IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන පාඨලී කියයි

 

 

(නිමල කොඩිතුවක්කු)

 

මිලේනියම් චැලේන්ජ් කෝපරේසන් ගිවිසුම ඇමරිකාවේ සී. අයි. ඒ  ආයතනය විසින් හදපු මර උගුලක් නොවන බවත් එය 2008 වසරේදී මහින්ද රාජපක්ෂ විසින් ඇති කරපු, විමල් වීරවංශ මහත්තයා ගැසට් නිවේදනයක් වශයෙන් නිකුත් කරපු ජාතික භෞතික සැලැස්ම විද්‍යාඥයෝ එකතුවී කළ යාවත්කාලීන කිරීමක් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (4) පැවසීය.

ඇතැම් මාධ්‍ය සහ බාකොලොත් වූ දේශපාලඥයන් පවසන පරිදි  මෙම ගිවිසුමෙන් රටේ  කොහේවත් වැටවල් ගැහිල්ලක්වත්, කාටවත් ඉඩම් බෙදිල්ලක්වත් සිදු නෙවෙන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි කාලයේ සංවර්ධන කටයුතු සඳහා රටේ සියලූම අයාතනවල මාර්ගෝපදේශයක් ඇති කිරීම මෙහි අරමුණ බවත් සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ කීය.

‘‘ මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම කියන්නේ 2008 දී මහින්ද රාජපක්ෂ විසින් අති කරපු, විමල් වීරවංශ මහත්තයා ගැසට් නිවේදනයක් වශයෙන් නිකුත් කරපු, ඒ ජාතික භෞතික සැලසුම, විද්‍යාඥයෝ එකතුවෙලා කරපු යාවත්කාලීන කිරීමක්.

මේකේ කොහේවත් වැටවල් ගැහිල්ලක්වත්, කාටවත් ඉඩම් බෙදිල්ලක්වත් නැහැ. රටේ සියලූම අයාතනවල මෙමගින් මාර්ගෝපදේශයක් ඇති වෙනවා.

මේ දවස්වල මාධ්‍ය මගින් තවත් කාර්යක් කරගෙන යනවා. මම ඒකට කියන්නේ, ”මාධ්‍ය පැසිට්වාදය” කියලා, ඒමගින්, ”ජනතාව තුළ, බිය, සැක, අනාරක්ෂිතභාවය, ඇතිවන ආකාරයෙන් කිසි පදනමක් නැති තොරතුරු ජනගත කරමින් ඒ හරහා, ජනතාවගේ ඡන්දය දිනාගැනීමේ ක‍්‍රියාවලියක මාධ්‍යයය නිරතව සිටිනවා.

යෝජිත ගිවිසුම පිළිබදව ඇතිකර තිබෙන පදනම් රහිත, අසත්‍ය ප‍්‍රචාර, හරහා ජනතාව තුළ බියත් සැකක් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා.

රට හරහා කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා වැටක් ගහන්න යනවා කියලා, සමහරු කියනවා ඒ වැට අතුලේ, ඒ ගොල්ලෝ කියන ඔය කොරිඩෝවට හමුදාව බස්සන්න යනවා කියලා, ඒ හමුදාව අපේ කානතාවන් දූෂණය කරන්න ඉඩ තියනවයි කියලා, මේවා ඉතා නින්දිත පදනම් විරහිත කතා.

මේ ජාතික භෞතික සැලැස්ම ආඩම්බර වෙන්න ඔන දෙයක්, මේක ගොඩක් රටවල නෑ, මෙම ක‍්‍රියාවලිය ආරම්භ වුනේ වසර 2000 දි, ඒවකට ග‍්‍රාම සහ නගර සැලසුම් දෙපාර්තමේන්තුව පරිවර්තනය කළ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව නමින්, ඒහි මූලික සැලසුම වුනේ, විධිමත් අධ්‍යනයකින් පසු, ජාතික භෞතික සැලැස්මක් පිළියෙළ කිරීමයි.

ශ‍්‍රී ලංකා රජය සහ ඇමෙරිකාවේ සහස‍්‍ර අභියෝගතා සංස්ථාව විසින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇති බාධා ලෙස ගැනෙන, ප‍්‍රවාහන කේෂ්ත‍්‍රයේ පවතින දුර්වලතා සහ යටිතල පහසුකම් සහ ඉඩම් පරිපාලන ක‍්‍රීයාවලියේ පවත්නා දුර්වලතා මගහැරීමට සැලසුම් කර ඇති වැඩසටහනක් මේ මගින්  ඇ.ඩො.මිලියන 480 ක් හෙවත්  කෝටි 8600ක  ප‍්‍රදානයක් අපට ලැබෙනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන පාඨලී කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17745 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site