IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අධිපතිවාදී දේශපාලනඥයන්ට පාඩමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය නොතකන ලොවපුරා සිටින අධිපතිවාදී දේශපාලනඥයන්ට යස පාඩමක් යැයි හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ලංකාදීපයට අද (24) පැවැසීය.

පාර්ලිමේන්තුව අත්හිටුවීම හෝ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට හෝ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගත තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දුවක් දුන්නේය. එකළොස් දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් එම තීන්දුව ලබාදුන්හ.

එම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මෙසේද කීය.

      “බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ තීරණය නීතිවිරෝධී කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව එරට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මහජන නියෝජිතයන්ගේ ජයග්‍රහණයක්. එමෙන්ම ඔවුන්ගේ ශක්තිමත් බව සහ බලය පෙන්නුම් කරන්නක්. එපමණක් නොව එම ඉතිහාසගත තීන්දුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තහවුරු කිරීමක්.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඔහු ගෙන එන ලද අණ පනත් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්වෙද්දි බහුතර මහජන නියෝජිතයන්ගේ විරෝධය හමුවේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළා. අග්‍රාමාත්‍යවරයා ගත් සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී එම තීරණය නීතිවිරෝධී කරමින් බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ලොවපුරා සිටින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කිසිදු තැකීමක් නොමැති අධිපතිවාදී

දේශපාලනඥයන්ට යස පාඩමක් උගන්වන තීන්දුවක්.

එපමණක් නෙවෙයි, මේ තීන්දුවත් සමඟ කෙටිම කාලයක් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය හෙබවූ තැනැත්තා බවට පත්වීමේ අවදානමකට ද අගමැති ජොන්සන් මුහුණ දී සිටිනවා” ඉම්තියාස් බාකීර් මාකාර් මහතා තවදුරටත් කීය. 



අදහස් (0)

බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අධිපතිවාදී දේශපාලනඥයන්ට පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site