒ වටිනා ඡන්දය අරගෙන වත්මන් ජනාධිපති පැරදුණු අපේක්ෂකයන් පත්කර ඇමතිකම් දුන්නා. අපේ ඡන්දය අවභාවිත කළා.

:       46       808

සෙනෙවි Monday, 29 January 2018 11:04 AM

ෆොන්සේකාට ඒක කලේ මෛත්‍රී ඇමතිවරයෙක්ව හිටපු ආණ්ඩුවෙන් බව අමතකද?

:       155       558

කුමාර Monday, 29 January 2018 11:09 AM

නෑ දුමින්දට වැරදිලා. මෛත්‍රීට ඒක කරන්නේ දැනට ඔහු විසින්ම බලගන්වපු එජාපයේ ලොක්කා රනිල් ජනාධිපති ලෙස පත්වීමෙන් පසුවයි.

:       3       324

R.M.S. ARIYARATHNA.Wednesday, 31 January 2018 12:05 AM

ඔබ හරියට හරි, ෆොන්සේකාටත් .ම‌ෛත්‍රීටත් දෙන්නටම යස අගේට පෙනෙයි රනිල් කවුද කියල එයා වැඩ පටන්ගත්තට පසුව. තවම එයා වැඩ පටන්ගත්තෙ නෑ.

:       0       178

Chanak Los Angeles Wednesday, 31 January 2018 04:10 AM

අපේ රටේ දේශපාලකයෙක් වෙමින් බලයක් ලැබෙනවා කියන්නේ සක්විති රජකමක් ලැබුනා වගෙයි.. බොරුනම් බලන්නකෝ එක කලිසම හෝදහොදා ඇන්දා කියපු, ෆුට් බයිසිකලයක් ගන්න රුපියල් සීයක් තිබුණේ නැහැ කියා ඔහුගේ කටින්ම කියපු අර වංශවත් දේශපාලකයාගේ අද තිබෙන වත්කම...

:       1       16

බයයි Wednesday, 31 January 2018 05:37 AM

මහින්ද මහත්තයාගේ මුහුණේ ඉරියව් දිහා හොඳින් බලනවිට බයත් හිතෙනවා..

:       128       161

janaka Wednesday, 31 January 2018 07:55 AM

මේ කරන්නේ නම් මහ ජරා වැඩක්නේ...

:       1       1

nathina Wednesday, 31 January 2018 08:25 AM

බමුණුආරච්චි !!! ඔලුව නරක් වෙලාද මඤ්ඤං කියවන්නේ!! ෆොන්සේකා කව්ද කියල කිව්වා නම් අනිත් අයටත් දැනගන්න!!

:       141       316

SenarathSaturday, 03 February 2018 07:23 AM

ෆොන්සේකා තමයි අවිස්සාවේල්ලේදී සුදුකොඩි කතාව කියලා ලංකාවේ හමුදාවට දෝෂාරෝපණය කලේ. ලෝකේ කිසිම රටක හමුදාවක් තමන්ට වෙඩි තියද්දී, මිනිස් බෝම්බ පුපුරවද්දී, අහිංසක ජනයාගේ ජීවිතවලට වන හානිය නිසා නිකන් මැරුම් කෑවේ නැහැ. එහෙම කළේ අපේ රණවිරුවෝ. මේ යුද්ධයෙන් ජීවිත බේරුණු ලක්ෂ 3 ක ජනයාගෙන් භාගයක් මැරෙනවා, යුද්ධ තව සති 2ක් ඇදුණානම්. ෆොන්සේකාට ඕනේ ගෝඨාගෙන් පළිගන්න.. රටට හෙනගැහුවත් කමක් නැහැ.

:       205       394

Saman Thursday, 01 February 2018 05:32 PM

කිසිම ප්‍රශ්නයක් නැහැ

:       0       0

gamage Friday, 02 February 2018 12:07 PM

ෆොන්සේකා හොඳ රටට සේවයක් කල විරුවෙක් තමයි. නමුත් ෆොන්සේකා කළේ කුමක්ද? මහින්දට එරෙහිව එන්ජීඕ කොන්ත්‍රාත් එකක් කිරීමයි.

:       118       222

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site