IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


පක්ෂය බාරදී මට ගහන්නේ මා දුප්පත් පවුලකින් පැමිණි නිසාද?


වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව දුන් පණිවිඩය ඊට මාහැඟි ශක්තියක් යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (2* පැවසීය.
වංචාව දූෂණය හොරකම නාස්තිය පිටු දකින සමාජයක් ගොඩ නැගීමට පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව කී ජනාධිපතිවරයා ඒ සඳහා තරුණ පරපුරට මෙන්ම පොදු ජනතාවට ද දේශපාලන පිපාසයක් තිබෙන බව තමා පිළිගන්නා බවද කීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ 14 සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පෙරේදා පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සංවිධානය කළ නිදහස් ජාතික මහා සම්මේලනය අමතමිනි.
තරුණ පරපුරේ රැුකියා ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා ‘‘විසඳුම’’ රැුකියා වැඩපිළිවෙළද මෙම සමුළුවේදී ඉදිරිපත් කෙරිණි.
එම ‘‘විසඳුම’’ රැුකියා වැඩපිළිවෙළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගන්වනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර සහ එහි ලේකම් එරික් වීරවර්ධන යන මහත්වරුන් විසිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ  සැබෑ දේශයකටම ගොස් තරුණ සංවිධාන පිහිටුවීම, සම්මන්ත‍්‍රණ, වැඩමුළු පැවැත්වීම හා  තරුණ තරුණියන්ගේ ගැටලූ සාකච්ඡුා ඇතුළු වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කළේය.
එහිදි තරුණ තරුණියන්ගේ ප‍්‍රමුඛතම ප‍්‍රශ්නය බවට රැුකියා ප‍්‍රශ්නය හඳුනාගෙන ඇති අතර ඒ සඳහා වන විසඳුම් යෝජනා මෙම ‘‘විසඳුම’’ රැුකියා වැඩපිළිවෙළ මගින් ඉදිරිපත් කරඇත.
එහිදි සම්මේලන ඇමැතූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.
‘‘මේ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ අද ඔබ මෙන්ම පින්වන්ත වූ භාග්‍යවන්ත වූ තරුණ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සමුළුවට තරුණ පෙරමුණට එක්වෙලා මේ ඓතිහාසික සමුළුව පවත්වන අවස්ථාවේ ඔබත් සමඟ එක්වන්නට මා පෙර පින් කර තිබුණා යැයි මට හැ`ගී යන නිසා මා ඉතාමත් සතුටු වෙනවා.
දයාබර තරුණ දරුවනේ, මේ ශාලාව තුළට අද මා පැමිණි විට ඔබේ සුන්දර පින්බර මුහුණුත් සමඟ මගේ මතකය ඇදී ගියේ මීට තිස් පස් වසරකට පෙර ඔබ මෙන්ම මමත් මේ ගෘහස්ථ ක‍්‍රීඩාංගණය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික තරුණ සමුළුව පැවැත්වුණු දිනය පිළිබඳවයි. ඒ මතකය සමඟ තිස් පස් වසරක අතීතය සහ තිස්පස් වසරක මතක සටහන් වගේම ඒ ගමන් මගෙහි දුෂ්කරතා, අභියෝග, පරාජයන් සහ ජයග‍්‍රහණයන් සමඟ නැවත අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්න ඉදිරියට යන්න, වේගවත් කරන්න, කාර්යක්ෂම කරන්න මේ රටේ සමස්ත පරපුර වෙනුවෙන් මේ ආදරණීය තරුණ පිරිස එක්වීම මහා භාග්‍යයක් කොට සලකනවා.
පක්ෂයේ ඉතිහාසය කියන්න මම කාලය ගන්නේ නැහැ. ඔබේ ජීවිත සමඟ ඔබේ යෞවනත්වය, ඔබේ තාරුණ්‍ය සමඟ එක්වී සිටින අනාගත බලාපොරොත්තු ජීවිතයේ අධිෂ්ඨානශීලීභාවයත් ඒ සියල්ල පිළිබඳව ඔබෙන් එන අදහස් සමඟ මූලික වශයෙන්ම මා මෙහි දී සඳහන් කරන්නට  ඕනෑ ඔබ වෙනුවෙන් මේ රටේ සමස්ත තරුණ පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ වශයෙන් ශාන්ත බණ්ඩාර ඔබේ තරුණ නායකත්වය ඉදිරිපත් කළ මාර්ගෝපදේශ ආයතනය පිහිටුවීම මා මේ වසරේ ඉටු කරන බව ඔබට මෙහිදී සඳහන් කරන්නට  ඕනෑ.
මගේ ඉල්ලීමක් නැතිව මධ්‍යම කාරක සභාව ආරාධනා කරලා මට පක්ෂය භාර දුන්නා නම් පක්ෂය භාර ගන්න මට ආශිර්වාද කළා නම් මම අහනවා පක්ෂය ඉදිරියට ගෙනයන්න ඇයි මට බාධා කරන්නේ. ඒ අසන ගමන්ම මා අහනවා මට ගහන්නේ මම මේ රටේ දුප්පත් පවුලකින් ගොඩනැගිච්ච කෙනෙක් නිසාද කියලා මම අහනවා. මම මේ රටේ රදළ පවුලකින් ගොඩනොනැගුණු නිසාද කියලා මම අහනවා. මම මේ රටේ ප‍්‍රභූ පන්තියෙන් ගොඩනොනැගුණු නිසාද කියලා මම අහනවා මට ගහන්නේ. නමුත් මම ඉතාම පැහැදිලිව කියන්නට  ඕනෑ දිර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ මේ රටේ දේශපාලනයත්, ශ්‍රී ලංකාවේ දේශපාලනයත්, ජාත්‍යන්තර දේශපාලනයත්, පිළිබඳව තිබෙන්නා වූ සුළු අවබෝධය සමඟ මා විශ්වාස කරනවා ඔබටත්, මටත්, මේ රටේ ප‍්‍රගතිශීලි වාමාංශික ජනතාව සමඟ සියලූ ජනකොටස් ඒකරාශී කර ගනිමින් සාර්ථක ගමනක් යන්න පුළුවන් බව මා දැඩි ලෙස විශ්වාස කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පොදු ජනතාවට අද විවෘතයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ මේ රටේ තරුණ ජනතාවට විවෘතයි. ඒ සඳහා කිසිදු බාධාවක් නැහැ. ඒ සඳහා කිසිදු වෙන් කිරීමක් නැහැ. ඒ සඳහා කිසිදු අභියෝගයක් නැහැ. ඔබත් අපත් එක් වුවහොත්, පැහැදිලි ලෙසම මේ ගමන්මගෙහි ස්ථිරසාර ජයග‍්‍රහණයක් කරන්න ඒකාන්ත වශයෙන්ම පුළුවන් කියන එක ඔබට මෙහිදී මා ඉතාමත් පැහැදිලිව සඳහන් කරනවා.
 මේ පක්ෂය ගොඩනගමින් අනාගත ආණ්ඩුවක් හදන්න අප සියලූ දෙනාම එක්ව කැපවෙමුයි කියන ගෞරවණීය ආයාචනය මා මේ සියලූ දෙනා වෙත කරනවා.
ආදරණීය තරුණ දරුවනේ, මගේ පුතත් මේ ශාලාව තුළ ඉදිරියේ වාඩි වී සිටිනවා. ඔහු වේදිකාවේ නැහැ. ඔහුට මම තරුණ සංවිධානයේ තනතුරු දීලා නැහැ. ඔහුට මම බලකායන් බාරදීලා නැහැ. මේ පක්ෂයේ සභාපති ධුරය මම භාර ගත්තේ, මගේ පවුලේ කිසිවෙකුටත් ඔටුණු පළඳන්නට නොව, මේ රටේ සමස්ත තරුණ පරපුර සමඟ මේ රටේ පොදු මහජනතාවගේ අනාගත ගමන් මග ශක්තිමත් කරලා ඉදිරියේදී ජනතාවාදී මෙහෙවරක් ඔබ වෙනුවෙන් ඉටු කිරීම සඳහායි කියන එක මා ඉතා පැහැදිලිවම සඳහන් කරන්නට  ඕනෑ.
 තරුණයෙකුගේ සිතුම් පැතුම් සමඟ, ඔහුගේ ආකල්ප අදහස් සමඟ, නව තාක්ෂණ ලෝකයේ අධි තාක්ෂණයත් සමඟ තරගකාරිත්වය සමඟ තරුණ පරපුරට ඉදිරියට යන්නට ඔබේත් මගේත් උතුම් මේ ශ්‍රේෂ්ඨ මාතෘභූමිය ගොඩනැගීම සඳහායි අප සියලූදෙනා ඒ යුග මෙහෙවර අප විසින් ඉටු කළ යුතු වෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගතවූ දශක හයහමාරක කාල සීමාව ඇතැම් විට ජයග‍්‍රණය කළා. ඇතැම් විට පරාජයන් ලැබුවා. ඇතැම් විට ඉදිරියට ගියා. ඇතැම් විට පස්සට ගියා. එහෙම පස්සට ගියත් ඇතැම් විට පරාජයට පත් වුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ඉතිහාසයේ අභිමානවත් ලෙස වැටි වැටී නැගිට නැගිට ඉස්සරහට ගොස් සැමවිටම ජයග‍්‍රහණය ළ`ගා කර ගත්තා. ඒක තමයි ඉතිහාසයේ සහතිකය. සාධකය, සාක්ෂිය සහ ආදර්ශය.
එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න මුල් සාකච්ඡුාව කරන කොට ඒ මුල් සාකච්ඡුාවට කැඳවලා ඒ තීරණය ගත්තේ 63 දෙනෙක් එක්ක. 63 දෙනෙකුගෙන් මුල් සාකච්ඡුාව කරපු බණ්ඩාරනායක මැතිතුමා 1951 අවුරුදු 05 ක් යන විට 56 ආණ්ඩුවක් හැදුවා. එහෙම නම් අද ඔබ වැනි තරුණ පිරිසක්, මෙතන පැමිණ සිටින, ඔබ මෙන්ම නොපැමිණි මේ රටේ අති ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක්, මේ රටට ආදරය කරන වාම ප‍්‍රගතිශීලී දේශපාලන බලවේගත් එක්ක මානවවාදී සමාජයක් ගොඩනැගීමේ ඒ දැඩි උවමනාව තිබෙන සෑම කෙනෙක්ම එකතු කර ගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබේ ශක්තිය ඔබේ ජවය ඔබේ දැනුම සහ ඔබේ කැපවීම මෙන්ම ඔබේ අධිෂ්ඨානය සමඟ අපට අනාගත ආණ්ඩුවක් හැදීම නුදුරු කාලයේදීම පුළුවන් කියන එක ඉතාම පැහැදිලිව ඔබට ප‍්‍රකාශ කරන්නට  ඕනෑ. ඒ සඳහා ඔබ පක්ෂය භාර ගන්න. ඒ සඳහා ඔබ තරුණ සංවිධානය භාර ගන්න. මෙතන සිටිනවා අපේ ආසන සංවිධායකවරු. මෙතන සිටිනවා අපේ දිස්ත‍්‍රික් සංවිධායකවරු. මෙතන සිටිනවා මැති ඇමැතිවරු.
ඔබ මෙන්ම තරුණ නායකයින් ගමත්, නගරයත්, රටත්. පළාතත් එක් කරමින් ඒකරාශී වී සිටිනවා. එහෙම නම් ඔබටත් මටත් ඒ සාමූහිකත්වය පොදු බව ඒ ශක්තිය තුළ කළ නොහැකි දෙයක් නොමැති බව පැහැදිලිව ඔබ තේරුම් ගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා අපිට ප‍්‍රධාන වශයෙන්ම පක්ෂය ගම තුළ විවෘත කළ යුතුයි. පක්ෂය නගරය තුළ විවෘත කළ යුතුයි. පක්ෂයේ ගමන් මාවතට සියලූ දෙනාට එක හා සමානව ඒකරාශි වෙන්න ඉඩදිය යුතුයි. ඔබේ අදහස් ඔබේ යෝජනාවලට ඔබේ හඬට සැමවිටම ඒ ප‍්‍රමුඛත්වය දීම ඉතාමත් අත්‍යවශ්‍යයයි. මා විශ්වාස කරනවා බොහෝ විට මේ වර්ෂය තුළ අපිට පළාත් පාලන මැතිවරණය තබන්නට පුළුවන්කම ලැබේවි කියලා. මේ සියලූ තරුණ දරුවන්ගෙන් මා ඉල්ලා සිටිනවා පළාත් පාලන මැතිවරණයේදී, ඔබ අපේක්ෂයකයින් ජයග‍්‍රහණය කිරීම නොව, ඔබ අපේක්ෂකයින් වෙලා ඔබ එහි නායකත්වය අරගෙන පක්ෂයේ ජයග‍්‍රහණයට ඉදිරි මාවත සකස් කරන්නයි කියලා මා ආරාධනා කර සිටිනවා.
අද මා ඉතාමත් සතුටු වෙන කරුණු කිහිපයක් තියෙනවා. අංගජන් සහෝදරයා උතුරෙන් කතා කළා. මේ ශාලාව අද පිරී තිබෙන්නේ ශාලාවේ එක් පසක එක් පැත්තක උතුරේ තරුණයන්. ශාලාවේ තවත් පසෙක නැගෙනහිර තරුණයන්. ශාලාවේ තවත් පසෙක දකුණේ තරුණයන්. ශාලාවේ තවත් පසෙක බටහිර තරුණයන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මම මේ වන විට අවුරුදු 50 කට ආසන්න කාලයක් කටයුතු කරලා තිබෙනවා. පක්ෂ ඉතිහාසය තුළ ප‍්‍රධාන වශයෙන්ම උතුරේ සහ නැගෙනහිර දමිළ සහ මුස්ලම් තරුණ පිරිසක් මේ විදියට දකුණේ තරුණයන් සමඟ එක් වෙලා පක්ෂයේ තරුණ සමුළුවක් සාර්ථක කරපු පළවෙනි ඓතිහාසික අවස්ථාව මේ අවස්ථාවයි කියලා මා ඉතා පැහැදිලිව කියනවා.
 අද දවසේ ඔබේ පැමිණීම භාග්‍යවන්ත වූ පැමිණීමක්. ඔබේ පැමිණීමෙන් අපි සතුටු වෙනවා. අපි උද්දාමයට පත් වෙනවා. මෙය ඉතාමත්ම සාර්ථක තරුණ සමුළුවක්. මේ සාර්ථක තරුණ සමුළුව ඔබටත් මටත් ඉදිරි ගමන් මග යන්න විශාල ශක්තියක්. මේ සාර්ථක තරුණ සමුළුව අද තිබෙන ආණ්ඩුව විදියට, ආණ්ඩුවේ ගමන් මග නිවැරදි කරන්න, ආණ්ඩුවට නිවැරදි ගමන් මඟක් සඳහා පණිවිඩයක් දෙන්න ඔබේ මේ පැමිණීම ඉතාමත් ශක්තියක් වුණා කියන එක මා ඉතාමත් පැහැදිලිව කියන්නට  ඕනෑ.
වංචාව, ¥ෂණය, හොරකම, නාස්තිය පිටුදකින සමාජයක් ගොඩනගන්නට  ඕනෑ. මේ රටේ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් තියෙන්නට  ඕනෑ. ඔබටත්, මටත්, මේ රටේ ඒ වගේම සමස්ත පොදු ජනතාවට. කලින් කතා කරන කොට අපේ සහෝදරවරු කිව්වා මේ රටේ තරුණ පරපුරට වගේම මේ රටේ පොදු ජනතාවට අද දේශපාලන පිපාසයක් තිබෙනවයි කියන එක මම පිළිගන්නවා. ඒ දේශපාලන පිපාසය තමයි මේ රටේ අවංක ක‍්‍රියාශීලී පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව පිළිබඳව පිපාසයක් මේ රටේ ජනතාවට තියෙනවා. මම කවුරුවත් හොඳ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුවත් මම නරකයි කියලා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැරැුද්දක් කළොත් ¥ෂණයක්, වංචාවක්, හොරකමක් නාස්තියක්, පොදු දේපළවලට හානියක් කළොත්, මේ රටේ රාජ්‍ය සම්පත් පොදු ජනතාවගේ මුදල් සම්පත් දේපළ කවුරුන් හෝ මංකොල්ල කනවා නම්, කවුරුන් හෝ අනිසි විදියට භාවිතා කරනවා නම්, කවුරුන් හෝ ඒවායින් සාක්කු පුරවා ගන්නවා නම්, මොන පක්ෂය වුණත් මම ඒ සියලූ දෙනාට විරුද්ධව ගත යුතු තීරණ අවංකව සහ එඩිතරව ගන්නවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව ප‍්‍රකාශ කරන්නට  ඕනෑ.
ඔබ රටට පණිවුඩයක් දීලා තියෙනවා. සියලූ දේශපාලන බලවේග වලට ඔබ පණිවුඩයක් දීලා තියෙනවා. මේ රටේ අවංක දේශපාලන ගමනක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ බලවේගයත් සමඟ නැවත නැගිටිනවායි කියන පණිවිඩය ඔබ අද සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී මේ රටේ සියලූ දෙනාට ඒ පණිවිඩය දීලා තිබෙනවා. ඒ පණිවිඩය දීමත් සමඟ මා විශ්වාස කරනවා ඔබටත්, මටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරන සෑම කෙනෙකුටමත් ඔබේ තරුණ ජවයෙන් ඒ සෑම කෙනෙකුටම ලැබුණු ශක්තිය ආත්මධෛර්යය ආත්ම විශ්වාසය අධිෂ්ඨානශීලීභාවය සමඟ අපිට විශිෂ්ඨ ගමනක් යන්න පුළුවන්කම තිබෙනවා. ඒ විශිෂ්ඨ ගමන අපි යමු. ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය, ඔබෙත් මගෙත් ආදරණීය රට. ඔබෙත් මගෙත් ආදරණීය ජනතාව ඔබ මෙන්ම හෙට උපදින දරුවන්ගේ අනාගතය ඔබේ ජීවිත සමඟ හෙට උපදින දරුවන්ගේ අනාගතය සුන්දර කරන්න සමෘද්ධිමත් කරන්න, වාසනාවන්ත කරන්න පින්බර කරන්න අවංකවම අපි සියලූ දෙනා කැපවෙලා ඒ ඓතිහාසික යුග මෙහෙවර ඉටුකරමුයි කියන ගෞරවණීය ආයාචනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුවට ජය වේවා. ජය වේවා. ජය වේවා. ඔබ සියලූ දෙනාට ජය වේවා’’ කියලා ඔබෙන් සමුගන්නවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා:x ‘‘ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය බාර ගත් අවස්ථාවේ ඒ තීන්දුව සියලූම දෙනා පිළිගත්තා. කිසිවෙකු විරුද්ධ වුණේ නැහැ. ඒ අනුව එතුමා සමඟ  ඉදිරියට යෑමට අප තීරණය කළා.
විවිධ අභියෝග මධ්‍යයේ ඇත්ත පැහැදිලි කිරීමට අපි ජනතාව ඉදිරියට ගියා. ජනාධිපතිතුමා එදා අපට බාර දුන් වගකීම්වලින් සියයට 80 ක් අප මේ වන විට ඉටු කර තිබෙනවා.
අපි බොරු සංඛ්‍යා ලේඛන කියන්නේ නැහැ තරුණයන් විදියට අප ඇත්ත කතා කරනවා. අපි ලංකාව පුරාම ගිහින් බල මණ්ඩල 148 ක් රැුස් කළත් අපට එකතු වුණේ එක් ලක්ෂ හත්සියයක් පමණයි. මීළඟට අපි හැම ගමකම ශ්‍රීලනිප තරුණ සමිති හදනවා. ඒ අනුව මේ වසර අවසන් වන විට ලක්ෂ 10 යක තරුණ පිරිසක් බඳවා ගැනීමේ ඉලක්කයක් අපට තිබෙනවා.’’ මෙහිදී තරුණ පෙරමුණේ නිල වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර තරුණ පෙරමුණේ ලේකම් එරික් වීරවර්ධන මහතා පිළිගැනීමේ කතාව පැවැත්විය.
යාපනය දිස්ත‍්‍රික් (එජනිස)අංගජනී රාමනාදන් මහතා ද කතා කළේය. කුලසිරි බුදවත්ත රංගායතනය ඉදිරිපත් කළ නර්තන අංගවලින් උළෙල විචිත‍්‍රවත් කෙරිණි.

ආරියරත්න රණබාහු



අදහස් (0)

පක්ෂය බාරදී මට ගහන්නේ මා දුප්පත් පවුලකින් පැමිණි නිසාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 2909 4

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 634 5

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1745 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 967 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1208 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 689 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 178 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1211 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site