IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බැඳුම්කර කොමිසමේ වාර්තාව එක්ක සියලු සාක්ෂිත් උපලේඛනයක් ලෙස දෙන්න

(විනීතා එම් ගමගේ)


බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ එහි උපලේඛනයක් වශයෙන් එම කොමිසම ඉදිරියේ දුන් සියලුම සාක්ෂි ලබාදෙන ලෙස එම කොමිසමෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

වෙනත් කොමිෂන් සභාවල වාර්තා ලහි ලහියේ ගෙනැවිත්, ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව වන බැඳුම්කර වංචාව පිළිබඳ අවධානය වෙනතක යොමු කරවීමේ වෑයමක් ඇතැයි පෙනී යන බව ද හෙතෙම සඳහන් කළේය. 
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ, පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (03) පැවැති එම පක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය. 

“බැඳුම්කර කොමිසමේ වාර්තාව සති දෙකක් ඇතුළත ප්‍රසිද්ධ කරන බවට ජනාධිපතිතුමා පොරොන්දුවක් දී තිබෙනවා. මේ වාර්තාවේ අඩංගු වන්නේ කොමිසමේ නිර්දේශ සහ ඒවාට පදනම් වූ කොමිසම ඉදිරියේ ලබා දුන් සාක්ෂිවලින් උපුටා ගත් කොටස් පමණයි. මේ කොමිසම ඉදිරියේ ඉතා වැදගත් සාක්ෂි විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඒවා වාර්තාවේ නෑ. නමුත් ඒ තොරතුරු ජනතාවට අදාළයි. 
ඇමැතිවරු කොමිස් විදියට ගෙවල් ගත්තු හැටි, මූල්‍ය වෙළඳපොළේ සිටින රාජ්‍ය නිලධාරින්ට පගාව දුන්නු හැටි, ඇමැතිවරු නිලධාරින්ට බලපෑම් කළ හැටි, මහ බැංකු අධිපති වංචාවට අවශ්‍ය පසුබිම හදපු හැටි, ඇමැතිවරු සොරකම සාධාරණීකරණයට පොත් ලියද්දී මැති ඇමැතිවරු සොරකම වසා ගැනීමට පාද සටහන් යෙදූ හැටි. 

මේ සියල්ලම අර සාක්ෂිවල තිබෙනවා. අල්ලස් කොමිසමට සහ නීතිපතිට මේ වැරැදිවලට එරෙහිව නඩු පැවරිය හැක්කේ මේ තොරතුරු නිල වශයෙන් ඔවුන්ට ලබා දුන්නොත් පමණයි.  එබැවින් කොමිසමේ වාර්තාවට උපලේඛනයක් ලෙස මෙම සියලුම සාක්ෂි ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. කොමිසමේ රාජකාරිය සාර්ථකව අවසන් කළා වන්නේ එහෙම කළොත් පමණයි.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.  මුළු රටම ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව පිළිබඳ ජනපතිතුමන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ දෑස් දල්වා ගෙන සිටින අතරේ හදිසියේම තවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ජනාධිපතිතුමාට භාර දෙනවා.  

ඒ බරපතළ වංචා ගණනාවක් යැයි කියමින් ඒවා පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව. ජනපතිවරණ සමයේ සන්ධානයේ ප්‍රචාරක දැන්වීම් සඳහා අයි.ටී.එන්. එකට මුදල් ගෙව්වා ද? බස් සඳහා ලංගමට මුදල් ගෙව්වා ද? උතුරේ අත්හැර ගිය කම්හලක යකඩ කපා ඉවත් කළ බව ආරක්ෂක ලේකම් දැන සිටියා ද? මේ වගේ ප්‍රශ්න තමයි ඒ කොමිසම විමර්ශනය කළේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු විශාල පිරිසක් මේ කොමිසම ඉදිරියට ගියා. කවුරුවත් මට මතක නෑ, මම දන්නේ නෑ කියලා සාක්ෂි දුන්නේ නෑ. මට සාක්ෂි දෙන්න එපා කියලා රාජපක්ෂවරු තර්ජනය කරනවා කියලා කවුරුවත් කොමිසමට පැමිණිලි කළේ නෑ. කිසිම ආන්දෝලනාත්මක දෙයක් කොමිසම ඉදිරියේ හෙළි වුණෙත් නෑ.

කවුරු හරි රාජපක්ෂවරයකු වරදක් කර තිබෙනවා නම් උපරිම දඬුවම් ලබා දෙන්න.  අපි ඊට විරුද්ධ නෑ. නමුත් ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව පිළිබඳ අවධානය වෙනතකට යොමු කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් අපි ඒකට විරුද්ධයි. අතිගරු ජනාධිපතිතුමනි, කඩුවෙන් වහන්න අලියා ලොකු වැඩියි කියලා අපි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.

ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ ඒකීය නමින් පෙඩරල්  ව්‍යවස්ථාවක් කියන එක 2016 මාර්තු මාසයේ සිටම අපි අඛණ්ඩව කියූ දෙයක්.  ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් මහා සංඝරත්නය ඉදිරියේ දිවුරා කිව්වේ ඒකීයභාවයට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා.  ව්‍යවස්ථා අතුරු වාර්තාව ඉදිරිපත් කළාට පස්සෙත් අපි වගන්ති උපුටා දක්වමින් නව ව්‍යවස්ථාව පෙඩරල් වන්නේ කොහොමද කියලා පෙන්නුම් කළා.  

ආණ්ඩුවේ මැති ඇමැතිවරු එහෙම වෙන්නේ නෑ කියලා අපිත් එක්ක මරා ගත්තා.  ඔන්න දැන් ඒ ප්‍රශ්නයත් විසඳිලා තිබෙනවා. ව්‍යවස්ථාවේ සම නිර්මාතෘ වන එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීතුමා දෙමළ සන්ධානයේ අපේක්ෂකයන් අමතමින් නව ව්‍යවස්ථාවේ ලේබලය ඒකීය වුණාට ලක්ෂණවලින් පෙඩරල්වලටත් එහා ගිහින් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

සුමන්දිරන් මන්ත්‍රීතුමා මොකද්ද මේ කියන්නේ? ජනාධිපතිතුමා වැරදියි. අගමැතිතුමාත් වැරදියි. ගම්මන්පිලලා හරි. ඒකාබද්ධ විපක්ෂය හරි කියන එකයි. මහ බැංකු වංචාවක් වුණේ නෑ කියලා ආණ්ඩුව අවුරුදු දෙකක්ම කිව්වත් අවසානයේ ඇත්ත හෙළි වුණා. ඒ වගේම ගෙනාවේ පෙඩරල් ව්‍යවස්ථාවක් නොවේ කියන එක, රත්තරන් අශ්වයා සහ ලැම්බොගිනි සිට එන බොරු වැලේම තවත් එක් බොරුවක් බව මේ වනවිට ඔප්පු වී තිබෙනවා.

තවත් කාරණයක් කිව යුතුයි. යම් භූමියක් අයත්වන්නේ කුමන රටකට ද යන්න සඳහන් කරන කාරණයක් ලෙස ඒ රටේ ධජය එසවීම පෙන්වා දිය හැකියි. ශ්‍රී ලංකා භූමියේ එසවිය හැකි එකම ධජය ජාතික කොඩිය පමණයි. ඒ හැරුණු විට තානාපති කාර්යාලවලට එම කාර්යාල භූමියේ අදාළ රටේ ධජය එසවිය හැකියි. එහෙම නම් චීන ජාතික ධජය එසවිය හැක්කේ එරට තානාපති කාර්යාල භූමියේ පමණයි. එහි අදහස එම භූමියේ ක්‍රියාත්මක වන්නේ අදාළ කොඩිය හිමි රටේ නීතිය බවයි. 

මාගම්පුර වරායේ චීන කොඩිය ඔසවා තිබෙනවා. එසේ නම් එය චීනයට අයත් භූමියක් ද? යන ප්‍රශ්නය නැගෙනවා. එසේ නම් අපි නොදන්න ගිවිසුමකින් හම්බන්තොට චීනයට දීල ද දන්නේ නැහැ.” යැයි ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 

මාධ්‍ය හමුව ඇමතූ පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක නීතිඥ තුෂාර දිසානායක මහතා මෙසේ පැවැසීය.

“ලෝක රාජ්‍ය නොවන සංවිධාන 87ක් එක්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්මානයක් දී තිබෙනවා. ඒ එතුමා ගෙනයන මත් විරෝධී සටන ලංකාව තුළ ඵලදායී සේ ගෙන යාම හේතුවෙනුයි. 

නමුත් මේ රට තුළ එම සම්මානයට ගැළපෙන තත්ත්වයක් තිබෙනවා ද? බැඳුම්කරයේ චූදිතයන්ට මත්පැන් වෙනුවෙන් බදු සහන දීලා. ඒ අතර සහල් හිඟයක් නිර්මාණය වුණේ බීර  නිෂ්පාදනයට සහල් ලබා දීම හේතුවෙන්. 

භාෂණය හා ක්‍රියාකාරකම් අතර වෙනසක් තිබෙනවා. එයින් මිදී කටයුතු කරනවා නම් හොඳයි.” යැයි ද දිසානායක මහතා පැවසීය. මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ කඩුවෙල සංවිධායක ශිරන්ත ජයලත් මහතා ද සහභාගි විය.



අදහස් (1)

බැඳුම්කර කොමිසමේ වාර්තාව එක්ක සියලු සාක්ෂිත් උපලේඛනයක් ලෙස දෙන්න

rocky Friday, 16 March 2018 02:35 PM

අම්මපා! මේ කටට නිවාඩුවක් ඇත්තේම නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site