IMG-LOGO

‘‘බලය රැකගන්න ඇටවූ උගුල් වල සිරිසේන - වික්‍රමසිංහ කොටුවෙලා‘‘

(මුදිතා දයානන්ද)           

තම තමන්ගේ බලය රැකගැනීමට අනෙකා වෙනුවෙන් ඇටවූ උගුල්වල අද සිරිසේන - වික්‍රමසිංහ දෙපළම කොටුවී සිටිනවා. එයින් විනාශ වන්නේ ඔවුන් නොව රට යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවසීය.           

දිසානායක මහතා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ජාතික විද්වත් සභාව සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද පැවසීය.           

    ‘‘මහජනතාව ඡන්දේ දීලා ආණ්ඩුවක් පත් කරගත්තාම ඒ ආණ්ඩුව වෙනස් කරන්න පුලුවන් නැවත ඡන්දයකට යාමෙන් හෝ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් හුවමාරු වීමකින්. ඒත් මෙවර සිදුවුණේ ඒ දෙකම නෙවෙයි. සාම්ප්‍රදායට, යුක්තියට, සදාචාරයට, ප්‍රජාතන්ත්‍රවාදයට මේ කිසිම දේකට අනුගත නොවන ක්‍රියාවක්.            

රනිල් වික්‍රමසිංහ මහතා හිතාගෙන හිටියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බෙදීම තමයි තමන්ගේ පැවැත්මේ ප්‍රධාන සාධකය. එයට සිරිසේන මහතා මේ පැත්තේ සිටියදී මහින්ද කල්ලිය ශක්තිමත් කිරීම වැදගත් කියලා ඔහු හිතුවා.

ඔහු කිසිසේත්ම හිතුවේ නැහැ 2015 ජනවරම රැකීම තමයි පාලනය රඳා පවත්වා ගැනීමට වැදගත් වන්නේ කියලා. ඒ වෙනුවට පක්ෂ බෙදන්න ගිහින් ඔහු ඒ උගුලේ හිරවුණා. ඔහු විසින්ම අටවා ගත් උගුලේ තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහතා පැටලී සිටින්නේ.            

සිරිසේන මහතාට තිබුණේ 2020 නැවත ජනාධිපතිවරණ්‍යට ඉදිරිපත්වීමයි. ඒ බල න්‍යාය පත්‍රයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔහු මහින්ද මහත්තයාට නැවත කිට්ටු කරන්නේ. ඒ නිසා මේක මොවුන්ගේ බල න්‍යාය පත්‍රයේ බල සූදුවේ ප්‍රතිඵලයක්.                   

මේ දේශපාලන පාර්ශ්ව දෙකෙන් තවදුරටත් යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු විය යුතු නැහැ. මේ බල සූදුව වහාම නැවැත්විය යුතුයි. මේක අසීරු වුණත් ජනතාව අපෙන් ඉල්ලා සිටිනවායත් වඩා වීවෘත මනසකින් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරිමට මැදිහත් වෙන්න සූදානම්. එහි වගකීම් අපිට පමණක් තිබෙන්නක් නොවේ.

ඒ නිසා සිදුවීම් වුවාට පසු අඳෝනා නගනවාට වඩා දිගුකාලීන වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස මේ රටේ සියලු ජනාවගෙන්, ප්‍රගතිශීලි බලවේගවලින් ඉල්ලා සිටිනවා.  ‘‘

ඡායාරූප    චතුර එස් .කොඩිකාර

 



අදහස් (0)

‘‘බලය රැකගන්න ඇටවූ උගුල් වල සිරිසේන - වික්‍රමසිංහ කොටුවෙලා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 8 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site