IMG-LOGO

‘මුස්ලිම් ඇමතිවරුන් ඉවත්කිරීමේ සැලසුමේ මහමොළකරු අගමැති යි’

(එෆ්.අස්ලම්)
 
පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් උපවාසයේ යොදවා මුස්ලිම් අමාත්‍ය  මණ්ඩලයම තනතුරුවලින් ඉවත් කරවීමේ සැලැස්මේ මහ මොළකරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව මුස්ලිම් ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා අවධාරණය කරයි.

චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පමණක් ඉවත් කිරීමට අගමැතිවරයාට හැකියාව පැවතියද ඔහු එසේ නොකර මෙවන් සැලැස්මක් ක්‍රියාත්මක කළේ පටු දේශපාලන උවමනාවට යැයිද ඒ මහතා සඳහන් කළේය.

කාලීන දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතාවුල්ලා මහතා මේ බව පැවසීය.

තමා තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයෙකු බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තමා පිළිගන්නා බවත්, ගෝඨාභය රාජපක්ෂ නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා නම් කරන්නේ නම්  තමා ඇතුළු මුස්ලිම්  ජනතාවගේ  සහාය ඔහුට හිමිවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් තිබූ බවත්, මුස්ලිම් ජනතාවගේ දේපළවලට හා දේවස්ථානවලට පහරදීම්, හානිකිරීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූයේ වත්මන් ආණ්ඩු පාලනයෙන් බවද ඒ මහතා කීය.

වත්මන් ආණ්ඩුවේත් එම ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැතිඇමතිවරුන්ගේත් රැවටිලි ස්වභාවය මුස්ලිම් ජනතාව මනාව වටහාගෙන ඇතැයිද අතාවුල්ලා මහතා සඳහන් කළේය.

එමෙන්ම ඇමරිකාව ඇතුළු විදෙස් රටවල ඔත්තුකරුවන් තවමත් ලංකාවේ රැඳී සිටින බවද ඒ අයට අවශ්‍ය රැකවරණය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සලසා දී ඇති බවද  අතාවුල්ලා මහතා පැවසීය.



අදහස් (0)

‘මුස්ලිම් ඇමතිවරුන් ඉවත්කිරීමේ සැලසුමේ මහමොළකරු අගමැති යි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site