IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘පළාත් සභාවට බලය දිය යුතුයි‘

( පාලිත ආරියවංශ )

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවට හිමි බලතල සියල්ල ලබාදිය යුතු  යැයි  මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ කාරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සම්පූර්ණයෙන්ම සහයෝගය දියයුතු බවද ඒ මහතා කියයි.
හාලිඇල හින්නාරංගොල්ලේදී  අද (15) පැවැති පාක්ෂික හමුවකදි ඒ මහතා මේ බව කීය.

“අපේ කොළඹ පළාතේ සමහර දේශපාලනඥයන් බෙරිහන් දෙන්නෙ හරියට අපේ ගම්වල ඉන්න සිංහල මිනිස්සු දෙමළ අය ගැන කතා කරන්නෙම නැහැ වගේ .අපේ ගමේ ඉන්න සිංහල බෞද්ධයා තරම් දෙමළ අයට සලකන , කෝවිල  ගැන හොයා බලන කෙනෙක් නැහැ.“
“අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා,මමත් ඒ කොමිටියේ ඉන්නවා.සමහරු කියනවා අපි කමිටුවේ ඉන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න නෙවෙයි ඒ සංශෝධන කඩාකප්පල් කරන්න කියලා .“
 
“අලුත් ව්‍යවස්ථාවක් ඕන නැහැ ඇත්ත . නමුත් අර මහ නායක හාමුදුරුවෝ කියනවා වගේ ව්‍යවස්ථා සංශෝධන ඕන . එන ජන්දෙදි මනාප නැති කරනවා වාගේ පාර්ලිමේන්තුවේත් මනාප ජන්ද ක්‍රමය නැති කරන්න ඕන . ඒකට ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන .“
 
“ඊලගට දෙවියනේ දෙමළ භාෂාව කතා කරන මිනිස්සුත් මේ රටේ මිනිස්සු .ඒගොල්ල වලාකුලෙන් ආවේ නැහැනේ .දෙමළ කතාකරන වතුකරයේ අයත් දැන් අපේ . යාපනේ දෙමළ කතා කරන අය පරම්පරා ගානක් මෙහේ .ඒ මිනිස්සුන්ට දෙමළ කතාකරන නිසා අසාධාරණයක් සිදුව තිබෙනවා නම්  ඒ ගැන අපි බලන්නේ නැතිව කවුද බලන්නේ .“
“අපි බැලුවේ නැතිනම් තමයි ප්‍රභාකරන් වගේ කාලකන්නි ඉස්සරහට එන්නේ . අපි බැලුවනම් උන්ට ඉස්සරහට එන්න වෙන්නේ නැහැ . ඒනිසා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභා ක්‍රමය ආවා .මේ පළාත් සභා ක්‍රමය හරහා ඒ එන බලතල ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඒ ඒ පළාත් සභාවලට දෙන්න ඕන .“
 
“විධායක ජනාධිපති ක්‍රමය ගැන අපිට දැන් කියන්න තියෙන්නේ නම් 19 වැනි සංශෝධනයෙන් පස්සේ  ජනාධිපතිකමේ දැන් විධායක බලතල නැහැ . අර ගෑනියෙක් මිනිහෙක් කරන්න වගේ ලොකු බලතල ඒකේ නැහැ .ඒ නිසා විධායක බලතල නැති ජනාධිපතිකමක් තිබුණට කමක් නැහැ .මොකද රටේ ජනතාවගේ ජන්දයෙන් පත්වෙන ජනාධිපති කෙනෙක් හිටියම හොදයි “

“අපේ කොළඹ ඉන්න අය විතරක් නොවෙයි අර යාපනේ ඉන්න විග්නේශ්වරනුත් මෙහේ ආව නම් හොඳයි.විග්නේශ්වරන් එහේ ඉඳලත් කරන්නේ දෙමළ මිනිසුන්ට බොරු කියන එකයි අවුස්සලා ජන්දය ගන්න එකයි .මේ සියලු දෙනා බොරුකාරයෝ “යැයිද රාජ්ය ඇමති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි .



අදහස් (1)

‘පළාත් සභාවට බලය දිය යුතුයි‘

de silva Tuesday, 15 August 2017 03:53 PM

කරුණාකර ඕව අහෝසි කරලා දමන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site