IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


බුද්ධාගමට ඇති තැන එලෙසින්ම

(දයාරත්න ඇඹෝගම)

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යයවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම බෞද්ධ ආගමට තිබිය යුතු ස්ථානය අනිවාර්යෙන්ම ලබා දෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

එයට අබමල් රේණුවක අඩුවක් හෝ අවැඩක් සිදුවිමට ඉඩ නොතබන බව ද ඒ මහතා කීය.

අමාත්‍යවරයාගේ අනුරාධපුර නිවසේ අද (25) පැවති හිටපු පළාත් පාලන නියෝජිතයන් දැණුම්වත් කිරීමේ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

 

“මේ රට බෞද්ධ රටක් කියන එක මේ රටේ ජීවත් වෙන අන්‍ය ආගමිකයෝ දන්න කාරණයක්.ඒකට කවුරුත් අභියෝග කරන්න සූදානම් වෙලත් නෑ, සූදානම් වෙන්නෙත් නෑ කියන කාරණාව අපි සිහිපත් කළ යුතු වෙනවා.

ඒ වගේම ව්‍යවස්ථා සංශෝධනය ගමට එතරම් බලපෑවේ නැති වුණාට හැම ජනාධිපතිවරණයකදීම, පාර්ලිමේන්තු මැතිවරණයකදීම ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා කරනවා.2000 දි චන්ද්‍රිකා මැතිණිය ව්‍යස්ථාව ගෙන ආවා, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ එකට එකතු වෙලා ඒක ගිනි තියලා ඒක පාර්ලිමේන්තුවේදීම නැවැත්තුවා

ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා කරන විට අපේ මහා සංඝරත්නය වැරදි බියක් ඇති කර ගෙන තිබෙනවා.ව්‍යවස්ථා සංශෝධනයෙන් බෞද්ධාගමට තියෙන තැන නැති වෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන්.

මේ පිළිබදව ජනාධිපතිවරයා අවස්ථා කීපයකදීම ස්වාමීන් වහන්සේලා වැඩම කර සිටි උත්සව රාශියකම මතක් කළා මේ ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට හෝ සිංහල ජාතියට, මේ රට තුළ ජීවත් වන අන්‍ය ආගමිකයින්ට මේ ව්‍යවස්ථා සංශෝධනය තුළින් කිසිම අසාධාරණයක් වෙන්නෙ නෑ කියන ප්‍රතිඥාව ලබා දී තිබෙනවා.

විශේෂයෙන්ම බෞද්ධ ආගමට තිබිය යුතු තැන, දීලා තිබුණ තැන අනිවාර්යෙන්ම තියෙනවා කියන එක සහතික වෙලා තියෙනවා.නමුත් අපේ රටේ මොන අවාසනාවකටද දන්නේ නෑ හොද දේ ගැන නෙමයි නරක දේ ගැන තමයි කථා බහ කරන්නේ.මේ ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නෙමෙයි, මේක යෝජනාවක් පමණයි, උදාහරණයක් ලෙස ගත්තොත් ගම සංවර්ධනය කරන්නේ කොහොමද කියලා ගමේ කට්ටිය එකතු වෙලා සාකච්ජාවක් කරනවා.ඒ සාකච්ජාවේදී එක එක්කෙනා එක එක යෝජනා කරනවා.මේ මොන යෝජනාවද අවසානයේ ක්‍රියාත්මක කරන්නේ කියන එක තාම කෙටුම්පත් කරලත් නෑ, තාම තීන්දු කරලත් නෑ.

ඉදිරියේදී මේ ව්‍යවස්ථාවේ යෝජනාවලිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම පන්සලකටම ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.එතකොට අපේ හාමුදුරුවරුන්ට මේක කියවලාම බලාගන්න පුලුවන්කම තියෙනවා මොනවාද මේ යෝජනා, මේ යෝජනා සාධාරණද? අසාධාරණද ? මොකක්ද මතය කියන කාරණාව කථා බහ කරන්න පුළුවන්කම තියෙනවා.මහා සංඝරත්නයේ ආශිර්වාදය, මතය අපිට අවශ්‍යයයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පවත්වනවා වගේම,  ඉදිරි පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ ආසන ක්‍රමයට පැවත්විමට රජය සැළසුම් කර තිබෙනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (4)

බුද්ධාගමට ඇති තැන එලෙසින්ම

dhamneth Wednesday, 25 October 2017 11:55 AM

ඉස්සර හාමුදුරුවරු සිල්වත්, බුද්ධිමත් හාමුදුරුවරු කියනදේ ගිහියෝ ඇහුවා. දැන් ඔය අවස්ථාවාදී දේශපාලකයින්ට කඩේ යන හාමුදුරුවරුන්ට ඔය දෙකම නැහැ. ඒ ඇත්තෝ වැඩ කරන්නේ අවස්ථාවාදී දේශපාලකයන් කියන විදිහට. ජනතාව පින්කම් කරන්න ආවට ගොන්කම් කරන්න එන්නේ බොහොම ටික දෙනයි. මෑතකදී එක හාමුදුරු නමක් ප්‍රකාශ කල තිබුණා ආණ්ඩුවට ඉන්නේ 6200000යි. අපිට ඊට වැඩිය ඉන්නවා කියා. ඔක්කොම බෞද්ධයෝ ව්‍යවස්ථාවට විරුද්ධ වෙනවද? ඊළඟ මැතිවරණයට පෙර ආණ්ඩු පෙරලන්න හදනවද?

:       3       1

bandula Thursday, 26 October 2017 09:24 AM

බුද්ධාගමට ඇති තැන එලෙසින්ම! එහෙම නම් වෙනස් ක‍රන්නේ මොන මගුලකටද?

:       0       3

bamunuarachchiWednesday, 01 November 2017 07:06 AM

බුද්ධාගමට ඇති තැන එලෙසින්ම එහෙම්මයි. අපි අනෙකුත් ආගම් බුද්ධාගමට ඇති තැනට ගෙන එනවා.

:       5       0

Sathyayaa Friday, 27 October 2017 11:33 PM

"මේ රට බෞද්ධ රටක් කියන එක මේ රටේ ජීවත් වෙන අන්‍ය ආගමිකයෝ දන්න කාරණයක්".... හා ඇත්තද? අවාසනාවකට වගේ දේශපාලනයට එන අය විශේෂයෙන්ම බෞද්ධයි කියා කියාගන්න අය ඔය සත්‍යය දන්නේ නැහැ. අන්‍යාගම්කරණය රහසේ සිදුවෙනවා කිව්වට එය සිදු වන්නේ එළි පිටයි. එය අවසන් කරන්න නොකිව් කතාවක් නැහැ. මිනිසුන්ව රවට්ටන්න දැන් ව්‍යවස්ථාව උපාය මාර්ගයක් කරගෙන තිබෙනවා. 20 ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ අය වගේම විරුද්ධ වෙන අය තුලත් ඇත්තේ බල කෑදරත්වය පමණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site