(ඩයනා උදංයගනී සහ සුජිත් හේවාජූලිගේ)
භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ කිසිදු ජනතා පිළිගැනීමක් නොමැති දේශපාලන අනාථයින් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (26) පැවසීය.
එවැනි භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි කී අජිත් පී.පෙරේරා මහතා වත්මන් යහපාලන රජය මීළඟ ජනාධිපතිවරණය දක්වා ශක්තිමත්ව පවතිනු ඇතැයි ද සඳහන් කළේය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
පෙරේරා මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
පසුගිය දා ආණ්ඩුව හැර ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තම රැකවරණය හා බලය රැක ගැනීමේ අරමුණින් භාරකාර ආණ්ඩුව ගැන කතා කළ බව කී අජිත් පී. පෙරේරා මහතා පසුව ඒකාබද්ධ විපක්ෂයත් ඒ හා එක්වූ නමුත් මහින්ද රාජපක්ෂ මහතා මද දුරක් ගොස් එය අතහැර දැමූ බවද කියා සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ දේශපාලන අනාථයන්’