ඩයනා උදයංගනී
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති ඇතුළු පිරිස මෙන්ම බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවෙන් චෝදනා කර ඇති 34 දෙනා සම්බන්ධයෙන් ද අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
මේ වන විට රටේ අධිකරණයට හෝ වෙනත් කිසිම ආයතනයකට බලපෑමක් එල්ල නොවන බැවින් හා නීතිය අකුරට ක‍්‍රියාත්මක වෙමින් පවතින බැවින් කිසිවෙකුත් ඒ සම්බන්ධව අබමල් රේණුවක තරම්වත් සැකයක් තබාගත යුතු නැතැයිද මන්ත‍්‍ර‍්‍රීවරයා සඳහන් කළේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ ‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාර්ලිමේන්තුවේදී හෙට (6) පැවැත්වෙන බැඳුම්කර හා බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ විවාදයට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පසුගිය රජයේ දූෂණ වලටත් නීතිය එක ලෙසම - මන්ත්‍රී කාවින්ද
prakaash Monday, 05 February 2018 11:33 AM
බැඳුම්කර හොරු සමග සිටියා නේද? මන්ත්‍රීකමට එන්න කලින් පොලිස්නිලධාරියෙකුට ගැහුවෙත් මෙයාගේ තාත්තගේ බලය පෙන්නලා තමයි.
Sathyayaa Wednesday, 07 February 2018 08:49 PM
අපරාධයක් පිලිබඳ පොලිසිය වෘත්තීකයින් වශයෙන් සොයා ගන්නා කරුණු මත පදනම් වූ වාර්තා සහ අපරාධකාරී දේශපාලකයා දරන මතය අතර ඇති පැහැදිලි වෙනස දැකිය හැක්කේ බුද්ධියක් තියෙන මිනිසුන්ට පමණයි. නීතිඥයා යනු මුදලට මිනී නොමරා මිනී මරණ පුද්ගලයෙක්. ඔහු දේශපාලකයෙක් හෝ කිසියම් පක්ෂයක ගැත්තෙක් වූ විට තත්වය තවත් භයානක වෙනවා. එවිට ඔහුගේ රාජකාරිය ඇත්ත බොරුව කිරීමත්, බොරුව ඇත්ත කිරීමත්ය.
Sathyayaa Wednesday, 07 February 2018 09:00 PM
දැනට වසර 15 කට පමණ ඉහත කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තාප්පයක කුණු හරුපයක් ලියමින් සිටි කොලු ගැටයෙක් ව කුරුඳුවත්තේ පොලිසියේ රාළහාමි කෙනෙක් විසින් අල්ලාගනු ලැබුවා. කළ කැත වැඩය ගැන ප්‍රශ්න කිරීම ගැන උරණවූ කොලු ගැටයා රාළහාමිට "තෝ දැනගනින් මම අහවල් ඇමති තුමාගේ පුතා" කියන වචන ටික කටින් කියා ඉතුරු ටික අතින් ඉවර කළා. රාළහාමිට කටේ දතක් අහිමි වුනා කොලු පුන්ච හිටපු පාලකයාගේ ත් ආශීර්වාදය මැද තාවකාලිකව රටෙන් පලා ගියා. මෙය ටෙලිනාට්‍යයක කොටසක් නොව අපේ කාලයේ සජීවී විකාශනයක් පමණයි.