IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මේක ආණ්ඩුවක් නොවෙයි: අරාජික කැඳ හැළියක්

(නාලක සංජීව දහනායක)

ජනමත විචාරණයකට නොගොසින් සර්වජන ඡුන්ද බලය අහිමි කිරීමට, කල් දැමීමට හෝ වෙනස් කිරීමට ආණ්ඩුවකට බලයක් නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ඉරිදා (28) පැවසීය.

සමාජවාදී ජනතා පෙරමුණ විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඉරිදා (28) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවසීය.

ඇතැම් නඩු උවමනාවෙන්ම යටගසන බවට එක්සත් ජාතික පක්‍ෂය  නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව චෝදනා කරනවා. දේශපාලන බලපෑම් අනුව කටයුතු කළ යුතු බවට එම දෙපාර්තමේන්තුවට ප‍්‍රබල බලපෑමක් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට එක්සත් ජාතික පක්‍ෂය විසින් කරනු ලබන චෝදනා   අගමැතිවරයාගේ  අනුමැතිය යටතේ නැගෙන බවට අනුමාන කළ හැකියි. මේ නිසා අධිකරණ ඇමැතිතුමටත් තමන්ගේ තනතුරින් ඉවත් වීමට සිදුවුණා.

නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම වරදක් සිදුව නැති බවත් එම දෙපාර්තමේන්තුවට චෝදනා කිරීමට කිසිම හේතුවක් නැති බවත් ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කර තිබුණා. මේ පරස්පර ප‍්‍රකාශ අනුව ආණ්ඩුවකට ඉදිරියකට යන්න පුළුවන්ද?. එහෙමනම් මේක ආණ්ඩුවක් නෙමෙයි. මේක අරාජික කැ`ද හැලියක්.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් බාර දුන්නා. තමන්ට විරුද්ධ ඖෂධ සමාගම් මාෆියාව මෙම විශ්වාසභංග යෝජනාව පිටුපස සිටින බව ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබුණා. ඇමැතිවරයා මෙම සමාගම් සමඟ සම්මුතියකට ගියා. නමුත් ලෝකයේ අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් ඇමැතිවරයා පිටුපස්සේ ඉන්නවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය විනාශ කිරීමේ ඒජන්තවරයා ලෙස ඔහු ක‍්‍රියාකරන්නේ ඒ නිසයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සීමා නීර්ණ සමාලෝචන කමිටු වාර්තාව අවුරුදු දෙකක් තිස්සේ ඇදි ඇදී ආවා. එම කාර්යය සිදුකිරීමේදී තමන්ට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා බලපෑම් කළ බව සීමා නීර්ණ කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා ප‍්‍රකාශ කළා. නමුත් මැතිවරණ කොමිසම හා තවත් දේශීය හා ජාත්‍යන්තර සංවිධානවල බලකිරීම මත  පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි මට්ටමක් දැන් ඇතිවී තිබෙනවා. ඒ අතරදී මැතිවරණ කොමිසම විසින් සකස් කළ සංශෝධන වලට ආණ්ඩුවත් අලූත් වගන්ති දැම්මා.

රජයේ ක්‍ෂේත‍්‍ර නිලධාරීට දේශපාලනය කිරීමට ලැබී තිබූ අයිතිය එක්සත් ජාතික පක්‍ෂය විසින් අකුළාදමා තිබෙනවා. කාරක සභා අවස්ථාවේදී ඒ වගන්තිය රිංගවපු නිසා වගන්තියට එරෙහිව උසාවි යන්නත් බැරිවුණා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සම්පුර්ණ බලය මේ වනවිට මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා. ඒ සඳහා සූදානම්වීමට මාස දෙකක කාලයක් කොමිසම විසින් ඉල්ලා තිබෙනවා. ඒ අනුව නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබේවි.

සියලූම පළාත් සභා මැතිවරණ එකවිට පැවැත්වීමට රජය සූදානම් වෙනවා. එසේ කිරීමෙන් පළාත් සභා මැතිවරණත් කල් යනවා. පළාත් සභා මැතිවරණ සියල්ලම එකට පැවැත්වීමට ආණ්ඩුවට තිබෙන උවමනාව මොකද්ද කියලා ආණ්ඩුව තවම අපිට කියල නැහැ. පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ දිනය තීන්දු වෙන්නේ  පළාත් සභා ආරම්භ වූ දිනය අනුවයි. සියලූම පළාත් සභා මැතිවරණ එක්විට පැවැත්වීමෙන් සබරගමුව පළාත් සභාවේ මැතිවරණය පැවැත්වීමේ කාලය දිගු වෙනවා.

ඌව පළාත් සභා මැතිවරණය නියමිත කාලයට කලින් පැවැත්විය යුතු වෙනවා. ඒකෙන් තමන්ට අගතියක් වෙන නිසා ඌව පළාත් සභාව විසි වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නා. ජනමත විචාරණයකට නොගොසින් සර්වජන ඡන්ද බලය කල් දැමීමට හෝ වෙනස් කිරීමට හැකියාවක් නැහැ. ආණ්ඩුවකට එසේ කිරීමට බලයක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවත්සරය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සතියේදී පැවත්වෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිපත්ති සමඟ තමන්ට තවදුරටත් සිටිය නොහැකි බවට ජෝන් සෙනෙවිරත්න මහතා දැනටමත් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුවේ තවත් ගලක් ගැලවෙන්න යනවා. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ මතවාදය, දර්ශනය අනුව එක්සත් ජාතික පක්‍ෂය සමඟ තමන්ට තවදුරටත් ගමනක් යෑමට නොහැකි බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළොත් ශ්‍රී.ල.නි.ප සමුළුවට වටිනාකමක් ලැබෙනවා. එවැනි ප‍්‍රකාශයක් කළොත් එක්සත් ජාතික පක්‍ෂය පරාජය කිරීමේ එකඟතාවක් ඇතිවේවි යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ කොමියුනීස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලූරේ මහතා මෙසේ පැවසීය.

පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ වංක ෙචිතනාවක් ආණ්ඩුවට ඇතිවී තිබෙනවා. එක් දිනයක මැතිවරණ පැවැත්වීමත් ආණ්ඩුවේ හදිසි තීරණයක්. සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීෙමී තීරණය ප‍්‍රායෝගික තීරණයක් නෙමෙයි. ඒ ඒ පළාත් සභාවල පවතින තත්ත්වය අනුව ඒවා  ඕනෑම මොහොතක විසුරුවා හැරීමට පුළුවන්.

නමුත් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ පළාත් සභා මැතිවරණ කල් දැමීමයි. පළාත් සභා වල ආණ්ඩු බලය විපක්‍ෂයට ලැබෙන නිසා පළාත් සභා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සාහ ගන්නවා. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඡුන්දය නොදීමට උතුරු පළාත් සභාව දැනටමත් තීරණය කර තිබෙනවා.

එමෙන්ම පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ මැතිවරණ කොමිසම සතු බලය  මෙම සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට ලැබෙනවා. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරගන්නවා නම් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගත යුතුයි.



අදහස් (3)

මේක ආණ්ඩුවක් නොවෙයි: අරාජික කැඳ හැළියක්

පිටිගල මිලානෝ Tuesday, 29 August 2017 06:31 AM

හොරු රැලක් සහ කැඳ හැලියක්!

:       28       10

pansilu Tuesday, 29 August 2017 08:28 AM

නෑ වට්ටක්ක හැලියක්

:       23       36

Sugath Wednesday, 30 August 2017 04:40 AM

වාසු කරන්නේ අනුන්ගේ දේවල්වලට කුලියට කහින එක විතරය්. කට ඇරියොත් කුණුහරුප.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site