(නාලක සංජීව දහනායක )
විවිධ වරදාන හා වරප්‍රසාද මුල්කරගනිමින් පක්‍ෂ මාරුකරන දේශපාලනඥයන් සම්බන්ධයෙන් ජනතාවට තීරණය කිරීම සඳහා ඉතා ඉක්මණින් මහා මැතිවරණයක් පැවැත්විය යැයි කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (16) පැවසීය.
මැතිවරණ කල්දමා ජනතා පරමාධිපත්‍ය අහිමිකිරීමට එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කිරීම කණගාටුවට කරුණක් යැයිද මන්ත්‍රීවරයා කීය.
ඔහු මේ අදහස් පළ කළේ බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.
“කතානායකවරයාගේ පක්‍ෂග්‍රාහී හැසිරීම නිසා පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව අද මුළු රටම කතාවෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව කතානායකවරයා පළමුව කළ යුත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ලිපිලේඛන කියවීමයි. එහෙත් කතානායකවරයා ඊයේ එම ලිපිය කියෙවුවේ නැහැ.
මම අවුරුදු 20ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ කාලය තුළදී කතානායකවරුන් හැසිරුණ අකාරය පිළිබඳව මට හොඳ අත්දැකීම් තිබෙනවා. ඔවුන් කවදාවත් තමන් නියෝජනය කළ දේශපාලන පක්‍ෂයට වාසිසහගතව ක්‍රියා කළේ නැහැ.
මහින්ද රාජපක්‍ෂ මහතා රටේ ජනාධිපතිවරයාව කටයුතු කළ සමයේදී ඔහුගේ අයියා චමල් රාජපක්‍ෂ මහතා ඉතාම ස්වාධීනව කතානායකගේ කාර්යය ඉටු කළා මිස එවකට පැවැති රජයට පක්‍ෂග්‍රාහීව කටයුතු කළේ නැහැ. නමුත් කරූ ජයසූරිය මහතා කතානායක තනතුරේ ගරුත්වය කෙළෙසමින් විකට නළුවෙක් වගේ හැසිරෙනවා.
(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’පක්ෂ මාරු කරන දේශපාලඥයන් ගැන තීරණය කරන්න මැතිවරණයක් ඕනෑ’