IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ පාතාලය වැඩි වෙලා මනුස්සයෙකුට පාරේ බැහැලා යන්න බැහැ‘

 (නාලක සංජීව දහනායක)

දිනපතා සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් මනුස්සයෙකුට නිදහසේ ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (9) කීය.

    මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

දවසගානේ රටේ විවිධ පළාත් වලින් මහාපරිමාණයෙන් මතකුඩු අහුවෙනවා. එදා සාධාරණ සමාජයක් වෙනුවෙන් කතා කළ පිරිස් මේ ගැන කතා කරන්නේ නැහැ. එක් පැත්තකින් මත්කුඩු පැතිරෙන විට අනෙක් පැත්තෙන් පාතාලය හිස ඔසවනවා.

ඉස්සර දේශපාලනය හා රටේ සංවර්ධනය ගැන ප‍්‍රවෘත්තිවලට පෙන්නුවත් දැන් පෙන්නන්න සිදුවෙලා තියෙන්නේ පාතාල ක‍්‍රියාකාරකම් ගැන විතරයි. ගතවූ මාස හයට මනුෂ්‍ය ඝාතන 214ක් සිදුවී තිබෙන බව පොලීසිය බාර අමාත්‍යවරයා පවසනවා.

දැන් දවස ගානේ මනුෂ්‍ය ඝාතන සිදුවෙනවා. පාතල ක‍්‍රියාකාරකම් නිසා මනුස්සයකුට පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙන බවද කීය.

   බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (09) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ස`දහන් කළේය.

            

(ඡායාරූපය -ජයමාල් චන්ද්‍රසිරි )

 

 



අදහස් (13)

‘ පාතාලය වැඩි වෙලා මනුස්සයෙකුට පාරේ බැහැලා යන්න බැහැ‘

kalani Monday, 09 July 2018 10:41 AM

සම්පුර්ණයෙන්ම ඇත්ත.

:       169       0

Ram G Monday, 09 July 2018 11:13 AM

නෑ නෑ අඩුවෙලා... මොකද හිටපු අය දේශපාලනේට බැහැලා.

:       0       266

Raveendra Monday, 09 July 2018 12:04 PM

කතාව සහතික ඇත්ත.

:       144       0

Saththaya Monday, 09 July 2018 02:17 PM

මේ පසුගිය සමයේ පුරුදු පුහුණු කරපු කල්ලි ටික නේද දැන් ක්‍රියාත්මක වෙන්නේ? රට අගාධයට දාලා ඡන්ද දිනන්න. හැමදාම ඉතින් මොනවා හරි මෙහෙයනවානේ.... මනුස්සයෙකුට පාරේ බැහැලා යන්න සල්ලි නැහැ. හොරා කාපුවට ගෙවන නිසා...

:       1       315

lathaTuesday, 10 July 2018 01:53 AM

ඔහෙලා තංගල්ල සභාපති අඳුරන්නේ නැද්ද? මහරජාගේ කාලේ මතක නැතෙයි...

:       0       0

සෙනෙවි Monday, 09 July 2018 07:54 PM

මෙන්න බොලේ බඩු පාතාලය ගැන කියවන්න... දීලා බලමුද ආයෙමත්..

:       0       0

Shan Monday, 09 July 2018 08:45 PM

චණ්ඩි මල්ලිලා දා ගෙන හිටියේ කවුද කියල අපි දන්නවා. මාල කඩපු උන්ට ඕවා අමතක උනාට.

:       0       0

Beruwala faleel Tuesday, 10 July 2018 12:23 AM

රත්රන් මාල කඩන අය ඉස්සර හිටියේ කළුතර පැත්තේ විතරයි. දැන් හැමතැනම ඉන්නවා.

:       0       0

Sunil Tuesday, 10 July 2018 12:45 AM

ඒ කාලෙ කෝච්චියෙත් යන්න බැහැ.. මාල කඩනවා නේද රත්තරන්?

:       0       0

naushi Tuesday, 10 July 2018 03:01 AM

ඉස්සර මිනිසුන් කොච්චි වල යන්ඩ බයවෙච්ච කාලයක් තිබ්බා රත්රන් දාගෙන

:       0       1

සතයපාල Tuesday, 10 July 2018 07:30 AM

කළුතර පැත්තේ කෝච්චි වල මාළ කඩන එක නම් අඩුවෙලාලු.

:       0       1

lalithsjm Tuesday, 10 July 2018 08:10 AM

ඒ කොයි කලේද කියල හරියට කීවානම්.

:       0       1

Mohan Friday, 20 July 2018 09:19 PM

ඔය ප්‍රශ්න තියෙන්නේ පාරේ බැහැලා යන අපිටනේ සර්. ඔයාලා යන සැප වාහනවලට ඒ ගැටළු නෑනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 649 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17695 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 734 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site