IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොහොට්ටුව මෙද‌ා 2/3ක් ගන්නා බව එජාපය දැන්මම පිළිඅරන්

(*** විනීතා එම් ගමගේ)

ආණ්ඩුව ඉක්මනින් මැතිවරණය පැවැත්වීමට වෙර දරන්නේ මැතිසබේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට යැයි එජාපයේ බොහෝ දෙනා කියන කථාවෙන් පෙනී යන්නේ මැතිවරණය පැවැත්වුවහොත්  පොදු ජන පෙරමුණට තුනෙන් දෙකේ බලය ලැබෙන බවට ඔවුන් තුළ ඇති පිළිගැනීම යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (26) පැවැසීය.

සමානුපාතික ක්‍රමය හඳුන්වාදුන් දවසේ සිට මේ දක්වා කිසිදු පක්ෂයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා නොගත් බවත් ඉදිරි මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ තුනෙන් දෙකක් ගන්නා බව පොදු පෙරමුණට සතුරු එජාපය සහතික කර කියන බවත් ගම්මන්පිල මහතා කීය.

දහනව වන සංශෝධනයෙන් ජනපති ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු නොකළේ නම් 2020 වනතුරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා බවත් කී ගම්මන්පිල මහතා එසේ වූයේ නම් කොරෝනා රෝගය ලංකාවට ඇවිත් බව තමන් දැනගත්තේ පත්තරෙන් යැයි ජනාධිපතිවරයා කියනු අසන්නට සිදුවනු ඇති බවද පැවසීය.

19 සංශෝධනය නොවුණේ නම් කොරෝනා පැතිරෙද්දී මට කරන්න දෙන්නේ නැතැයි අගමැති කියන අතර සෞඛ්‍ය ඇමැති වෛද්‍යවරුන් සමග රණ්ඩු වෙමින් සිටිනු ඇතැයි ද  මට බලතල නැතැයි හමුදාපති කියනු ඇතැයිද එසේ වී නම් මේ වනවිට කොරෝනා රෝගීන් හා මරණ සංඛ්‍යාවෙන් ඇමරිකාව පරදන්නට ලංකාවට හැකි වනු ඇතැයිද හෙතෙම කීවේය.

ජනාධිපතිවරයාගේ ධුරකාලය වසරකින් අඩුකිරීම හේතුවෙන් ලොව ජනාධිපතිවරුන් දෙදෙනකු අමාරුවේ වැටුණේ යැයි කී ගම්මන්පිල මහතා වසරකට කලින් සමුගන්න ලැබීමෙන් මෛත්‍රිපාල ජනාධිපතිවරයා අමාරුවේ වැටුණු අතර ලෝකයේ වැඩිම කොරෝනා මරණ සිදුවූ රට ලංකාව වීමට තිබුණු අවස්ථාව අහිමිවී එය තමන් ගේ හිස මත වැටීමෙන් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අමාරුවේ වැටුණේ යැයි ද පැවසීය.

කොරෝනා වසංගතය කිසිදිනක සම්පූර්ණයෙන්ම අවසන් නොවන බැවින් එය පවතිද්දී ජනජීවිතය පවත්වාගෙන යායුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන අතර කොරෝනා සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු මැතිවරණ තියන්නැයි එජාපයත් ජවිපෙත් කියන කතාවේ අරුත කිසිදිනක මැතිවරණ පවත්වන්නට එපා කියන එක දැයි ඔහු ප්‍රශ්න කළේය.

පිවිතුරු හෙළ උරුමය නායකයා එසේ පැවසුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවක දීය.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා ආණ්ඩුව මොන දේ කළත් ජනතාව ඒවා පිළිපැද්දේ නැත්නම් මේ රෝගයෙන් වැළැකිය නොහැකිවනු ඇතැයි ද කොරෝනා ජය ගැනීම රටක් ලෙස එක මිටට ගත් ජයක් යැයි ද පැවැසීය.

ශ්‍රී ලංකාව භාවිත කළ ක්‍රමවේදය වූයේ රෝගය පැතිරෙන්නට පෙර රෝගීන් හඹායෑම බවත් වියට්නාමයේ ද එම ක්‍රමය අනුගමනය කළ බවත් කී ඔහු එය සාර්ථක බවත් බටහිර රටවල් අනුගමනය කළ පරික්ෂණ පුළුල් කීරීම අසාර්ථක ක්‍රමයක් බවත් හෙතෙම සඳහන් කළේය.

මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා පැවසුවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත් බැවින් සහල් සමග සෙල්ලම් කරන්නට කවුරුන් හෝ තැත් කරන්නේ නම් ඔවුන් මේ රටේ ජනතාවගේ බඩගින්න සමග සෙල්ලම් කරන බව අමතක නොකළ යුතු යැයි ද කීය.

මානුෂීයව කටයුතු කරන්නට සහල් මෝල් හිමියන් සුදානම් නැත්නම් ඒ සහල් වර්ගය වර්ජනය කරන්නට ජනතාව තීරණය කළහොත් සහල් මෝල් හිමියන්ට කුමක් සිදුවන්නේ දැයි විමසූ ඔහු මෝල් හිමියන් නිසා ජනතාව කනවා නොව ජනතාව නිසා තමන් කාබී ජීවත්වන බව සහල් මෝල් හිමියන් වටහා ගතයුතු යැයි ද කීය.

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ යන මහත්වරුද සහභාගි වූහ.



අදහස් (0)

පොහොට්ටුව මෙද‌ා 2/3ක් ගන්නා බව එජාපය දැන්මම පිළිඅරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site