IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බංකොලොත් සමාජ ක්‍රමයට නව පක්ෂ ක්‍රමයක්

  • 2005 දී මහින්ද රාජපක්ෂ මහත්තයාට උදව් කළාට එයා යුද්දෙට සූදානම් වෙලා හිටියේ නෑ. යුද්දෙ කරන්න බෑ කියලා තමයි කිව්වේ.
  • නමුත් අපි අවාසිදායකම පැත්තේ හිටගත්තේ. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 ඉඳලා 2010 දක්වා සාර්ථකව රට පාලනය කළා.
  • 2010 න් පස්සේ දරු මුනුපුරෝ නෑයෝ මුළු පරපුරම එකතු වෙලා රට කොල්ලකෑවා. මම මේ ගැන ආලපාළු ආර්ථිකය  ශාස්ත්‍රීය පොතක් ලිව්වා.

 

මෙරට දේශපාලනය   තුළ ආන්දෝල-නාත්මක මෙන්ම පෙරළිකාර චරිතයක් වන පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් ඉකුත්දා ආරම්භ කළේය. හදිසියේම අලුත් දේශපාලන පක්ෂයක් ඇයි? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍ර:ඉතාම හදිසියේ අලුත් පක්ෂයක් පිහිටුවා ගත්තේ ඇයි? දැනටමත් ලියාපදිංචි පක්ෂ 76 ක් විතර තියෙනවා?


පිළිතුර:- ඔව්. පසුගිය අවුරුදු තුන හමාර තුළ මේ රටේ බංකොළොත් වුණේ ආර්ථිකය විතරක් නොවේ දේශපාලන පක්ෂ ක්‍රමයත්, සමාජ ක්‍රමයත් බංකොළොත් වෙලා තියෙනවා. ආගමික සංස්ථාවත්, සමාජ සංස්ථාවත් ආදී සෑම ක්ෂේත්‍රයක්ම බංකොළොත් වෙලා.


ඒ අතරේ ගෝඨාභය රාජපක්ෂ ගත්ත මෝඩ තීරණ නිසා ලක්මාතාවට දරුණු පිහිපාරක් එල්ල වුණා. ඇගේ දේහයෙන් ශීඝ්‍රයෙන් ලේ ගලමින් තිබුණේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා පොඩි ප්ලාස්ටරයක් දාලා තියෙනවා. ඒ නිසා දැන් ලේ ගලනවා පේන්නේ නෑ.


නමුත් තුවාල ඇතුළෙන් ඕජස් ගලමින් තියෙන්නේ. මේ සැප්තැම්බර් මාසේදී ආණ්ඩුවට සිද්ධ වෙනවා දේශීය ණය, විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් මූල්‍ය අරමුදලටත් රටටත් කියන්න..


ඒ අවස්ථාවේදී තවත් දැවැන්ත ආර්ථික, දේශපාලනික භූ කම්පනයක් සුනාමියක් ඇතිවෙන්න පුළුවන්. ඒ කියන්නේ තුවාලය ප්ලාස්ටරය ඉරාගෙන සැරව එළියට එන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනා කළා විශේෂයෙන්ම මේ රටේ තරුණ පරම්පරාවට ඉදිරිපත්වෙන්න අවස්ථාවක් ලබා දෙන්න ඕන කියලා. ඒ සඳහා තමයි මේ එක්සත් ජනරජ පෙරමුණ බිහි කළේ

.

අපි ළඟ කුස්සි කැබිනට් නෑ. ඒ වගේම පවුල් කල්ලි එකතුවෙලා තීරණ ගන්නේ නෑ. අපි විවෘත ක්‍රියාවලියක නිරත වෙමින් ඉන්නවා.


ප්‍ර:ජාතික හෙළ උරුමය හැටියටම ඒ සඳහා මැදිහත් වෙන්න බැරි ඇයි?


පිළිතුර:- ඒ ඒ අවස්ථාවන්වල අපට සිද්ධ වෙනවා සමාජයේ තත්ත්වයන්ට අදාළව ප්‍රායෝගික පියවර ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොච්චර සන්ධාන හදාගෙන ගියාද? එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කොච්චර සන්ධානවලට ගිහින් තියෙනවාද? මොකද ලෝකයේ එක දිගට තියෙන පක්ෂ නෑ. එහෙම පවතින්නත් බෑ. මොකද තත්ත්වයන් වෙනස් වෙනවා.


ත්‍රස්තවාදය අභියෝගයක්ව තිබුණ කාලේ අපි ඒකට මුහුණ දෙන්න කටයුතු කළා. ඊළඟට දූෂණය හා පවුල්වාදය කැටිගැහිලා තියෙන වෙලාවේ, මහින්ද මහත්තයාගේ කාලේ අපි ඒකට මුහුණ දෙන්න කටයුතු කළා. දැන් තියෙන්නේ දරුණු ආර්ථික අගාධයක්. මූල්‍ය අරමුදලට දැනටමත් තව අවුරුදු 10 ක් මේක පවතිනවා. ඉතින් අපි හිතනවා ජනාධිපතිතුමා කියනවා මේ රට  සංවර්ධිත රටක් වෙන්නේ 2048 දී කියලා. ඒත් ඒ වෙනකොට අපි කවුරුවත් ජීවතුන් අතර නෑ. ඒ වගේම කියන්න ඕනැ තව අවුරුදු තුනක් මේ විදියට රට ගියොත් රටේ කිසිම තැනක උගතෙක්, බුද්ධිමතෙක්, වෘත්තීය-වේදියෙක්, ව්‍යවසායකයෙක් ඉතිරි වෙන්නේ නෑ. මේ සියලු දෙනාම විදෙස්ගත වන ප්‍රවණතාවකට ඇවිත් තියෙන්නේ.


හැම පැත්තම කඩා වැටෙනවා. රෝහල්වල සායනික තත්ත්වයන් පර්‌යේෂණාගාර, ඒ වගේම ශල්‍යාගාර වැසීගෙන යනවා. විශ්වවිද්‍යාලවල වෘත්තීය පාඨමාලා වෛද්‍ය, ඉංජිනේරු පාඨමාලාවල මහාචාර්ය ඒකක වැසී යනවා. දරුවෝ විදේශගත කරන්න තමන්ගේ තියෙන දේපොළ ටික විකුණන තැනට දෙමාපියන් පත්වෙලා.


මහා පරිමාණ ව්‍යවසායකයන් තමන්ගේ ව්‍යාපාර ඩුබායි-වලට, ක්වාලාලම්පූර්වලට, සිංගප්පූරුවට මාරු කරමින් ඉන්නවා. මේ භයානක තත්ත්වය යටතේ 2048 දී නෙවෙයි තව අවුරුදු තුනකින් රටක් ඉතිරිවෙන්නේ නෑ. රාජපක්ෂලා මහ ආඩම්බරයෙන් කියපු මහාමාර්ග පද්ධතිය නඩත්තු නොකළොත් මුළුමනින්ම  විනාශ වනවා. ඒ නිසා මේ තත්ත්වය තවත් බලාගෙන ඉන්න බෑ. අනිවාර්යයෙන්ම අවුරුදු තුනකින් රට මේ තත්ත්වයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් අවශ්‍යයි. ඒ සඳහා වෘත්තීයවේදීන්ගේ මැදිහත්වීමක් අවශ්‍යයි.
රට දියුණු රටක් බවට පත් කරන්න අවුරුදු 10 ක වැඩපිළිවෙළක් අවශ්‍යයි. අදියර දෙකකින් ඒක කළ යුතුයි. ඒ සඳහා තමයි අපගේ මේ ව්‍යාපාරය කැපකරන්න බලාපොරොත්තු වෙන්නේ.


ප්‍ර:ඔබ වරින්වර දේශපාලන හැව අරින සත්වයෙක් බවට පත්වෙලා. ඒ මොහොත වඩාත් ළඟම අත්තේ ඔබ එල්ලෙනවා.?


පිළිතුර:- අපි හැමදාම හිටගත්තේ අවාසිදායක පැත්තේ. අමාරු අසීරුම අභියෝගාත්මක පැත්තේ. ත්‍රස්තවාදය පිළිබඳව මේ රටේ මතයක් තිබුණා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ලියොන් නොක්ස් ගිවිසුම හරහා එකඟතාවට ඇවිත් තිබුණා සාකච්ඡා මාර්ගයෙන් මිසක් යුද්දෙට යන්නේ නෑ කියලා. අපි හිටියේ අනතුරුදායක පැත්තේ.


2005 දී මහින්ද රාජපක්ෂ මහත්තයාට උදව් කළාට එයා යුද්දෙට සූදානම් වෙලා හිටියේ නෑ. යුද්දෙ කරන්න බෑ කියලා තමයි කිව්වේ. නමුත් අපි අවාසිදායකම පැත්තේ හිටගත්තේ.
මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 ඉඳලා 2010 දක්වා සාර්ථකව රට පාලනය කළා. 2010 න් පස්සේ දරු මුනුපුරෝ නෑයෝ මුළු පරපුරම එකතු වෙලා රට කොල්ලකෑවා. මම මේ ගැන ආලපාළු ආර්ථිකය  ශාස්ත්‍රීය පොතක් ලිව්වා. අපි ඒ විදියට තෝරා ගත්තෙම අවාසිම පැත්ත.


අපිව දේශද්‍රෝහීන්ගේ ගොඩට දැම්මා. මහින්ද රාජපක්ෂ ජාතියේ අප්පච්චිට කරන කුමන්ත්‍රණ කියලා කිව්වා. මෛත්‍රිපාල සිරිසේන මහත්මයා නිවැරැදිවම කිව්වා වගේ 2015 දී ඡන්දෙන් පැරදුණා නම් අඩි 6 ක් පොළොව යට තමයි ඉන්න වෙන්නේ. මං ගැන ඔවුන්ගේ වෛරය කොච්චර ද කිව්වොත් 2019 දී ඔවුන් ජයගත් වහාම හිරේ දැම්මේ මාව. හැම අවස්ථාවකදීම අවාසිදායකම පැත්තෙ හිටගෙන තමයි රට වෙනුවෙන් තීන්දු තීරණ ගත්තේ. අපට ඇමැතිකම් වැඩක් නෑ. අපි ඇමැතිකම් බැබලෙව්වා මිසක් අපි ඇමැතිකම්වලින් බැබලුණේ නෑ.

 

වහබ්වාදය ගැන ලොකු සටන්පාඨ කියපු අය තෙල් නැතිවුණාම දුවගෙන ගියේ තමන්ගේ නෝනලාටත් හිකාබ් අන්දවාගෙන මුස්ලිම් රටවල්වලට


ප්‍ර:ඔබම කියා තිබූ පරිදි ඔබ ජාතිකවාදී    දේශාපලනය තෝරා ගත්තේ. නමුත් සමහරුන්ට අනුව ගෝඨාභයගෙන් පස්සේ ඒ ජාතිකවාදී දේශාපලනය අහෝසියි. ඉතින් ඔබට පැවැත්මක් තිබේවිද?


පිළිතුර:- ඔව්. අපි ජාතිකවාදී දේශපාලනයෙ තමයි ඉන්නේ. ගෝඨාභය තරම් හා ඔහු වටා ගොඩනැගිච්ච අවරසිකයන් නිසා තරම් සිංහල බෞද්ධ ජාතිකත්වයට ගැති කළේ නෑ. එහි හතුරන් යැයි කියන අයවත් මේ රටේ භික්ෂූන් වහන්සේ ජනයාට එපා කෙරෙව්වා. ජාතිකවාදී මත දරන මිනිසුන්ගේ මුහුණට කෙළගහන තත්ත්වයට පත්කළා. මෙයින් වැඩිම පාඩුව විඳින්නේ කවුද? රටේ බහුතර ජනතාව වෙන්නෙ සිංහල ජනතාව.


ඒ වගේම රට බංකොළොත් වෙලා තියෙන මේ මොහොත සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකට එකතු වෙලා ගොඩ ආ යුතුයි. මේ  මොහොතේ තනියෙන් යන්න බෑ කාටවත්. අපිට අපි හැමෝම අවශ්‍යයි. වහබ්වාදය ගැන ලොකු සටන්පාඨ කියපු අය තෙල් නැතිවුණාම දුවගෙන ගියේ තමන්ගේ නෝනලාටත් හිකාබ් අන්දවාගෙන මුස්ලිම් රටවල්වලට. ඒ යථාර්ථය අපි දකින්න ඕනැ. ඒ නිසා මේක අපි කවුරුත් එකමුතු වෙලා ජයගත යුතුයි.


ප්‍ර:එක්සත් ජනරජ පෙරමුණට ඒ එකමුතුකම හදන්න පුළුවන්ද?


පිළිතුර:- පුළුවන්. අපේ පක්ෂයට එක්සත් කියන වචනය දාලා තියෙන්නේ ජනවර්ග විදියට, ආගම් විදියට, සමාජයේ විවිධ පංති හැටියට ඉන්න සියලු දෙනාගෙම එකමුතුකම සංකේතවත් කිරීමටයි. ජනරජ කියන වචනයෙන් අපි මේ රාජ්‍ය අත්පත් කරගෙන ඉන්න දූෂිත දේශපාලන පවුල් කිහිපයක්.


ඒ වටා ගොඩනැගිච්ච දූෂිත නිලධාරි ​ෙපළැන්තියක් වගේම ජාවාරම්කාර පෙළැන්තියක් ඉන්නවා. ඔවුන් අත්පත් කරගත් මේ රාජ්‍ය නැවත ජනරජයක්, ජනතාවගේ රජයක් බවට පත්කරන බව කීමටයි. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට මේක බාර දෙන්න ඕනැ. මොකද නැගගන එනවා ආපහු ‘තාත්තලගේ කෙරුවාව’ කියාගෙන කට්ටියක්. ඒකට නැවත ඉඩදෙන්න බෑ. 


තරුණ පරපුරේ නැගී සිටීමෙන් පස්සේ ඒ සටන්පාඨ ඔක්කොම අවලංගුයි. ඒ නිසා අලුත් පරපුරට රට බාර දෙන්න ඕනැ. ඕකට දියුණු පෙරමුණක් අවශ්‍යයි. මාක්ස්වාදී, ධනවාදී නොයෙක් චින්තන තියෙනවා. නමුත් ප්‍රායෝගිකවාදය යටතේ රට ගොඩනගන්න පුළුවන් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. ඒකට අපි එක්සත් ජනරජ පෙරමුණ හැටියට මේ පක්ෂය නම් කළේ.

 

තව අවුරුදු තුනක් මේ විදියට රට ගියොත් රටේ කිසිම තැනක උගතෙක්, බුද්ධිමතෙක්, වෘත්තීයවේදියෙක්, ව්‍යවසායකයෙක් ඉතිරි වෙන්නේ නෑ


ප්‍ර:මොකක්ද මේ පක්ෂයේ ආකෘතිය?


පිළිතුර:- අපි බලාපොරොත්තු වෙනවා අත්දැකීම් බහුල වැඩ කරලා පුරුදු, තමන්ගේ ක්ෂේත්‍රවල කැපී පෙනෙන මෙහෙවරක් කරපු පිරිසකගේ එකමුතුවක්. අනිත් පැත්තෙන් මේක තරුණ පිරිසට බලය ලබා දෙන ක්‍රියාවලියක්. ඒ වගේම මේ පක්ෂය මම බොහොම පැහැදිළිවම කියනවා පක්ෂයේ තියෙන ඕනෑම තනතුරක් වර්ෂයක් ඇතුළත ඇගයීමට ලක් කළ යුතුයි.


ඒ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුණොත් ඔවුන් වෙනුවට වෙනත් අය පත්කරනවා. ඒ සම්ප්‍රදාය අපි මේ රටට ගේනවා. මැරෙනකම් නායකත්වයේ ඉන්න පක්ෂ තමයි අපට තියෙන්නේ. ඒ ක්‍රමය අපි වෙනස් කරනවා.


අපි ළඟ කුස්සි කැබිනට් නෑ. ඒ වගේම පවුල් කල්ලි එකතුවෙලා තීරණ ගන්නේ නෑ. අපි විවෘත ක්‍රියාවලියක නිරත වෙමින් ඉන්නවා. අපි අනිවාර්යයෙන්ම ඊළඟ මැතිවරණවලට ඉදිරිපත් වෙනවා. ඒ රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් අරගෙන තමයි අපි එන්නේ.


 වැටිච්ච රාජ්‍ය ආයතන ගොඩගන්න ඉතිහාසයක් අපට තියෙන්නේ. දූෂණයෙන් තොරව රාජ්‍ය ආයතන කරපු ඉතිහාසයක් අපට තියෙන්නේ. ඒ වගේම දූෂිතයන්ගේ වෛරයට ලක්වීම අපි දකින්නේ අපේ විශාල ජයග්‍රහණයක් කියලයි.

 

රෝහල්වල සායනික තත්ත්වයන් පර්‌යේෂණාගාර, ඒ වගේම ශල්‍යාගාර වැසීගෙන යනවා. විශ්වවිද්‍යාලවල වෘත්තීය පාඨමාලා වෛද්‍ය, ඉංජිනේරු පාඨමාලා වැසී යනවා.


ප්‍ර:‍ ළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂකයා ඔබයි?


පිළිතුර:- ජනාධිපතිවරණය කවදා තියයිද කියලා අපි දන්නේ නෑ. ජනාධිපතිවරණය ආවොත් ඒ අවස්ථාවේදී එක්සත් ජනරජ පෙරමුණ පවුල්වාදයට එරෙහිව කුසලතාවාදය මුල් කරගෙන අපේක්ෂකයකුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා.

 

■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

බංකොලොත් සමාජ ක්‍රමයට නව පක්ෂ ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 206 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1189 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 978 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2322 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2167 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site