IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොහොට්ටු රැස්වීමට ගිය මහින්දට ක්‍රියාමාර්ගයක් ගන්න අපට හදිස්සියක් නෑ

(සුජිත් හේවාජුලිගේ)

පොහොට්ටුවේ රැස්වීමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට හදිසියක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික, ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය.

එතුමා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරියේදී තීන්දු කරාවි යැයි කී දිසානායක මහතා පොහොට්ටුවේ මිත්‍රයන් අපේ ගොඩට ගැනීමට අප අද වගේම හෙටත් උත්සාහ දරන බව ප්‍රකාශ කළේය.

අප පළාත් පාලන රාජ්‍යයක් පිහිටුවන බවද ඔහු කීය.

දිසානායක මහතා මේ බව පැවැසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (3) පෙරවරුවේ පැවැති එම පක්‍ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එස්.බී. දිසානායක මහතා එහිදී මෙසේ කීය.

මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද මේ මූලස්ථානයේ පිහිටුවූවා. පළමු අපේක්‍ෂක හමුව සුගතදාස ක්‍රීඩාංගනයේදී පසුගිය 29 වැනිදා සාර්ථකව පැවැත්වූවා. අපේ පළමු මහ රැලිය අනුරාධපුරයේදී 10 වැනිදා පවත්වනවා. දුමින්ද දිසානායක එය සංවිධානය කරනවා. 11 වැනිදා නැවත කොළඹ රැස්වීමක් පවත්වනවා. අප දැන් ශක්තිමත්. විපක්‍ෂයේ අපේ මිතුරන් එකතු කර ගන්න අපි විශාල උත්සාහයක් ගත්තා. සාකච්ඡා වට ගණනාවක්  පැවැත් වූවා. නිමල් සුසිල් ඇමැතිවරුන් ඊට මැදිහත් වූණා. ඒ එකතුවට ලොකු බාධා ඇති වුණා. දැන් පක්‍ෂ රැසක් අප සමග එකතු වී සිටිනවා. මහජන පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අපට ආවා. ඒ පක්‍ෂයේ නියෝජ්‍ය නායක ආවා. විමල්ගේ පක්‍ෂයේ දෙවැනියා අපට ආවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය එකතු වුණා. ලංකා සම සමාජ පක්‍ෂයේ ක්‍රියාකාරි කණ්ඩායම පවා එකතු වුණා. වතු කම්කරු කොංග්‍රසයත් අප සමගයි. අතාවුල්ලාගේ හා හිස්බුල්ලාගේ පක්‍ෂ දෙක අප සමග එකතු වුණා. පළාත් පාලන ආයතනයට තරග කරන සන්ධානය අපියි. අපි උතුරු නැගෙනහිර සෑම ආයතනයකටම තරග කරනවා. 

අතීතයේදී යම් යම් පිරිස් පක්‍ෂයෙන් ගියා. නමුත් පසුකාලීනව නැවත එකතුවෙන්න සිදුවුණා. මහින්ද එක්ක ගියේ කනිෂ්ඨයෝ ටිකක්. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පොහොට්ටුව එක්ක එකතු වෙලා නැහැ. අපි මේ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙනවා.

ඡන්දයෙන් පස්සේ පොහොට්ටු පක්ෂයේ අය ශ්‍රී ලනිපයට බැඳෙයි. මහින්ද ඊට පසුව විශ්‍රාම යාවි. ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වීමෙන් ජයග්‍රහණ රැසක් ගත්තා. මේ ඡන්ද ක්‍රමයට යූඑන්පිය පොහොට්ටු පක්‍ෂය විරුද්ධ වුණා. අපියි මේ ඡන්ද ක්‍රමය ගත්තේ. අද සල්ලි නැතිව වුණත් මැතිවණ දිනන්න පුළුවන්. මෙය ලොකු ජයග්‍රහණයක්. මහින්ද පොහොට්ටු රැස්වීමට යෑම ගැන මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගනීවි. ඒකට අපිට හදිසියක් නැහැ. චන්ද කාලවලදී ඔය වගේ දේවල් වෙනවා. අප පළාත් පාලන රාජ්‍යයක් පිහිටුවනවා.

තනි ආණ්ඩුවක් හදාගන්න අපේ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් එදා යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් පොහොට්ටුවේ අය ඒකට කැමැති වුණේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ටිකක් පස්සට ගිහින් එතුමාගේම පවුලේ චමල් රාජපක්‍ෂ අපට දෙන්න කිව්වා අගමැති අපේක්‍ෂක හැටියට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මැතිවරණය මෙහෙයවන්න ඉඩ දෙන්න කියලත් අප කිව්වා. ඒකට ඉඩ දෙන්නෙ නැතිව එතුමා එළියට ආවා. ඇවිල්ල සටනට පැමිණියාම වර්තමාන ජනාධිපතිතුමා ටිකක් පස්සට ගියා. ඒ නිසා ඒ මැතිවරණයෙන් අපට බහුතරයක් හම්බ වුණේ නැහැ. කාටවත් ආණ්ඩු පිහිටුවීමේ බලය තිබ්බේ නැහැ. මන්ත්‍රීවරු සල්ලිවලට එහාට මෙහාට උස්සන්න හදපු වෙලාවේ ඒක නැවැත්තුවා. පසුව පක්‍ෂ එකතු වෙලා ආණ්ඩුවක් හදා ගත්තා. ඊට පස්සේ අපි ලෝකය දිනාගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වාසය දිනා ගත්තා. මුළු යුරෝපයම අපේ පැත්තට ගත්තා.
අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ලොකු වෙනසක් කළා. ජනාධිපතිතුමා එතුමාගේ බලතල අතහැර දැම්මා.

පොහොට්ටුවේ අය අපේ ගොඩට ගන්න අපි අද වගේම හෙටත් උත්සාහ දරනවා. ඒ අය අපේ අය. අපේ මිත්‍රයෝ අපේ කිසිම තරහක් නැහැ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් දුමින්ද දිසානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (7)

පොහොට්ටු රැස්වීමට ගිය මහින්දට ක්‍රියාමාර්ගයක් ගන්න අපට හදිස්සියක් නෑ

Bamunuarachchi Friday, 05 January 2018 02:42 AM

ඊළඟට තිබෙන පනින්න තිබෙන අත්ත කඩා ගන්න පුලුවනිද?

:       0       215

de silva Friday, 05 January 2018 09:32 AM

හදිස්සියක් නැත, යන්න ශක්තියක් නැත ලෙස සංශෝධනය විය යුතුයි.

:       0       384

Bamunuarachchi Friday, 05 January 2018 09:37 AM

මෙයාලව මිනිස්සු දේශපාලනයෙන් අතුගා දමා ඉවරයි. දැන් මොහු ඉන්නේ සිරාගේ වුවමනාවටයි.

:       0       196

de silva Friday, 05 January 2018 09:38 AM

ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසා ඔබතුමා මේ පාර පාර්ලිමේන්තුවට ඇතුළු වුනේ පස්සේ දොරෙන්... ඔබතුමාගේ පළාතෙන් ප්‍රාදේශීය සභාවට ඉල්ලුවොත් ඔබතුමාට ප්‍රාදේශීය සභාවට යන්නවත් මනාප ලැබේද කියන එක සැක සහිතයි. මොනවා වුණත් මහින්ද මහත්තයා කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලලා ඉස්සරහ දොරෙන් පාර්ලිමේන්තුවට ඇතුල් වුණු පුද්ගලයෙක්... එහෙම වාතාවරණයක් තුල ඔබ ඔය කියන මෝඩ කතා නිසා හානියක් වෙන්නේ ඔබටමයි.

:       0       186

senewi Sunday, 07 January 2018 05:47 AM

කට නිසා සිර ගතවූ ඈයින් කියන කතා කවුරුත් ගනං ගන්නෙ නෑ

:       0       162

IRAAN Sunday, 07 January 2018 07:10 PM

තීන්දු ගන්න බයේ වෙවුල වෙවුල බයිලා කියනවා ...§§§

:       0       167

සෙනෙවි Monday, 29 January 2018 11:23 AM

පසුගිය ජනාධිපතිවරණයේදී සිරිසේනට බැහැ කිව්වෙත් මෙයාම නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site