IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන හැමෝගෙම කැමැත්ත ගෝඨාභය දේශපාලනයට ගෙනඒම

(ඉංගිරිය - නිමාලි කහවල සහ බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

“අපි දේශපාලනය දන්න මිනිස්සු. මේ රටේ ජාතිවාදීන්ට ආගම්වාදීන්ට මේ රටේ පොදු ජනතාව අත්කරදුන් ඉරණම ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. අපේ රජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන සියලු දෙනාගේ කැමැත්ත තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට එන එක” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඉකුත්දා පැවසීය. බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ ජන හමුවක් අමතමින් ඒ මහතා එසේ කීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙසේ ද කීවේය. 

“හුඟක් දෙනෙක් කතා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඇමරිකන් පුරවැසිකම ඉවත්කරගන්න තිබෙන අමාරුකම ගැන. ඉතින් අපි කිව්වද එතුමාට ඇමරිකන් පුරවැසිකම ගන්න කියලා. ඇමරිකන් පුරවැසිකම අරගෙන, ඇමරිකන් පුරවැසියෙක් ලෙස දිවුරුම් දීලා, ඇමරිකන් ව්‍යවස්ථාවට අතගහලා මම ඇමරිකන් පුරවැසියෙක් කියලා ආඩම්බරකමට කියපු මනුස්සයෙක් දැන් අඬලා වැඩක් නැහැ, ‘මේ මගේ පුරවැසිකම මේගොල්ලො අතහරින්නෙ නැහැනෙ, මගේ මේ පුරවැසිකම අතහැරලා මට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙ නැහැනෙ’ කියලා. පරාද කරන්න බැහැ කියපු මහින්ද රාජපක්ෂවත් අපි 2015 දී පරාජය කළා. මේ රටේ තිබෙන ප්‍රශ්න වගේම මේ රටේ ඡන්දදායකයාගේ හැසිරීම ගැනත් අපිට හොඳ අවබෝධයක් තිබෙනවා.

එසේම පසුගිය දිනවල අර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ මේ රටේ නීතියේ ආරක්ෂාව සපයන අධිකරණයකට ගිහිල්ලා ඒ අධිකරණයට අභියෝග කරලා පැමිණිලිකාරයාට තර්ජනය කරලා මහා ගාලගෝට්ටියක් ඇතිකළා. මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනකුට සිර දඬුවමක් නියම කිරීම ගැන. එය අපි හැමෝටම කනගාටුවට හේතුවක්. හැබැයි මේ රටේ නීතිය ඉස්සරහ ගිහියෙක් වුණත්, භික්ෂුවක් වුණත් මොන තරාතිරම දැරුවත් රටේ නීතියට යටත් විය යුතුයි. ඒ සියලු දෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි.

හැබැයි මේ රටේ හැමෝම හඬ නඟන්න ඕනෑ ඥානසාර හාමුදුරුවන්ට නීතිය ක්‍රියාත්මක කළා වගේ එක්නැලිගොඩ මරපු, එක්නැලිගොඩ මරන්න කුමන්ත්‍රණය කළ අයටත් ඒ හා සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියා. අපි ඒ ගැන ආණ්ඩුවටම බලකරන්න ඕනෑ. නීතිය සමානව ක්‍රියාත්මක වීම ගැන මිනිසුන්ට හැඟීමක් ඇතිවෙන්නෙ එතකොට. අපි අධිකරණයේ ගෞරවය ආරක්ෂා කළයුත්තේ අධිකරණ භූමිය තුළ පමණක් නොවෙයි, ඒ මුළු වටපිටාව තුළම ඒ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. අපරාධ වින්දිතයන්ට, සාක්ෂිකාරයන්ට, ඒ වගේම වරදකට අත්අඩංගුවට ගත් සැකකරුට, විත්තිකරුට පවා ඒ නීතියේ රැකවරණය එක ලෙස ලබාදිය යුතුයි” යැයි ද පැවසීය.



අදහස් (9)

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන හැමෝගෙම කැමැත්ත ගෝඨාභය දේශපාලනයට ගෙනඒම

Raveendra Tuesday, 19 June 2018 06:17 AM

“අපි දේශපාලනය දන්න මිනිස්සු..."......... අනේද? කියන්නේ... ඇත්ත අපිත් ෆුට්නොට් කටිටිය ගැන හොදටම දන්නා සාමාන්‍ය ජනාතාව.

:       263       721

emerson Tuesday, 19 June 2018 06:21 AM

ඔක්කොටම ඉස්සරවෙලා මහා බැංකුව කඩපු තමුන්ගේ මිත්‍ර සමාගමට නිතිය ක්‍රියාත්මක කලොත් නරකද . සාක්ෂිත් ඕන තරම් තියෙන්නේ . බයිලා කියන්න එපා මහත්තයෝ .

:       259       738

Tampering Tuesday, 19 June 2018 09:28 AM

මේ වගේ අය ඉන්නකම් රටකට හරියන්නේ නෑ... එක්නැලිගොඩ ගැන හොයන්න කලින් රිච්ර්ඩ ද සොයිසට, ප්‍රේමකිර්තිට මොකද වුනේ කියලා හොයලා බලන්න...

:       356       577

Raveendra Tuesday, 19 June 2018 11:41 AM

ලිව්වත් පාද සටහන් "හනුමල" බේරන්න... පත්තු උනා "වලිගය" අපේ නැතිවෙන්න... දැන් මක්කරන්නද පිච්චුණ හැම තැනම... උත්සහ කරනවා නැවතත් මුන් රවටන්න....

:       211       668

Lal Wednesday, 20 June 2018 02:27 AM

රටට යමක් කරන්න පුළුවන් දක්ෂයින්ට මොඞයෙක්වගේ අපහස කරන්න එපා.මේවන තුරු මොනවද ඔහෙලා මේරටට කලේ.රට කාබාසිනියා කලා මිසක්.

:       5       235

NishanthaSaturday, 30 June 2018 11:12 PM

බදුර්දීන්ට අධිකරණ අදාළ නැද්ද

:       0       0

GAYAN Thursday, 21 June 2018 02:27 AM

"භික්ෂුවක් වුණත් මොන තරාතිරම දැරුවත් රටේ නීතියට යටත් විය යුතුයි. ඒ සියලු දෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි."

:       1       100

kalani Monday, 25 June 2018 05:39 AM

"අපිත් දේශපාලනය දන්නා ගෑනු " එ්කනේ පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරගම ආසනෙන් ඔබතුමා පරාජය කළේ...

:       0       0

kalani Monday, 25 June 2018 05:39 AM

"අපිත් දේශපාලනය දන්නා ගෑහැණු " එකනේ පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරගම ආසනෙන් ඔබතුමා පරාජය කලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17744 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site