(ඩි.ජී.සුගතපාල)
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරිමට තමා හදවතින්ම කැමති බවත් ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටීමට ඕනෑම වෙලාවක සුදානම් බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.
එමෙන්ම 2020 ත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි බවත් සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ලේ අද(21) පැවති මාධ්‍ය හමුවකදිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ 2015 මැතිවරණයෙන් ලැබුණු බලය කාලකන්නි විදියට පාවිච්චි කරමින් කැබිනට් ඇමති වරුන් නියෝජ්‍ය ඇමතිවරුන් කරන දුෂණ වංචා කොමිස් ගැහැලි නිසා යහපාලන ආණ්ඩුවේ නමටත් ලැජ්ජාවක් බවයි.
මේ වැරදි කරපු අයට පුලුවන් නම් දඩුවම් දෙන ලෙස අගමැතිවරයාට අභියෝග කරන බව පැවසු ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් රඳවා ගැනිමට වෙනම දිමනා සහ වාහන දිමට සිදුවු බවත් 2020 ජනාධිපතිවන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් එහිදි හිස්වන අගමැති පුටුවට රට කරවිය හැකි නායකයෙකු අවශ්‍ය බවත් ඒ සඳහා සුදුස්සා මහින්ද රාජපක්ෂ මහතා බවත් කියා සිටියේය.
කුමාර වෙල්ගම මහතාගේ අදහස තමා අනුමත කරන බවද ඒ මහතාගේ ප්‍රකාශය හරියට හරි බවද මංගල සමරවිර මුදල් ඇමතිවරයාග් මිල සූත්‍රය මේ ආණ්ඩුව ගෙදර යවන එකක් බවද මුතුහෙට්ටිගම මහතා වැඩි දුරටත් කියා සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘මහින්ද අගමැති කිරීමට ඕනෑම වෙලාවක ඒකාබද්ධය හා එක් වෙනවා ‘
shan saudi Sunday, 21 October 2018 02:01 PM
ඔව් ජනපතිවරණයේදී ජනපතිගේ රැස්වීම්වලට හදපු ස්ටේජ් ගිනි තිබ්බේ නිකන් නෙවේනේ.. යටින් ඉන්නේ වෙන තැනක්නේ.. ඇමැතිකම ගන්න ජනපති එක්ක එක් වුණා මිස හිතවත්කමට නෙවේ කියලා රටම දන්නවා. කොහොමත් එකම තැනනේ ඉන්නේ...
Chandra Sunday, 21 October 2018 04:03 PM
මේ වගේ අය හිටිය කියලා ඉතින් රටට ඇති පලේ කුමක්ද?
janatha anura Saturday, 27 October 2018 04:49 AM
ලැබුණු බලය කාලකන්නි විදියට පාවිච්චි කරමින් කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් කරන දුෂණ, වංචා කොමිස් ගැහැලි අපිට අදාල නැහැ. අපේ පරම්පරාවෙන් අපි යූ.එන්.පී... අපි කැපුවත් කොළ... වැඩි වුණත් ඔය පුටුවේ කොළ පාටින් අපි එයත් එක්ක.. අපේ හැටි එහෙමයි.