(ක.ග.කරුණාරත්න)
අද පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ උගත් බුද්ධිමතුන් මිස රස්තියාදුකාරයින් නොවන බවත් පාර්ලිමේන්තුවේදී වැදගත් තීරණ ගනිද්දී එය පාර්ලිමේන්තුවේදී තමන් දකින බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (31) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.
පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේදී පැවැති පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අභ්‍යාස ලාභී උපාධිධාරීන් 129 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක වෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘‘අපේ රටේ වැදගත් තීරණ ගද්දි උගත් බුද්ධිමතුන් නැති අවස්ථා අපි දැකලා තිබෙනවා.විශේෂයෙන්ම අපි ඒ බව දැකලා තිබෙනවා පාර්ලිමේන්තුවේදී. පාර්ලිමේන්තුවේදී තමුන් නාන්සේලාට මතක ඇති කාලයකදී මයික් කඩාගෙන පුටු පෙරලගෙන සත්තු වගේ හැසිරුණු ආකාරයක් තිබුණා.
සපත්තු විසිකරගත්තු කාලයක් තිබුණා.ඇත්තටම දේශපාලන ක්ෂේත්රයේ උගත් බුද්ධිමතුන්ට මීට වඩා තැනක් හිමි විය යුතුයි.අද ඡන්දෙ දෙන්නේ වෙනත් හේතුන් මත අද සරම කැහ පොට ගහගෙන කුණු හරප දෙකක් තුනක් කියන්න පුළුවන් මිනිහට මේ රටේ අවස්ථාවක් තිබෙනවා.
අද කසිප්පු පෙරලා සල්ලි හදලා නැත්නම් කුඩු විකුණලා සල්ලි හදලා පාටි දාලා තියෙන අයට මේ රටේ තැනක් තියෙනවා.බුද්ධිමතුන් කී දෙනාටද ඒ තැන අද තියෙන්නේ .අද අපි කිවුවොත් බුද්ධිමත් ආචාර්යවරයෙක් එනවා කිවුවොත් දේශනයකට කි දෙනාද ඊට සවන් දෙන්න සුදානම් වෙන්නේ.
අපිට කිවුවොත් අහවල් මන්ත්‍රී එනවා කියලා අපිට මතකයි කැලනියේත් මන්ත්‍රීවරයෙක් හිටියා සරම උස්සගෙන ගොනා බුරුවා හරකා කියලා මිනිසුන්ට කෑගහගෙන ඒවා බලන්න ඕනේ තරම් මිනිස්සු එනවා.
අපිට එකයි වෙලා තියෙන්නේ රටක් හැටියට පාර්ලිමේන්තුවටත් අවශ්‍ය වෙන්නේ තමුන් නාන්සේලා වගේ උගත් බුද්ධිමත් සංවර හැසිරෙන මිනිස්ස හැබැයි එක ඡන්ද දායකයාටත් ඡන්ද කාලයේදී අමතක වෙනවා.ඊට පස්සේ අපිට ලැබිලා ඉන්න දේශපාලඥයෝ අරවගේ අරවගේ කියලා බනිනවා.
හරි විදිහට කතිරයක් ගහන්න හරි මනුස්සයෙකුට ඒ අවස්තාව ප්‍රයෝජනය ගන්නේ නැතුව රටේම රස්තියාදු කාරයෝ සියලු දෙනාම පාර්ලිමේන්තුවට යවලා ඊට පස්සේ පාර්ලිම්න්තුව මෙහෙමයි මෙහෙමයි කියලා අඩනවා.
අද තමුන් නාන්සේලාට රජයේ රැකියාවක් ලැබිලා තිබෙනවා.සමහර විට වැඩ කරද්දී වැඩ කරන්න වෙන මන්ත්‍රීවරයා තමුන් නාන්සේලාට වැඩිය බුද්ධි මට්ටමින් අඩු වෙන්න පුළුවන්.එක බොහෝ රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ප්‍රශ්නයක්.
මම අලුත් උපාධිධාරීන්ට කියන්නේ රට යන මාවත වෙනස් කරන්න උත්සහ කරන්න.දැන් පවතින තත්වයට වඩා ඒ වගේම පාර්ලිමේන්තුවත් එසේ වෙනස් විය යුතුයි යැයි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘‘පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ රස්තියාදුකාරයින් නෙවෙයි‘‘