IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘බහුජාතික සමාගම් වලට ඕනෑ විදියට අණපනත් වෙනස් කර රට අගාධයට ගෙනයනවා’

 

(නිමල කොඩිතුවක්කු)

යහපාලනය පෙන්වමින් රට වීදි ගණිකාවක් බවට පත්කරන  වත්මන් රජයේ ක‍්‍රියා කළාපය  බුදු සරණයි බෝඩ් ලෑල්ල දමාගෙන හොර හරක් පටවන ලොරි රථ මෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා අද (14) පැවසීය.

බහුජාතක සමාගම් වලට  ඕනෑ විදියට රටේ වැදගත් අණපනත් පවා වෙනස් කරමින් වත්මන් රජය රට ආගධය කරා මෙහෙයවමින් පවතින බවද මන්ත‍්‍රිවරයා සදහන් කළේය. 

බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ පිහිට ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ පැවසීය.

යල් පැන ගිය බව පවසමින් රේගු  ආඥා පනත, අධ්‍යාපන ආඥා පනත, සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ ආඥා පනත, රජයේ ඉඩම් ආඥා පනත, කුඹුරු ආඥා පනත ආදී රටට වැදගත් ආඥා පනත් 10ක් අහෝසි කිරීමේ උත්සාහයක රජය නිරත වී සිටින බවද හෙතෙම කීය.

ජනතාව තුළ යම්කිසි අයිතිවාසිකම් ප‍්‍රමාණයක් හෝ  ඉතිරි වී තිබුණේ නම් එයට ප‍්‍රහාර එල්ල කිරීම මෙහි අරමුණ වී ඇති බවද මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.



අදහස් (2)

‘බහුජාතික සමාගම් වලට ඕනෑ විදියට අණපනත් වෙනස් කර රට අගාධයට ගෙනයනවා’

saman Wednesday, 15 November 2017 06:09 AM

මොන ආණ්ඩුවෙන් මොනවා කරත් ජවිපෙ කට්ටිය කරන්නේ ඒකට මොනවහරි කතා ටිකක් කියන එක විතරයි. කරන විදිය වැරදියි කියනව මිසක් හරියට කරන්නෙ කොහොමද කියල මෙයාල කවදාවත් කියන්නෙ නෑ. ජවිපෙ කට්ටිය හිතන් ඉන්නෙ ආණ්ඩුවට සල්ලි අහසින් පහලවෙනව කියල. සේරම කරන්ඩ ඕනේ මිනිස්සුන්ගෙන් ගන්න බදු වලින් කියල නොදන්නව වගේ තමයි කතා කරන්නෙ.

:       1       318

ranjith Wednesday, 15 November 2017 02:53 PM

ජවිපෙ ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකමයි. බහු ජාතික සමාගම් වලින් කෙරෙන්න යන ආර්ථික මංකොල්ලයටත් වඩා දරුණු වැඩක් සිදු කිරීමට තමා ජවිපෙ දැන් යුඇන්පියට සහයෝගය දෙමින් ඉන්නේ. එනම් රට කෑලිවලට කඩන ව්‍යවස්ථාව කරලියට ගෙන ඒමට... ජවිපෙ යූඑන්පි යට දෙන සහයෝගය දේශද්‍රෝහී ජාතිද්‍රෝහී වැඩක්. එය එදා ආණ්ඩුව කොටින්ට එරෙහිව කල යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් වූ 2008 දී අය වැය ලේඛනය ඉදිරිපත් කල අවස්ථාවේදී එය පරදවා රාජපක්ෂ රජය බිම දැමීමට ජවිපය යුඑන්පිය සහ දෙමළ සන්ධානය සමග එක්වී අය වැය ලේඛනයට විරුද්ධව ඡන්දය දුන්නා වගේම දේශද්‍රෝහි ක්‍රියාවක්. මහින්ද සල්ලි දීලා යූඑන්පියෙන් බිලිබා ගත්තු මන්ත්‍රීවරු 42 නොසිටින්නට එදා එම ඡන්දයෙන් යුඑන්පිය අනිවාර්යයෙන්ම දිනනවා. එහෙම වුණානම් යුද්ධය තවමත් යනවා. ඒ වගේම ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර... එහෙමත් නැත්නම් මෙලහකටත් ඊලම පිහිටුවලා.

:       0       623

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site