IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


පසුගිය රජයේ ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් රටට වැඩක් වූයේ නැහැ

(ක.ග. කරුණාරත්න)

පසුගිය රජය කාලයේ රටතුල කිසිම වැඩක් සිදු නොවුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබූ කඹ ඇදිල්ල නිසා යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද (01) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ඒ කඹ ඇදිල්ල නිසා රටේ සංවර්ධනය ආපස්සට ගිය බව කී අගමැතිවරයා රටක් සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් එක පැත්තක තිබිය යුතු යැයිද කීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කලේ සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩ නැඟෙන අනාගත පොලොන්නරුව සංවර්ධන සැලැස්ම එළිදැක්වීම නිමිත්තෙන් පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති උත්සව සභාව අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.“රටක් සංවර්ධනය කරන්න නම් ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත් එක පැත්තක තිබෙන්නට ඕනෑ. පාර්ලිමේන්තුව පස්සට අදිනවා නම් ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න බෑ. ජනාධිපතිවරයා පස්සට අදිනවා නම් පාර්ලිමේන්තුවට ඉදිරියට යන්න බෑ. අපි ඒක දැක්කා. අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා.

පසුගිය අවුරුදු 5 තුළ වැඩක් කෙරුනේ නැත්තේ, රට තුළ වැඩක් සිදු නොවුණේ පසුගිය ආණ්ඩුව තුළ අගමැති සහ ජනාධිපති අතර තිබුණ කඹ ඇදිල්ල... ඒ කඹ ඇදිල්ල නිසා රටේ සංවර්ධනය ආපස්සට ගියා. රටේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න බැරි වුණා. ජනතාව මේ ගැන අවබෝධයෙන් ඉන්නේ. වගකීමක් අපිට තිබෙනවා. වගකීමක් ඔබට තිබෙනවා. අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. ජනාධපතිවරයාත් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් අපි පිහිටුවා ගන්න ඕනෑ. ඒ ආණ්ඩුව පිහිටුවන්න ඕනෑ. කිසිදේකට නෙවෙයි ජනාධිපතිවරයා එදා දුන්නු පොරොන්දු ටික ඉටු කිරීම සඳහා. සෞභාග්‍යයේ දැක්ම තුළින් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඕනෑ නම් පාර්ලිමේන්තුව අපි අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න ඕනෑ. තුනෙන් දෙකක බලයක් අපි ලබාගතයුතුව තිබෙනවා.” යැයි පැවසීය.



අදහස් (9)

පසුගිය රජයේ ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් රටට වැඩක් වූයේ නැහැ

ලියනගේ Sunday, 01 March 2020 04:09 PM

මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කාලා පහුවෙනිදා වෙන පක්ෂයකට එකතුවෙලා එතන කඹ ඇදඇද හිටපු ඔහු කඹය අතහැරලා අද යළිත් මහින්දට සෙට්වෙලා...

:       0       2

Mewan Sunday, 01 March 2020 09:28 PM

ඔයත් කඹේ එක පැත්තකින් ඇදගෙන හිටියා කියලා මතක නැද්ද.?

:       0       107

Rohana Monday, 02 March 2020 04:56 AM

කිසිඳු පක්ෂයකට හෝ සංධානයකට 2/3 බලයදීම සුදුසු නැහැ. බහුතර බලය හොඳටම ප්‍රමාණවත්. මතකයිනේ යු.එන්.පී.ය 1977 දී 5/6 බලයක් අරගෙන කරපු දේවල්... ඒවායේ ප්‍රතිඵල අදටත් විඳවනවා. මෙයාලට 2/3 ලැබුණොත් තව තවත් රට අරාජික වෙනවා.

:       0       8

Rata Perata Monday, 02 March 2020 07:15 AM

අනේ නිකම් බයිලා කියන්නේ නැතුව ඉන්නවා. කඹ ඇද්දත් නැතත් හැමදාම හැදුනේ හොට දේශපාලුවන් විතරයි. රට හැමදාම එක තැන...

:       0       20

Chathuri Tuesday, 03 March 2020 01:51 PM

මේ වගේ කට්ටියට කොයිතරම් බන කිව්වත් , මිනිස්සු දුක් විදිනවා ඇස් දෙකට දැක්කත් නොදැක්ක වගේ ඉන්නේ.

:       0       1

නිමල් Wednesday, 04 March 2020 03:55 AM

වසර 4 1/2 ක් පරිප්පූ කිලෝ 1ක් රුපියල් 112/- . දැන් 130/-. කවර කතාද ?

:       0       2

Gamaya Wednesday, 04 March 2020 06:40 AM

රට කරන්න ඉඩ නොදීපු පව් ගෙවනවා වගේ... හෙහ් හෙහ්...

:       0       1

Sanath Wednesday, 04 March 2020 10:03 AM

කරුණාකර දේශපාලනයෙන් ඉවත් වෙනවද පව් නොදී...?

:       0       1

Amula Friday, 06 March 2020 07:56 PM

දැන් කරන්නේ නටන එකනේ... එකම දේ තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site