IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පෝලිම් නැති කළාට මෝදි ජනපති කරන්න

(යොහාන් භාසුර)

ඉතාම පහළ රැකියාව කරන පුරවැසියාගේ සිට ඉහළ යැයි පිළිගන්නා රැකියාව කරන පුරවැසියා දක්වා නීතිය සමව ක්‍රියාත්මක වන රටක් කළාකරුවන් බලාපොරොත්තු වන බවත් කළා නිර්මාණයකට වටිනාමක් දෙන යුගයක් බිහිකිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවත් සමඟි ජන බලවේග කලා සංගමයේ සාමාජිකා ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය අද (1) පැවසුවාය.

සමඟි ජන බලවේග කලා සංගමය කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී දමිතා අබේරත්න මහත්මිය එසේ පැවසුවාය.

රටේ පාලකයන් ඔවුන්ගේ හිතවතුන්ට වාසි ගෙන දෙන ආකාරයට බදු මුදල් අඩු කර අදූරදර්ශී පාලනයක් ගෙන ගොස් රටේ ආර්ථිකය විනාශ කළ බවත් ඉන්ධන, කිරිපිටි නොමැතිව පෝලිම් ඇතිව ආර්ථික බර කුස්සියේ ඉන්න මවට දරාගැනීමට නොහැකි වීම නිසා කළාකරුවන් ලෙස තමන් ඇතුළු පිරිසක් පාරට බැස්ස ජනතාව සමඟ අරගලයක් කළ බවත් ඇය පැවසුවාය.

මෙරට ආර්ථිකය ඝාතන කළ පුද්ගලයන් තව දුරටත් මෙරට පාලකයන් නොවිය යුතු බව කී අබේරත්න මහත්මිය මහ පාරේ පුරවැසියන් ඝාතනය කරන තත්වයකට රට අනාරක්‍ෂිත තත්වයට පත්ව ඇති බව ද සඳහන් කළාය.

තුවක්කු තියෙන්නේ වෙඩි තියන්න යැයි නීති හා සමය රකින ඉන්න අය ප්‍රසිද්ධයේ කියන තත්වයකට රට පත්ව ඇති බවත් මෙවැනි අවිනිශ්චිත තත්වයක රට පත්ව ඇති අවස්ථාවක රටට ආදරය කරන සංවේදී නායකයෙක් පත්කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය කීවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට හොරු රැළක් ආරක්‍ෂා කිරීමේ වගකීම භාරගනෙ ඇති බව ද දමිතා අබේරත්න මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

මෙරට හෙනයක් සහ සාපයක් මැද සිටි කාලය අවසන් කළ යුතු බවත් රාජපක්‍ෂ සහ වික්‍රමසිංහ යුගයේ මෙරට පුරවැසියන් විදිය හැකි උපරිම දඩුවම් විද ඇති බවත් එහිදී සංගීත ශිල්පී පේෂල මනෝජ් මහතා පැවසීය.

හය වරක් අගමැති වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් අලුත් යුගයක් ගැන කථා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මාර නම් එක්සත් ජාතික පක්‍ෂය බිංදුවට නොවැටෙන බවත් පේෂල මනෝජ් මහතා කීය.

 



අදහස් (7)

පෝලිම් නැති කළාට මෝදි ජනපති කරන්න

S.B.Wellappili Thursday, 01 August 2024 10:58 PM

වාචාල කටක් තිබුනට පේසලට මොනවද කරන්න පුලුවන්

:       0       17

Bandara Thursday, 01 August 2024 11:28 PM

මොනවාද ඔයාලගේ සුදුසුකම්. ඛොරුවට කෑගහන්න කලින් නැතුව තමන්ගේ ප්‍රතිපත්තිය කියල ඡන්දෙ ඉල්ලන්න පුරුදු වෙන්න.

:       0       13

රංබොඩ Friday, 02 August 2024 12:12 AM

මෙන්න බොලේ අර කලා කාරයෝ කියන N.G.O. නඩය ආයෙ බැහැලා. මොවුන් රටට ශාපයක්.

:       0       14

Nalaka Friday, 02 August 2024 06:49 AM

ආ කිනිතුල්ලෝ සෙට් එකක්නේ...

:       2       32

රෝයි ෆෙඩ්රික්ස් Friday, 02 August 2024 12:45 PM

දමිතා ඉල්ලන් කන්නද හදන්නේ? නීතිය හරියට ක්‍රියාත්මක වුනොත් ඉතිං කළ පව් වලට හිරුණිකා එක්ක හිරබත් කන්න වෙයි. බුදු අම්මෝ ඕන් නැති කතා කියන්න එපෝ...

:       0       24

kalum Friday, 02 August 2024 04:40 PM

කීයක්හරි හම්බකරගන්න ඇවිත්. තාම අර පින්ගොන් කියන කෙනා නෑ නේද?

:       0       17

Kahawita Monday, 05 August 2024 12:24 AM

මුඩුක්කුවක ඉඳලා ඇවිදින් තබ්ලා ගගහ හිටපු කෙනා යූ ටියුබ් වීරයෙක් වෙලා දැන් නිකන් ලොරි ටෝක් දෙන්නේ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 394 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 846 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site