(විනීතා එම් ගමගේ)
පළාත් පාලන ඡන්දයට වසරක තරම් කාලයකට පෙර සිට සුදානම් වූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ආයාසයකින් තොරව මැතිවරණයට මුහුණ දිය හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
මේ වන විට ශ්‍රීලනිප අපේක්ෂකයින් තෝරා අවසන් වී ඇති අතර සමහර පෙදෙස්වල අපේක්ෂකයින් පුහුණු කිරීම් පවා අවසන් යැයි ද මහ ලේකම් වරයා කීය.
පක්ෂයේ හා සන්ධානයේ බහුතර කැමැත්ත අත ලකුණින් තරඟකිරීම බවත් ලකුණ පිළිබඳ අවසාන තීන්දුවකට අද හෙටම පැමිණෙන බවත් හෙතෙම සඳහන් කළේය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘‘පසුගිය කාලෙ අපි සමහර දේවල් මාධ්‍යයට පවා කිව්වේ නැහැ. මාධ්‍ය අයින් කරලත් කතා කළා. එහෙම කළේ ශ්‍රීලනිපය කොටස් දෙකක් ලෙස වැඩ කළ නිසයි. අපට අවශ්‍ය වුණේ බිම් මට්ටමින් ශක්තිමත් කළ ජනවාරියේ පළාත් පාලන ඡන්දයේ දී දිනන ශක්තිමත්, ජය උදා කරගන්නා පක්ෂයක් ලෙස ඉදිරියට යාමයි. අපි තවම ලකුණ ගැන තීරණයකට ඇවිත් නැහැ. බහුතර ඉල්ලීම තියෙන්නේ අත ලකුණින් තරඟ කරන්න කියලයි. අද හෙටම ඒ ගැන තීන්දුවකට එනවා.
ආසන සංවිධායකවරු මේ වනවිට පක්ෂ මුලස්ථානය සමඟ අවසන් තීන්දු ගනිමින් ඉන්නවා. මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත් කළ වහාම අපි අපේක්ෂක ලැයිස්තු නිල වශයෙන් නිකුත් කරනවා.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘පළාත් පාලන ඡන්දයට වසරකට කලින් සුදානම් වුණා’
bamunuarachchi Wednesday, 08 November 2017 01:00 AM
අපිත් නුඹලා වැඩ පටන් ගත්ත දවසේ ඉඳලාම සුදානම් උනා.